Dinamina - Aarogya article - 25th March 2015
සුවහසක් ජනතාවගේ රෝග නිවාරණය කරන බොරැල්ල ආයුර්වේද රෝහල

කොළඹ මධ්‍යයේ අක්කර 9ක පමණ භූමි භාගයක පිහිටි එකම ශික්ෂණ ආයුර්වේද රෝහල වටා ඇත්තේ නවීකරණය වූ පරිසරයක්. නමුත් එහි ද්වාරයෙන් ඇතුළු වූ විට හැඟෙනුයේ කලබලකාරී පරිසරය ඇත්තේ ගව් ගණනක් පමණ දුරින් බවයි. නමුත් දුම් දමා දුවන බස් රථ, මෝටර් රථවලින් ගහන පරිසරයත් සමඟ නවීන පහසුකම් කොතෙකුත් තිබුණත් අප ලෙඩ කරන මෙවැනි පාරිසරික බලපෑම් කොතෙකුත් මෙම බොරැල්ල ආයුර්වේද ශික්ෂණ රෝහල වටා පැවතුණත් ඉන් ඇතුළත පැවතිනුයේ ඉතාමත් නිදහස් බවකි. අතීතයේ ගාම්භීරත්වය කියාපාන විශාල රුක් මෙහි වැජඹෙන්නේ රෝහලේ ශ්‍රී විභූතිය පෙන්වා දෙමිනි.
1929 වර්ෂයේදී ආරම්භ වුණු මෙම රෝහල ස්වදේශ වෛද්‍ය විද්‍යාලයට සම්බන්ධව කටයුතු කෙරී ඇත. සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය යටතේ පවතින ආයුර්වේද දෙපාර්තමේන්තුව ශික්ෂණ රෝහලක් ලෙස පවත්වා ගෙන යනු ලැබේ.
රෝහල ගැන
ආයුර්වේද, සිද්ධ, යුනාහි යන ක්‍රම තුනෙන්ම රෝහලේ ප්‍රතිකාර විධි පවත්වා ගෙන යනු ලැබේ. රෝහලේ ප්‍රධාන අංශ 3ක් කෙරේ අවධානය යොමු කිරීමට හැකියි. බාහිර අංශය, නේවාසික අංශය හා ඖෂධ නිෂ්පාදනය මෙලෙස වෙන් කෙරුණු ප්‍රධාන අංශ තුනයි. ඊට අමතරව සියලුම නේවාසික රෝගීන් සඳහා ආහාර පිළියෙල කෙරෙන මුළුතැන් ගෙයක් ද මෙහි පවත්වාගෙන යාම සිදුවන්නේ නොමිලේ වීම විශේෂ කරුණකි. එසේම ප්‍රතිකාර කිරීම ඇතුළු සියලුම සේවා සිදුවන්නේද නොමිලේයි.
එමෙන්ම ශික්ෂණ රෝහලක් වීම නිසා කොළඹ විශ්ව විද්‍යාලයේ දේශිය වෛද්‍ය විද්‍යාතනයේ පශ්චාත් උපාධිය හදාරණ සිසුන් පර්යේෂණ සඳහා මෙහි පැමිණීම ද සිදු වේ. එවැනි පර්යේෂණ කටයුතු මෙම රෝහල හරහා සිදු වේ. මේ වනවිට රෝහලේ වාට්ටු 14කින් සමන්විත වන අතර මෙහි සේවය කරන හෙද හෙදියන් ගණන 26 දෙනෙකි. 106 ක් මෙහි වෛද්‍යවරු
සේවය ලබා දෙයි. ඒ සඳහා විශේෂඥ හා ශ්‍රේණිගත වෛද්‍යවරු ඇතුළුව පාරම්පරික විශේෂ වෛද්‍යවරු සේවය කරයි. එසේම රෝහලේ සේවා සහායකින් හා උපස්ථායකයින් 600ක් පමණ වේ. වර්තමානයේ එහි අධ්‍යක්ෂ ධූරය හොබවන්නේ ජ්‍යෙෂ්ඨ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ඩී.එච්. තෙන්නකොන් මහතායි. නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන්නේ වෛද්‍ය ධනපාල හෙට්ටිආරච්චිගේ මහතායි.

බාහිර රෝගී අංශය
රෝහලේ බාහිර රෝගී අංශයේ ප්‍රධාන වෛද්‍ය නිළධාරිනිය ලෙස ජ්‍යෙෂ්ඨ වෛද්‍ය රමණි එදිරිසිංහ මහත්මිය කටයුතු කරගෙන යනු ලබයි. බාහිර රෝගී අංශය සතියේ දිනවල ප්‍රතිකාර ලබා දීම සවස 6 තෙක් දීර්ඝ කර ඇත. එසේම සෙනසුරාදා හා ඉරිදා දිනය ද විවෘතව ඇත. ඉරිදා උදේ 8 සිට 1 දක්වා ප්‍රතිකාර ලබාදීම සිදු වේ. රෝගීන් ඇතුළත් කර ගැනීම පැය 24 පුරාම සිදු වේ. සාමාන්‍ය එදිනෙදා පැමිණෙන රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා වෙනම අංශයකින් සේවය ලබා දේ. විශේෂිත රෝගීන් ඒ ඒ සායනවලට යොමු කෙරෙනු ලැබේ. මෙහි විශේෂිත වූ සායන අංශ කිහිපයකින් ද සමන්විතයි. මෙහි හදිසි ප්‍රතිකාර ඒකකයක් ද ඇත. මෙහිදී හදිසි ප්‍රථමාධාර හා රුධිර පරීක්ෂණවලට යොමු කිරීම වැනි කටයුතු සිදු කෙරේ.
රෝහලේ සායන
ශාලක්‍ය (ENT)සායන, ශල්‍ය සායනය (ඉන්නන්, ගල්තැලුම්, කල් ගත වූ තුවාල බගන්දරා අර්ශස්) යුනානි වෛද්‍ය සායනය, දන්ත සායනය,සන්ධි රෝග සායනය,ළමා රෝග සායනය, මනෝ උපදේශන සායනය,කැඩුම් බිඳුම් සායනය,පාරම්පරික වෛද්‍ය සේවය, සිද්ධ වෛද්‍ය අංශය,පංචකර්ම සායනය, කායික රෝග සායනය, ස්ත්‍රී රෝග සායනය, දේශිය චිකිත්සා,ස්ථුලතාව පිළිබඳ සායනය,ස්වස්තවෘත පිළිබඳ සායනය,සන්ධි රෝග පිළිබඳ සායනය, කටු චිකිත්සාව,යෝග ප්‍රතිකාර ඒකකය,පංචකර්ම,ඖෂධ නිෂ්පාදනාගාරය
රසායනාගාරය

යෝග ප්‍රතිකාර ඒකකය
මෙහි පවත්වා ගෙන යනු ලබන යෝග ප්‍රතිකාර සිදු කරන්නේ නිර්දේශිත රෝගීන් වෙනුවෙනි. මෙම ඒකකය බාරව විශේෂඥ වෛද්‍යවරයෙක් කටයුතු කරයි. කායික හා මානසික සුවතාවය පිණිසත් නිරෝගි ජීවිතයකට සිරුර හැඩ ගස්වා ගැනීමටත් යෝග ඉවහල් වේ.
පංචකර්ම
වමන, විරේචන, නස්‍ය වස්ති, හාරක්ත මෝක්ෂණ ක්‍රමය මෙම පංචකර්ම වේ. පංචකර්ම අංශයෙන් මේවා සිදු කරන්නේ මෙහි නේවාසික රෝගීන් සඳහායි. ශීරෝධාර, සර්වාංගාර, තක්‍රධාරා, අන්නාවලේප, පිණ්ඩස්වේද, වාෂ්පස්වේද, අවසාන, පර්ශේඛ, ශිරෝවස්ති යන විවිධ රෝග ප්‍රතිකාර යොදයි.
ඖෂධ නිෂ්පාදනාගාරය

රෝහලේ වාට්ටු
වාට්ටු 14 කින් සමන්විත මෙහි විවිධ රෝග සඳහා වෙන් කර ඇත. ළමා වාට්ටුවක් හා ස්ත්‍රී රෝග වාට්ටුවක් පවත්වා ගෙන යනු ලබයි. භික්ෂු වාට්ටුවක් භික්ෂු රෝගීන් සඳහා ඇති අතර ගෙවන වාට්ටු 3ක් ද පවත්වාගෙන යනු ලැබේ. ඊට අමතරව පංච කර්ම වාට්ටු 2 පිරිමි හා ගැහැණු වශයෙන් වෙන්කොට වෙනමම ඇත. ශල්‍ය වාට්ටුවක් ද මෙහි ඇත. කායික රෝග සාමාන්‍ය වාට්ටු ද මෙහි පවත්වාගෙන යනු ලැබේ. කටු චිකිත්සාව සඳහා වෙනමම සායනයක් මෙන්ම ඒ සඳහා වෙනමම ඒකකයක් ද මෙහි පිහිටුවා ඇත.

ලබන මස සිට දෙවන අදියර ලෙස තට්ටු 8කින් යුත් වාට්ටු සංකීර්ණයක් ගොඩනැඟීමට නියමිත බව එහි අධ්‍යක්ෂවරයා දන්වා සිටියි. එහි පළමු අදියර ලෙස මෙහි බාහිර රෝගී අංශය තට්ටු 5කින් සමන්විතව නිම කරන ලදී.
ඒ අනුව ඉදිරියේදී නිම කෙරෙන මෙම වාට්ටු සංකීර්ණ නිසා නේවාසික ඇඳන් සියල්ලම 750 ක් වන පමණ සේවාව දිය හැකි බව පෙනී යන කරුණක්.
මහජනතාවට සෙත සැලසීම හා නේවාසික පහසුකම පුළුල් කිරීම මම වැඩි සේවයක් ලබාදීම මෙහි අරමුණ වී ඇත. එසේම මනා රෝගී සත්කාරයක් අභ්‍යන්තර හා බාහිර රෝගීන්ට ලබාදීමට කටයුතු සැලසීම ද මෙහි අරමුණු බව රෝහලේ ප්‍රධාන පරමාර්තය ද වන්නේය.
Dinamina - Aarogya article - 5th October 2010
හෙළ වෙදකමින් රෝග සුවකරන බොරැල්ල ආයුර්වේද රෝහල

ශාක භක්ෂකයින් ලෙස ජීවත්වූ මුල් කාලයේදී මිනිසාට ඖෂධ අවශ්‍ය නොවුණි. එයට හේතුව ආහාරයට ගන්නා සියලුම ගස්, වැල්, ගෙඩි, පොතු හා අනිකුත් දෑවල ඖෂධීය ගුණයක් තිබුණු බැවිනි.
කෙසේ වුවද මිනිසාගේ ආහාර රටාවත් දෛනික ජීවිතයත් වෙනස් වන්නට පටන් ගැනීමත් සමඟ මිනිසාට නොයෙකුත් ලෙඩ රෝග ඇතිවන්නට විය.
මේ රෝගී තත්ත්වයන් සඳහා බෙහෙත් නිෂ්පාදනය සිදුවන්නේ මිනිසා විසින් ආහාරයට ගනු ලැබූ නොයෙක් පැළෑටි, ගස්වැල් මුල්කර ගනිමිනි.
එදා ආයුර්වේදයේ දැක්වූ දසමූල අරිෂ්ටය අද ද නොවෙනස්ව පවතිනුයේ ආයුර්වේදයේ ගුණාත්මක බව පවසමිනි.
සෘෂිවරුන් විසින් මෙරටට හඳුන්වා දුන් හෙළ වෙදකම දියුණු තත්ත්වයට පත්වෙමින් අද වන විට රාජ්‍ය අනුග්‍රහය ද ලබමින් රෝගී ජනතාවට මහත් සේවයක් සපයයි.
ගමේ වෙදගෙදර දී සිදුකළ ප්‍රතිකාර ක්‍රමය රජයේ මැදිහත් වීමෙන් ආයුර්වේද රෝහල වෙත සංක්‍රමණය වන්නේ ජනතාවට නොමිලේ බෙහෙත් ලබාගැනීමේ පහසුකම ද සපයා දෙමිනි.
ඕනෑම රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබාදිය හැකි මට්ටමට මේ වන විට ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමය සංවර්ධනය වී ඇත.
එවැනි පසුබිමක් සැකසෙන්නේ රාජ්‍ය අනුග්‍රහය ලබමින් ආයුර්වේද රෝහල්වලින් සිදුවන මෙහෙය නිසාය.
බොරැල්ල ආයුර්වේද ශික්ෂණ රෝහල මෙරට ඇති ප්‍රධානම ආයුර්වේද රෝහල්වලින් එකකි. එහි අධ්‍යක්‍ෂ වෛද්‍ය ඩී. එච්. තෙන්නකෝන් මහතා රෝහල පිළිබඳව අදහස් දැක්වූයේ මෙසේයි.
මේ රෝහලට රෝගියෙක් ආ පළමු දිනයේදී ලේඛණගත කිරීමක් කරනවා. පළමුව රෝගියා ටිකට් කවුන්ටරයට පැමිණිය යුතුයි. එහිදී අංක 01 ආයුර්වේද පත්‍රය හා අංක 2 ආයුර්වේද පත්‍රය ලබාදීම සිදුවේ. ආයුර්වේද 01 පත්‍රිකාවේ වෛද්‍යවරයා විසින් රෝගියාට අවශ්‍ය ඖෂධ සටහන් කරනවා. ආයුර්වේද 01 පත්‍රිකාව රෝහලේ තබාගෙන ආයුර්වේද 02 පත්‍රිකාව රෝගියාට ලබාගත හැකියි. එම පත්‍රිකාව නැවත බෙහෙත් ලබාගැනීමට පැමිණීමේදී රෝහලට ඉදිරිපත් කළ යුතුයි.

මේ ඒකකයෙන් ප්‍රතිකාර ලබාගෙන පිටව යා හැකි රෝගීන්ට අවශ්‍ය ඖෂධ නොමිලේ ලබාදීම සිදුකෙරේ. විශේෂඥ ප්‍රතිකාර අවශ්‍ය රෝගීන් අදාළ සායන දින සඳහා යොමුවිය යුතුයි.
මේ ප්‍රතිකාර ක්‍රමයේදී රෝගීන් නොකඩවා එක දිගට ප්‍රතිකාර ලබාගත යුතුයි. ඒ නිසා නියමිත සායන දින සඳහා රෝගීන් පැමිණීම වැදගත්. බාහිර රෝගී අංශයෙන් දිනකට රෝගීන් 500 ක් පමණ ප්‍රතිකාර ලබා ගන්නවා.
නේවාසික ප්‍රතිකාර සඳහා රෝගීන් ඇතුළත් කිරීම ආකාර දෙකකට සිදුකෙරේ. හදිසි රෝගීන් ඇතුළත් කර ගැනීම හා සායන සඳහා පැමිණෙන රෝගීන්ට විශේෂඥ වෛද්‍ය උපදෙස් මත නේවාසික ප්‍රතිකාර ලබා දීම කරනවා.
මේ රෝහල රජයේ රෝහලක්. සාමාන්‍ය වාට්ටු 09 ක් සහ භික්ෂු වාට්ටුවක් අපි පවත්වාගෙන යනවා. නේවාසික ප්‍රතිකාර සඳහා රෝගීන් 180 දෙනෙකුට පමණ පහසුකම් තිබේ. අවුරුද්දකට මේ රෝහලෙන් රෝගීන් 2500 ක් පමණ නේවාසික ප්‍රතිකාර ලබා ගනී.

ශල්‍යකර්ම මගින් සුව කළ යුතු රෝග මේ රෝහලේදී ශල්‍යකර්ම නැතිව ඖෂධ මගින් සුව කළ හැකි වුණා. අර්ශස් හා බගන්දර රෝගීන් රැසක් ශල්‍යකර්ම නැතිව සුව කිරීමට හැකිවුණා. එහිදී අපි ක්‍ෂාර සූත්‍ර ප්‍රතිකාර ක්‍රමය අනුගමනය කලා.
උගුර, කන, නාස රෝග සඳහාත් මේ රෝහලේ ප්‍රතිකාර ලබාදීම කෙරෙනවා. අංශභාග, දියවැඩියාව, ගැස්ට්‍රයිටීස්, වාත, සෙම්, පිත් රෝග සඳහා හොඳ ප්‍රතිකාර ක්‍රමයක් මේ රෝහලේ ක්‍රියාත්මක වෙනවා.
මේ රෝහලේ රෝගීන් සඳහා දේශීය ඖෂධ, ආහාර, නේවාසික පහසුකම් සියල්ල නොමිලේ ලබාදීමත් විශේෂත්වයක්. සම්භාහන, කොරියානු කටු චිකිත්සා, දරු ඵල නැතිකම, ගර්භාෂයේ ගෙඩි, ස්ත්‍රී රෝග සඳහා සුවිශේෂී ප්‍රතිකාර මේ රෝහලේ සිදුවෙනවා. මේ සෑම රෝගයක් සඳහාම ආයුර්වේද විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාර ලබාගත හැකියි.

නේවාසික හා බාහිර රෝගීන් සඳහා ඉතාම සුහදශීලී ප්‍රතිකාර සේවාවක් ලබාදීම සඳහා රෝහල් කාර්ය මණ්ඩලය සැදී පැහැදී සිටී. කාර්ය මණ්ඩලය සඳහා විශේෂ පුහුණුවීම් ලබා දෙනවා.
මේ රෝහලේ යටිතල පහසුකම් තව දියුණු විය යුතුයි. ඖෂධ නිෂ්පාදන අංශය තවත් දියුණු කළ යුතුයි.

මේ රෝහලේ ගෙවන වාට්ටු සඳහා අයකරන්නේ දිනකට රුපියල් 750 ක් පමණයි. එම රෝගීන්ට ආහාර, ඖෂධ, නවාතැන් පහසුකම් රෝහලෙන් ලබා දෙනවා.
මේ රෝහල ආදායම් උපයා ගන්නා රෝහලක් බවට පත්කිරීම මඟින් මහා භාණ්ඩාගාරයෙන් දරණ වියදම අඩු කළ හැකියි.
වෛද්‍ය පරීක්‍ෂණාගාරය නවීන පහසුකම් සහිතව දියුණු කළ යුතුයි. එක්ස් රේ පහසුකම්, අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් පහසුකම් ආදී නවීන තාක්ෂණයත්, සේවකයන්ගේ මානසික සංවර්ධනයත් සෑම අංශයක් පිළිබඳවම සේවකයන් පුරුදු පුහුණු කිරීමත් අපට අවශ්‍යයි. සේවක දිරිගැන්වීම සඳහා ක්‍රමවේදයක් සකස් කිරීමත් සේවක විනය සැකසීමත් කළ යුතු වෙනවා.
ආයුර්වේද ප්‍රතිකාරයේදී රෝගීන්ට සුදුසු දේ පත්‍ය ලෙසත්, නුසුදුසු දේ අපත්‍ය ලෙසත් හැඳින්වේ. රෝගී සත්කාරයේදී ආහාර, නේවාසික පහසුකම් හා ඖෂධ ලබාදීමේදී මේ ගැන දැඩි සැලකිල්ලක් දක්වනවා. රෝගීන් රැකබලා ගැනීමේදී එක් එක් රෝගීන්ට අවශ්‍ය දේ විවිදයි. ඒ නිසා ප්‍රතිකාර ලබාදීමේදී රෝහල් කාර්ය මණ්ඩලයට විශාල කැපකිරීම් කිරීමට වෙනවා. විශේෂයෙන්ම මේ රෝහලේදී රෝගීන්ට ඇඳක් ලබාදීමත්, සුදුසු පරිසරයක් ලබාදීමත් ඉතා වැදගත්. මේ රෝහලට රෝගීන් ඇතුළත් කිරීමේදී භාරකරුවෙක් අනිවාර්යයි. එයට හේතුව මේ රෝහලේ ප්‍රතිකාර ලබාගන්නේ වැඩි වශයෙන් වයෝවෘද්ධ හා කායික වශයෙන් බොහෝ දුබලතා ඇති අයයි. ඒ නිසා මේ රෝගීන් ගැන නිරන්තර අවධානයෙන් සිටිය යුතුයි.

රෝගියෙක් නේවාසික ප්‍රතිකාර සඳහා රෝහලේ තබා ගත හැක්කේ උපරිම මාස 03 ක් පමණයි. ඉන්පසු වැඩිදුර ප්‍රතිකාර අවශ්‍ය නම් රෝහලේ සායන වෙත යොමු කෙරෙනවා.
මේ රෝහලේ ශල්‍යාගාර සේවාව ආකාර තුනකට කෙරෙනවා. ක්‍ෂාර කර්ම යටතේ අර්ශස්, බගන්ධර සඳහාත්, රක්ත මෝක්ෂ යටතේ කූ®ඩැල්ලන් හෝ කටු විද ලේ මුදාහැරීම මඟින් ප්‍රතිකාර සපයනවා. අග්නි කර්ම යටතේ පිච්චීම මගින් ප්‍රතිකාර කෙරෙනවා. මේ යටතේ සුව නොවන තුවාල නහර ගැට ගැසීම, ගල් තැලුම්, ඉන්නන්, කාලීන තුවාල, කුෂ්ට, දද, විලුබේ ඇති කැක්කුම්, බෙල්ලේ ඇතිවන වේදනා සඳහා ප්‍රතිකාර ලබා දිය හැකියි.
ඖෂධ නිෂ්පාදනාගාරය මගින් රෝහලට අවශ්‍ය සියලුම ඖෂධ නිෂ්පාදනය කෙරෙනවා. පත්තු, කෂාය, අරිෂ්ට, චූර්ණ. තෙල්, බෙහෙත් ගුලි, බෙහෙත් කුඩු මේ යටතේ නිෂ්පාදනය කෙරෙනවා.

No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.