Base Hospital - Horana

Dinamina - Aarogya article - 11th August 2010

රෝගවලින් තොර හෙටක් පතන හොරණ මූලික රෝහල



සැමට සමාන සෞඛ්‍ය පහසුකම් ලබා ගැනීමේ අයිතියක් ඇත. නිදහස් සෞඛ්‍ය සේවාව පවතින රටක් ලෙස මෙරට ප්‍රජාවට එම අවස්ථාව බොහෝවිට ලැබී තිබේ.
කොළඹින් පිට ග්‍රාමීය ප්‍රදේශවලද සෞඛ්‍ය පහසුකම් මේ වනවිට ඉතා හොඳ මට්ටමක පවතී. විශේෂයෙන්ම ග්‍රාමීය රෝහල්වලට නවීන තාක්ෂණික දැනුම හා යන්ත්‍ර ලැබීම නිසා ග්‍රාමීය ජනයාටද උසස් සෞඛ්‍ය සේවාවක් ලබාගැනීමේ ඉඩ ප්‍රස්ථා සැකසී තිබීම වටී. එවන් මෙහෙවරක නිරතව සිටින හොරණ මූලික රෝහල පිළිබඳ, එම රෝහලේ වෛද්‍ය අධිකාරී තමර කළුබෝවිල මහතා අදහස් දක්වා සිටියේ මෙසේය.
මේ රෝහල සෞඛ්‍ය ප්‍රවර්ධන රෝහලක්. රෝගීන්ට රෝගී වුණාට පසු ප්‍රතිකාර කරනවට වඩා, රෝගි නොවී ඉන්න ප්‍රජාව දැනුවත් කිරීම අපි වැදගත් කියලා සලකනවා.
රෝගියා, රෝගීන්ගේ ඥාතීන්, පරිසරය, හිතවතුන් මේ සියල්ල ගැන හිතලා තමයි අපි ප්‍රතිකාර කරන්නේ. ඒ වගේම රෝගියෙක් මේ ස්ථානයට එන එක නැවැත්වීම තමයි අපේ බලාපොරොත්තුව, මේ සඳහා ප්‍රජාවට රෝගී නොවී ඉන්න පුළුවන් ආකාරය කියාදීම අප කළ යුතු දෙයක්.
අපේ දර්ශනය ‘රෝගවලින් තොර හෙටක් - සීමාවන්ගෙන් තොර රෝහලක්.
පුළුවන් තරම් ප්‍රජාවට සෞඛ්‍ය ප්‍රවර්ධන හා ආරක්ෂිත සෞඛ්‍ය මට්ටමක් ලබාදීලා, අපේ උපරිම කාර්යක්ෂමතාව යොදලා, රෝගීන්ගේ උපරිම තෘප්තිය සඳහා සේවා සැපැයීම කාර්ය මණ්ඩලය මගින් සිදුවෙනවා.
අපේ සියලු ම වෘත්තීය හා භෞතික සීමා ඉක්මවලා තමයි අප සේවය කරන්නේ. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බොහෝ අය ‘මේ මගේ කාර්ය’ කියලා බෙදාගෙන තියෙනවා. මේ වෘත්තීය සීමා නිසා බොහෝ ප්‍රශ්න ඇති වෙනවා. ඒත් අපි එවැනි සීමාවන්ට කොටුවෙලා නැහැ. රාජකාරී වේලාවන්ට අමතරව පවා අපි රෝහලේ වැඩ කරනවා. ඒ වගේම වැඩකරන වෙලාවෙත් හැකි උපරිම රෝගීන් ප්‍රමාණයකට සේවාව සපයන්න තමයි රෝහල් කාර්ය මණ්ඩලය වෙහෙසෙන්නේ.
උදේ 7.30 ට බාහිර රෝගී අංශයේ වැඩ පටන් ගන්නේ. කෑම පැය කියලා, එකක් නැහැ. දිගටම ප්‍රතිකාර ලබාදීම, බෙහෙත් නිකුත් කිරීම කරනවා.
බෙහෙත් ලබාදෙන්න තියෙන කවුන්ටර් ගණන මදිවීම අපට ගැටලුවක්. ඒ අංශය තව දියුණු කළ යුතුයි. බාහිර රෝගී අංශයට දවසකට 800 ක් පමණ රෝගීන් එනවා. මේ අය කිසිදු රස්තියාදුවකින් තොරව ප්‍රතිකාර අරගෙන නිවෙස්වලට යනවා.
සාමාන්‍ය සත්කාරයේදී කරන්නේ රෝගියාට බෙහෙත් ටික දීලා රෝහලෙන් පිටකරන එකයි. ඒත් දැන් එහෙම නෙවෙයි. රෝගියාගෙ තියෙන අවදානම් තත්ත්වය ගැන හොයලා ඒ අවදානම් තත්ත්වය අයින් කිරීමට, අප වැඩියෙන් මහන්සි වෙනවා.
දුම්බීම, ව්‍යායාම් අඩු බව, බර වැඩිකම වගේ දේවල්වලදී රෝගීන්ට උපදේශන සේවා සපයන්න අපි වෙනම ඒකක හදලා තියෙනවා.
අපේ ඉදිරි ඉලක්ක තමයි රෝහලයි මිනිස්සුයි අතර වැඩි සම්බන්ධතාවක් පවත්වා ගැනීම. ඕනම වෙලාවක රෝහලට ඇවිත්, අපි සමඟ වැඩ කටයුතු කරන්න පරිසරය හැදීම වැදගත් කටයුත්තක්.
සමහර රෝගීන්ට රෝහලට පැමිණියත් රෝගවලට ප්‍රතිකාර ලබා ගැනීමට යන වියදම වැඩියි. ඒවගේ අයට වියදම් කරන්න වෙනම අංශයක් අපේ තියෙනවා. මේ සඳහා මේ ප්‍රදේශයේ ආයතන ගණනාවක්, දානපතියන් කීපදෙනෙක් අපට අනුග්‍රහය දක්වනවා. රෝහල් කමිටුව රුපියල් තුන් දහසක් වෙනකන් වියදම් කරනවා.
රෝහල් හා සෞඛ්‍ය සේවා සංවිධාන අපිට උදවු කරනවා. අපි මේ වෙනකොට රුපියල් ලක්ෂ 30 ක් වියදම් කරලා රෝගී ජීවිතයක් බේරගෙන තියෙනවා. මේ රෝගියාව කිසිම රෝහලකින් බාරගත්තේ නැහැ. ජීවත් කරවන්න බැහැ කිව්වා. එයා ගැබිනි කාලෙදි අක්මාව නරක් වුණු රෝගියෙක්. අපි කොහොම හරි ශල්‍යකර්ම කරලා රෝගියාව බේරගත්තා. ඒ අවස්ථාවේදී රෝහලේ සමස්ත කාර්ය මණ්ඩලයම විශාල කැපවීමක් කළා.
මේ රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ කැපවීම ඉහළ මට්ටමක තියෙනවා. ඕනෑම අවස්ථාවකට මුහුණදෙන්න පුළුවන් රෝහල් කාර්ය මණ්ඩලයක් අපට ඉන්නවා.
මේ රෝහලේ මරණ අනුපාතය ඉතාම අඩුයි. අපේ සායනවලට රෝගීන් බොහෝ ප්‍රමාණයක් එනවා. ඒ නිසා අපි ගමට සායන ගෙන ගියා. අපි ජංගම සායන 06 ක් පවත්වනවා. කුරණ, වගවත්ත, ගුරුගොඩ, රත්මල්ගොඩ, මිරිස්වත්ත, අරුණගම යන ප්‍රදේශවල එම සායන පැවැත්වෙන්නේ. මේ සායනවලට එන රෝගීන් දැනුවත් කරනවා. ඒ නිසා මේ අය වෙනත් රෝගීන්ට වඩා දැනුවත්.
රෝහලේ වාට්ටු අපි පිරිසුදුව පවත්වාගෙන යනවා. ඒවගේම අපේ කාර්ය මණ්ඩලයේ ආකල්ප, කුසලතා, නායකත්ව හැකියා වර්ධනය කර ගන්න විශේෂ වැඩසටහන් කරනවා. ඒවා නැතිව විෂමතා අඩුකර ගන්න බැහැ. ඒ නිසා ඒ අයව අපි දැනුමෙන් වර්ධනය කරනවා.
මේ රෝහලෙන් පශ්චාත් උපාධිවලට සමත්වෙන වෛද්‍යවරු ප්‍රමාණය වැඩිවෙලා තියෙනවා. මේ වසරෙදි පමණක් වෛද්‍යවරු 12 ක් තේරිලා ඉන්නවා.
ප්‍රජා සෞඛ්‍ය ප්‍රවර්ධනය යටතේ් රෝහලේ උපදේශන සේවා සඳහා විශේෂ ඒකකයක් තියෙනවා. ආසාධන පාලන අංශය මගින් ඕනෑම රෝගී තත්ත්වයකට උපදෙස් ගන්න පුළුවන්. ඒ වගේම බෝ නොවන රෝග සඳහාත් උපදේශන සේවා සැපැයෙනවා. ප්‍රජා සෞඛ්‍ය අංශයෙන් කෙරෙන වැදගත් දෙයක් හැටියට පාසල්වල සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම හඳුන්වා දෙන්න පුළුවන්.
අපි පාසලට ගිහින් ළමයි, ගුරුවරුන් දැනුවත් කරනවා. රජයේ රැකියා ස්ථානවල ප්‍රථමාධාර පුුහුණු කිරීම, ඒ අයගේ සෞඛ්‍ය තත්ත්වය බැලීමට අප උදවු වෙනවා. ඒ වගේම පාසල්වලින් බෙහෙත් දාන්න කවර හදලා අපට එවනවා. අපි කරන සේවයට ඒ අයත් අපට උදවු කරනවා. ඕර්‍ණධ් ව්‍යාපෘතිය යටතේ් ඇති කර්මාන්ත ශාලාවලින් රෝහල් වාට්ටු නඩත්තු කරනවා. මෙහෙ තියෙන හැම ආයතනයක්ම රෝහල සමඟ සම්බන්ධයි. මේ ක්‍රමයෙන් දෙපැත්තටම ප්‍රතිලාභ ලැබනෙවා.
ප්‍රජාවේ සිදුවන ඕනෑම හදිසි අවස්ථාවකට මුහුණ දෙන්න අපට පුළුවන්. ඒ සඳහා ජංගම ප්‍රතිකාර ඒකකයක් රෝහල සතුයි.
කසළ කළමනාකරණයේදී නගර සභාවට අපි යොමු කරන්නේ ආහාර ඉතිරිවුණ දේවල් විතරයි. අනෙක්වා අපි වෙන වෙනම පරිසරයට හිතකර වන ආකාරයෙන් ඉවත් කරනවා. අපේ රෝහලට අක්කර 15 ක ඉඩමක් තිබෙනවා. හොඳ කොම්පෝස්ට් ඒකකයක් හදන්න අපට හැකියාව තිබෙනවා.
මූලික ප්‍රතිකාර ඒකකය මේ රෝහලේ හොඳ සේවාවක් සපයන තැනක්. ඒ මගින් රෝගියා සමඟ ඉතා ඉක්මනින් වෛද්‍යවරයා සම්බන්ධ කරනවා. රෝහලට එන සෑම රෝගියෙක්ම නේවාසික ප්‍රතිකාරවලට යොමු නොකර, තාවකාලිකව මේ ඒකකයේ රඳවා තබාගෙන, ප්‍රතිකාරවලින් පසු නැවත නිවෙස් බලා යාමට හැකියි.
මේ නිසා රෝහල් වාට්ටුවල තදබදය අඩුයි. මේ රෝහලේ මානසික ඒකකයෙන් විශාල වැඩකොටසක් කෙරෙනවා. සඳුදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා සෙනසුරාදා තමයි අපි අලුත් රෝගීන් බලන්නේ. අඟහරුවාදා, බදාදා කලින් සායනවලට පැමිණි රෝගීන්ට ප්‍රතිකාර කිරීම කෙරෙනවා.
සියදිවි නසා ගැනීම් සඳහා යොමුවුණු විශාල පිරිසකට අපි උපදෙස් ලබාදී ඒ අය එම තත්ත්වයෙන් මුදාගෙන තියෙනවා. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්, පාසල් නොයන ළමයින්, මන්දබුද්ධික අය, විවිධ චර්යාවල වෙනස්කම් ඇති අය, මුරණ්ඩු ළමයින්, මනෝ සමාජයීය ගැටලු සහිත අය, ලිංගික ගැටලු ඇති අයට උපදෙස් ලබා දීමත් කෙරෙනවා.
මසකට මානසික රෝගීන් 800 ක් පමණ මේ ඒකකයට එනවා. වසරකට සියදිවි නසාගන්න තැත්කරන අය 350 ක් පමණ රෝහලට එනවා. මේ අය අතරින් 75% ක්ම වයස අවුරුදු 40 ට අඩු අයයි.
හොරණ මූලික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය තමර කළුබෝවිල
සෞඛ්‍ය අධ්‍යාපන හා මහජන සම්බන්ධතා අංශයෙන් ප්‍රධාන කාර්යන් තුනක් කෙරෙනවා. දියවැඩියා උපදේශනය යටතේ දියවැඩියා රෝගීන්ගේ ආහාර පාලනය, උපදේශන පැවැත්වීම, බෙහෙත් ලබාදීම මේ මඟින් කෙරෙනවා. දියවැඩියා රෝගීන් 400 ක් පමණ ඉන්නවා.
ඒ අය අතරින් ඉන්සියුලින් ලබාදුන් රෝගීන් 15 ක් පමණ දැන් පෙතිවලට හරවලා හොඳ ප්‍රගතියක් දකිනවා. ආසාධන පාලනය යටතේ ක්ෂය රෝගීන්ට බෙහෙත් සැපැයීම, ලාදුරු හා සමාජ රෝග, බෝවන රෝග ලැයිස්තුවට අයත් සියලු රෝග සඳහා අවශ්‍ය උපදේශන හා බෙහෙත් ලබාදීම කෙරෙනවා.
රෝහල ඇතුළේ හා පිටත සෞඛ්‍ය අධ්‍යාපන වැඩසටහන් සම්බන්ධීකරණය කෙරෙන්නේ සෞඛ්‍ය අධ්‍යාපන අංශයෙන්.
මේ රෝහලේ සියලු කටයුතු සඳහා හොරණ අවට ඇති රාජ්‍ය හා පෞද්ගලික අංශ අපට උදවු කරනවා. රෝහලේ දියුණුවට ඒ අය විශාල පරිත්‍යාග කරනවා.
රෝහලේ වාට්ටු බොහොමයක් අලුත්වැඩියාව කරන්නේ ඒ අයයි. රෝහල් වාට්ටු බෙහෝ ඒවා පෞද්ගලික පරිත්‍යාගයි. මහින්ද ජයරත්න මහතා තමාට හිමි නිවසක් විකුණලා කාඩියොලොජි ස්කෑන් යන්ත්‍රයක් ලබා දුන්නා. එම යන්ත්‍රය රුපියල් ලක්ෂ 45 ක් විතර වටිනවා.
මේ රෝහලට වසරකට රෝගීන් 60000 පමණ ඇතුල් වෙනවා. රෝහලේ ඇඳන් 449 ක් තියෙනවා. ශ්‍රේණි වෛද්‍ය නිලධාරින් 75 ක්, විශේෂඥ වෛද්‍යවරුන් 11 ක් හෙද කාර්ය මණ්ඩලය 270 ක් ඉන්නවා.
මේ රෝහලේ ශල්‍ය, ප්‍රසව හා නාරි, ළමා, අක්ෂි, භික්ෂු හා වෛද්‍ය වාට්ටු ලෙස රෝහල් වාට්ටු පවත්වාගෙන යනවා.
නොමේරූ ළදරු දැඩිසත්කාර, ප්‍රාථමික ප්‍ර‍්‍රතිකාර වැනි ඒකකත් ලේ බැංකුව ශල්‍යාගාරය, භෞත චිකිත්සක අංශය විකිරණ අංශය, එන්ඩොස්කොපි, යොවුන් මිතුරු සුව සේවා වැනි අංශත් ක්‍රියාත්මකයි.අපි ඉල්ලන්නේ මේ රෝහල දියුණුකර ගන්න තව තවත් ප්‍රජාවේ සහය ලබාදෙන්න කියලයි. රජයකට, පළාත් සභාවකට සියල්ල සපයන්න බැහැ.
අපේ තියෙන ගොඩනැගිලි ගොඩක් පරණයි. ඒ වගේම රෝහල් වාට්ටු විශාල ප්‍රදේශයක පැතිරිලා රෝගීන්ට ප්‍රතිකාර ලබාදීමේදී මේ නිසා අපහසුතා ඇති වෙනවා. නවීන තාක්ෂණික පහසුකම් රැසක් මේ රෝහලට තව අවශ්‍යයි. කොහොම වුණත් අපි අපට තියෙන සම්පත්වලින් රෝගීන්ට උපරිම සේවයක් සපයනවා.
සායන පැවැත්වෙන දින වේලාවන් සහ ස්ථාන
දන්ත සායනය
සඳුදා පෙ. ව. 8 සිට 12 ප. ව. 2 සිට 4
අඟහරුවාදා පෙ. ව. 8 සිට 12 ප. ව. 2 සිට 4
බදාදා පෙ. ව. 8 සිට 12 ප. ව. 2 සිට 4
බ්‍රහස්පතින්දා පෙ. ව. 8 සිට 12 ප. ව. 2 සිට 4
සිකුරාදා පෙ. ව. 8 සිට 12 ප. ව. 2 සිට 4
සෙනසුරාදා පෙ. ව. 8 සිට 12
ඉරිදා පෙ. ව. 8 සිට 12
විශේෂඥ වෛද්‍ය සහ වෛද්‍ය සායනය
සඳුදා පෙ. ව. 8 සිට 12
බ්‍රහස්පතින්දා පෙ. ව. 8 සිට 12
අක්‍ෂි සායනය (සැත්කම්)
සඳුදා පෙ. ව. 8 සිට 12
බදාදා පෙ. ව. 8 සිට 12
බ්‍රහස්පතින්දා පෙ. ව. 8 සිට 12
අක්‍ෂි සායනය (පසු සැත්කම්)
සඳුදා ප. ව. 2 සිට 4 අක්‍ෂි සායනය (හදිසි ප්‍රතිකාර)
අඟහරුවාදා ප. ව. 2 සිට 4
සිකුරාදා ප. ව. 2 සිට 4
අක්‍ෂි සායනය (සැත්කම් සඳහා දින ලබාදීම)
බදාදා ප. ව. 2 සිට 4
ග්ලුකෝමා සායනය
බ්‍රහස්පතින්දා ප. ව. 2 සිට 4
විශේෂඥ අක්‍ෂි වෛද්‍ය සායනය
අඟහරුවාදා පෙ. ව. 8 සිට 12
සිකුරාදා පෙ. ව. 8 සිට 12
පාසල් ළමුන් සඳහා වන විශේෂඥ අක්‍ෂි වෛද්‍ය සායනය
සෙනසුරාදා පෙ. ව. 8 සිට 12
විශේෂඥ ශල්‍ය වෛද්‍ය සායනය (පළමු පැමිණීම)
සිකුරාදා පෙ. ව. 8 සිට 12
විශේෂඥ ශල්‍ය වෛද්‍ය සායනය (දෙවැනි පැමිණීම)
අඟහරුවාදා පෙ. ව. 8 සිට 12
පූර්ව ප්‍රසව සායනය
බදාදා පෙ. ව. 8 සිට 12
සමේ රෝග සායනය (ළමා)
සෙනසුරාදා පෙ. ව. 8 සිට 12
සමේ රෝග සායනය
අඟහරුවාදා ප. ව. 2 සිට 4
සිකුරාදා ප. ව. 2 සිට 4
උගුර කණ නාසා සායනය
බදාදා පෙ. ව. 8 සිට 12
විශේෂඥ ළදරු සායනය
බදාදා ප. ව. 2 සිට 4
විශේෂඥ ළමා සායනය
අඟහරුවාදා පෙ. ව. 8 සිට 12
ළමා අපස්මාර සායනය
සෙනසුරාදා පෙ. ව. 8 සිට 12
පවුල් සංවිධාන සායනය
සඳුදා ප. ව. 2 සිට 4
පවුල් සංවිධාන සායනය (දෙවන පැමිණීම)
සෙනසුරාදා පෙ. ව. 8 සිට 12
පෝෂණ සායනය
සඳුදා පෙ. ව. 8 සිට 12 ප. ව. 2 සිට 4
අඟහරුවාදා පෙ. ව. 8 සිට 12 ප. ව. 2 සිට 4
බදාදා පෙ. ව. 8 සිට 12 ප. ව. 2 සිට 4
බ්‍රහස්පතින්දා පෙ. ව. 8 සිට 12 ප. ව. 2 සිට 4
සිකුරාදා පෙ. ව. 8 සිට 12 ප. ව. 2 සිට 4
සෙනසුරාදා පෙ. ව. 8 සිට 12 ප. ව. 2 සිට 4
ඉරිදා පෙ. ව. 8 සිට 12ප. ව. 2 සිට 4
ක්‍ෂය රෝගී සෘජු නිරීක්‍ෂණ ප්‍රතිකාර හා ලාදුරු සඳහා බෙහෙත් ලබාදීම
සඳුදා පෙ. ව. 8 සිට 12
අඟහරුවාදා පෙ. ව. 8 සිට 12
බදාදා පෙ. ව. 8 සිට 12
බ්‍රහස්පතින්දා පෙ. ව. 8 සිට 12
සිකුරාදා පෙ. ව. 8 සිට 12
සෙනසුරාදා පෙ. ව. 8 සිට 12
ඉරිදා පෙ. ව. 8 සිට 12
නාරි වේද සායනය
සඳුදා ප. ව. 2 සිට 4
නව පරිපාලන සංකීර්ණය – උඩුමහල බෝ නොවන රෝගී වැඩිහිටි සායනය
සතියේ සෑම දිනකම පෙ. ව. 8 සිට 12
අක්‍ෂි වාට්ටුව අසල පැරැණි බාහිර රෝගී ගොඩනැගිල්ල - මානසික සායනය සහ යොවුන් මිතුරු සේවය
ඉරිදා හැර සතියේ සෑම දිනකම පෙ. ව. 8 සිට 12

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.