Colombo South Teaching Hospital - Kalubowila

Dinamina Aarogya article - 22nd December 2010


රෝගී සත්කාරයට ප්‍රමුඛතාව දෙන දකුණු කොළඹ (කළුබෝවිල)ශික්ෂණ රෝහල



නිරෝගී සුවය පතා ඕනෑම අයෙක් රෝහල කරා පියමනින්නේ බොහෝ බලාපොරොත්තු ඇතිවය. එහිදී රෝහල් වටපිටාව කාර්ය මණ්ඩලය ද රෝගීන්ගේ සුවය සඳහා කැපවී සිටීම රෝගීන්ගේ කායික මෙන්ම මානසික සෞඛ්‍යයට ද හිතකර වන්නේය.
රෝගී සත්කාරයට ප්‍රමුඛතාව දෙමින් තම සේවාව ඉටු කරන දකුණු කොළඹ (කළුබෝවිල) ශික්ෂණ රෝහල පිළිබඳ මෙවර අදහස් දක්වන්නේ එහි අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතායි.
මේ රෝහල් භූමියේ ලබන වසරේ දී මිලේනියම් ගොඩනැඟිලි සංකීර්ණය සෑදීමත් සමඟ මීට වඩා හොඳ සේවාවක් ලබා දීමට අපි සැලැසුම් කර තිබෙනවා.
දැනට රෝහලේ ඇඳන් 1100 ක් තිබෙනවා. එය ලබන වසර වනවිට ඉහළ දැමිය හැකියි. දැඩි සත්කාර දෙකක් සහ ශල්‍යාගාර 7කින් මේ රෝහල සමන්විතයි.
විශේෂඥ සේවාවට අමතරව ළමා රෝග අංශයක් වෙනම පිහිටුවා තිබෙනවා. ප්‍රසව හා නාරි අංශය ද හොඳ සේවාවක් ලබා දෙනවා. මේ සියලුම ඒකක මහාචාර්ය හා දෙපාර්තමේන්තු ඒකක ලෙස කොටස් දෙකකින් සමන්විතයි.
මේ රෝහල ශික්ෂණ රෝහලක්. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය මේ රෝහලට අනුයුක්ත කර තිබෙනවා. මහාචාර්ය ඒකකයේ කටයුතු කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ මහාචාර්යවරුන් හා කාර්ය මණ්ඩලයයි. මේ ඒකකයේ ප්‍රතිකාර සේවාවට අමතරව වෛද්‍ය පීඨ සිසුන්ගේ අධ්‍යාපන කටයුතු කෙරෙනවා.
ප්‍රසව හා නාරි අංශයේ මාසයකට ළමයින් 900ක් පමණ උපදිනවා. විශේෂඥ වෛද්‍යවරුන් 50ක් රෝහලේ සේවය සඳහා සිටින අතර, කාර්ය මණ්ඩලය 2000කට අධිකයි.
මේ රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුල්වන ප්‍රමාණය වැඩියි. ඊට හේතුව මේ රෝහල පිහිටා තිබෙන ප්‍රදේශය ජනාකීර්ණ වීමයි.
ඒ වගේම සෑම පළාතකින්ම රෝගීන් මේ රෝහලට පැමිණෙනවා. බාහිර රෝගී අංශයට පමණක් දිනකට රෝගීන් 2000ක් පමණ එනවා. බාහිර රෝගී අංශය උදේ 7.00 සිට රාත්‍රී 8.00 දක්වා විවෘතයි. බාහිර රෝගී අංශයට පැමිණෙන රෝගීන්ට අංක ලබාදෙනවා. අංක පිළිවෙළට රෝගීන් වෛද්‍යවරුන් වෙත යොමු කෙරෙනවා.
බාහිර රෝගී අංශයේ විශේෂිත සායන තිබෙනවා. කායික රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් මේ අංශයේ සේවය කිරීම විශේෂයි. ඒවගේම අධික රුධිර පීඩන සායනයක් පැවැත්වීම රෝගීන්ට පහසුවක්. ඇදුම රෝග සායනය හා ජලභීතිකා ඒකකය විශේෂ කාර්යභාරයක් ඉටුකරනවා.
බාහිර රෝගී අංශයේ හදිසි ප්‍රතිකාර ඒකකයක් ක්‍රියාත්මකයි. එහි ඇතුළත් කෙරෙන රෝගීන් අවශ්‍ය නම් වාට්ටුවලට යොමු කරනවා. මේ රෝහලේ යොවුන් මිතුරු ඒකකය විශාල වැඩ කොටසක් ඉටුකරනවා. තරුණ ළමයින්ගේ යොවුන් වියේ ගැටලුවලට පිළියම් සපයනවා. මේ ඒකකයේ දී රෝගීන් සමඟ බොහෝ වේලාවක් කථාබහ කර, ඒ අයට සවන්දී ගැටලු හදුනා ගැනීමෙන් ප්‍රතිකාර ලබාදෙනවා.
පාසල්වල විශේෂ වැඩසටහන් කරනවා. ඒ වගේම ප්‍රදේශයේ පෞද්ගලික ආයතනවල ළමයින් දැනුවත් කිරීමත් කරනවා. අපි දකිනවා අධ්‍යාපන ගැටලු, පෙම් සබඳතා නිසා පීඩාවට පත් අය වගේම විවිධ මානසික පීඩාවන්ට පත්වන අයත් මේ ඒකකයේ පිහිට පතා පැමිණෙනවා. අපි ඔවුන්ට අවශ්‍ය මඟ පෙන්වීම හා ප්‍රතිකාර ලබා දෙනවා.
රෝහල් සෞඛ්‍ය අධ්‍යාපන ඒකකය මඟින් හොඳ සේවයක් ලබා දෙනවා. රෝහලේ අභ්‍යන්තර ඇමැතුම් පද්ධතිය හරහා සෑම දිනකම රෝගීන්වත්, කාර්ය මණ්ඩලයත් රෝහලට පැමිණෙන ජනතාවත් සෞඛ්‍ය පුරුදු හා විවිධ රෝග නිවාරණයට අවශ්‍ය ක්‍රම පිළිබඳ දැනුම්වත් කරනවා.
සංගීතය මඟින් රෝගීන්ගේ මනස සුවපත් කිරීම සඳහා දහවල් කාලයේ සියුම් සංගීතයක් මේ පද්ධතිය හරහා විකාශය කරනවා.
අධ්‍යාපන ඒකකයේ හෙද කාර්ය මණ්ඩලය, වෛද්‍යවරු කාලීන රෝග පිළිබඳව රෝගීන් දැනුම්වත් කරනවා. විශේෂයෙන් රෝග නිවාරණයට අවශ්‍ය උපදෙස් මේ ඒකකය හරහා ලබාදීම වැදගත්. එක් එක් වාට්ටුවල සිටින රෝගීන් ද එම වාට්ටුවලට ගොස් දැනුම්වත් කිරීම මේ ඒකකයේ කාර්යයක්.
මේ රෝහලේ සියලුම ස්ථාවර වත්කම් පරිගණක ගතකර තිබෙනවා. ඒ සඳහා අපේ වෙනම පද්ධතියක් ක්‍රියාත්මකයි. මේ නිසා රෝහලේ ඕනෑම භාණ්ඩයක් තිබෙන තැන හා එහි වර්තමාන තත්ත්වය ඉක්මනින් හඳුනා ගැනීමට හැකියි. රෝහලේ ඵලදාායිතාව ඉහළ මට්ටමකට ගෙනඒම සඳහා ඵලදායීතා ඒකකයක් පිහිටෙව්වා. මේ හරහා වාට්ටුවලට ලකුණු දීමේ ක්‍රමයක් සකසා, හොඳ ම වාට්ටුව තේරීම කරනවා.
සායන පැවැත්වීම ක්‍රමවත් කිරීමේ වැඩපිළිවෙළ යටතේ ශල්‍ය සායන සඳහා විශේෂ ක්‍රමයක් හඳුන්වා දී තිබෙනවා. මේ සායනයට පැමිණෙන රෝගීන් සඳහා නැවත සායනයට පැමිණිය යුතු දිනය සහ වේලාව, අංකය, පළමු දිනයේදීම රෝගියාට ලබා දෙනවා.
ඒ අනුව රෝගියා නැවත සායනයට පැමිණෙද්දී සායන පැවැත්වෙන ස්ථානයේ ඇති ස්වයංක්‍රීයව අංක ක්‍රියාත්මක වන යන්ත්‍රයේ සටහන් වන අංකයට අනුව සායන වෛද්‍යවරයා හමුවට යා හැකියි. මේ නිසා රෝගියා වේලාසනින් රෝහලට පැමිණ පෝලිමේ සිටීමේ ක්‍රමය නැවතුනා. අනෙක් සායනවලදී රෝගීන්ට අංක සහ දින ලබා දෙනවා. ඒ අනුව රෝගීන්ට සායන සඳහා යොමුවිය හැකියි.
රෝහලෙන් බාහිර සේවා ලෙස විවිධ ස්ථානවල සායන පවත්වනවා. මාස තුනකට සැරයක් බෙල්ලන්විල විහාරයේ සායනයක් පවත්වනවා.
මේ රෝහලේ සමහර ගොඩනැඟිලිවල නඩත්තු කටයුතු රාජ්‍ය හා පෞද්ගලික අංශය වසර 4කට බාරගත්තා. අපි ඒ ආයතන සමඟ ගිවිසුම් පවා අස්සන් කළා. රෝහලේ සංවර්ධනය සඳහා සෑම අංශයක් සමඟම අපි සාකච්ඡා කරනවා. සේවකයන්, වෘත්තීය සමිති, රෝගීන් ආදී සෑම කෙනෙක් සමඟම අප සාකච්ඡා කරනවා.
සේවකයින් සහ රෝගීන් දුරස්වන ක්‍රමය වෙනුවට රෝගියා මූලික කරගත් ප්‍රතිකාර ක්‍රමයක් අවශ්‍ය බව අපි සේවකයන්ට පහදා දුන්නා. මේ නිසා සේවකයන් රෝගීන්ට සමීපව කටයුතු කරන තත්ත්වයක් ඇතිවී තිබෙනවා. එය රෝහල් සේවාවේ හොඳ ප්‍රවණතාවක්. සේවකයන්ගේ ආකල්පමය වෙනස නිසා හොඳ සේවාවක් ලබාදීමට හැකිවී තිබෙනවා.
මේ රෝහලේ රසායනාගාර සේවාව පැය 24 පුරාම ක්‍රියාත්මකයි.
බාහිර ප්‍රතිකාර වැඩපිළිවෙළ රාත්‍රී 8 දක්වා දීිර්ඝකිරීම නිසා සවස 4 සිට රාත්‍රී 8 දක්වා පැමිණෙන රෝගීන්ගේ සංඛ්‍යාව 300ක් පමණ වෙනවා. මේ වැඩපිළිවෙළ රෝගීන්ට මහත් පහසුවක්. රෝහලේ තොරතුරු දැනගැනීම සඳහා තොරතුරු මධ්‍යස්ථානයක් ඇතිකළා. මේ හරහා රෝහලේ සියලුම තොරතුරු ලබාගත හැකිවීම පහසුවක් වී තිබෙනවා.
විශේෂ ස්තූතිය
විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරිනී අයි. චÁද්‍රසිරි මහත්මියට හා සෞඛ්‍ය අධ්‍යාපන ඒකකයේ හෙද නිලධාරිනීන් වන කේ. ඩබ්. ඩී. නන්දනී මහත්මියට හා ආර්. ඒ. කේ. රණතුංග මහත්මියට.
 

සායන පැවැත්වෙන දින හා වේලාවන්

ශල්‍ය වෛද්‍ය සායන
සඳුදා පෙ. ව. 8.00
අඟහරුවාදා පෙ. ව. 8.00
බ්‍රහස්පතින්දා පෙ. ව. 8.00
සිකුරාදා පෙ. ව. 8.00
කායික රෝග සායනය
සඳුදා සිට සෙනසුරාදා දක්වා පෙ. ව. 8.00
අඟහරුවාදා ප. ව. 2.00
සිකුරාදා ප. ව. 2.00
ළමා රෝග සායනය
සඳුදා ප. ව. 2.00
අඟහරුවාදා පෙ. ව. 8.00
සිකුරාදා පෙ. ව. 8.00
නොමේරූ ළදරු සායනය
බදාදා ප. ව. 2.00
බ්‍රහස්පතින්දා ප. ව. 2.00
නාරිවේද සායනය
සඳුදා පෙ. ව. 8.00
බදාදා පෙ. ව. 8.00
සෙනසුරාදා පෙ. ව. 8.00
අපස්මාර සායනය
බදාදා පෙ. ව. 8.00
ඇදුම රෝග සායනය
සිකුරාදා පෙ. ව. 8.00
වායුගෙඩි රෝගීන් සඳහා සායනය
සඳුදා සිට සෙනසුරාදා දක්වා පෙ. ව. 8.00
එන්ඩොස් කොපි සායනය
සදුදා සහ සෙනසුරාදා පෙ.ව. 8.00
සදුදා සහ බ්‍රහස්පතින්දා ප.ව. 2.00
මානසික වෛද්‍ය සායනය සතියේ සෑම දිනකම සහ
සෙනසුරාදා පෙ.ව. 8.00
පවුල් සැලසුම් සායනය සතියේ සෑම දිනකම සහ
සෙනසුරාදා පෙ.ව. 8.00
ලිංගාශි‍්‍රත රෝග සායනය
සතියේ සෑම දිනකම පෙ.ව. 8.00
දන්ත සායනය
සතියේ සෑම දිනකම සහ සෙනසුරාදා පෙ.ව. 8.00
දියවැඩියා සායනය
සතියේ සෑම දිනකම සහ සෙනසුරාදා පෙ.ව.8.00
රක්ත වාත සායනය
අඟහරුවාදා පෙ.ව. 8.00
බදාදා පෙ.ව. 8.00
සදුදා පෙ.ව. 8.00
අධිරුධිර පීඩන සායනය
අඟහරුවාදා පෙ.ව. 8.00
බ්‍රහස්පතින්දා පෙ.ව. 8.00
ළමා ඇදුම සායනය
සිකුරාදා ප.ව. 2.00
පිළිකා සායනය
බ්‍රහස්පතින්දා ප.ව. 2.00
අස්ථි රෝග සායනය
බදාදා ප.ව. 2.00
සෙනසුරාදා පෙ.ව. 8.00
මදසරු බව පිළිබඳ සායනය
සදුදා ප.ව. 2.00
අඟහරුවාදා ප.ව. 2.00
අවදානම් ගර්භනී මාතාවන් සඳහා වන සායනය
සිකුරාදා ප.ව. 2.00
සමේ රෝග සායනය
සදුදා පෙ.ව. 8.00
බදාදා පෙ.ව. 8.00
සිකුරාදා පෙ.ව. 8.00
අඟහරුවාදා ප.ව. 2.00
ස්නායුරෝග සායනය
සදුදා පෙ.ව. 8.00
සිකුරාදා පෙ.ව. 8.00
සදුදා ප.ව. 2.00 (පැරණි රෝගීන් සඳහා)
අක්‍ෂි සායනය
සදුදා පෙ.ව. 8.00
බදාදා පෙ.ව. 8.00
සිකුරාදා පෙ.ව. 8.00
සෙනසුරාදා පෙ.ව. 8.00 (පාසල් ළමයින් සඳහා)
උගුර කණ නාස සායනය
අඟහරුවාදා පෙ.ව. 8.00
බ්‍රහස්පතින්දා පෙ.ව. 8.00
සෙනසුරාදා පෙ.ව. 8.00
හෘද රෝග සායනය
සතියේ සෑම දිනකම පෙ.ව. 8.00

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.