Dinamina - Aarogya article - 28.07.2010
ඵලදායිතා සම්මාන රැසක් දිනූ ගම්පහ දිස්ත්‍රික් මහ රෝහල

රෝගීනට සහන සැලසීමේදී වෛද්‍යවරයා මෙන් ම, අනෙකුත් කාර්ය මණ්ඩලය ද කැපවීමෙන් කටයුතු කිරීම රෝගීන්ගේ පැත්තෙන් වටිනා දෙයකි. එපමණක් නොව, රෝහල් පරිසරය ද රෝගීනට කඩිනම් සුවය ලබාගැනීමේදී බෙහෙවින් වැදගත් වෙයි.
රෝගියෙක් හැම විටම රෝහල් කාර්ය මණ්ඩලයේ කාරුණික බව අපේක්‍ෂා කරයි.
ඵලදායිතා සම්මාන රැසක් ලබාගෙන ඇති ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ධම්මික මායාදුන්න මහතා රෝහල හා එහි සේවාවන් පිළිබඳ අදහස් දැක්වූයේ මෙසේය.
ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රධානම රෝහල තමයි අපේ රෝහල. අපි සියලු දෙනාගේ කැපවීම නිසා වර්ෂ කීපයකදීම ජාතික ඵලදායිතා සම්මාන රැසක් ලබාගත්තා.

2006 ජාතික ඵලදායිතා සම්මාන තෙවැනි ස්ථානය.
2007 පළාත් ඵලදායිතා සම්මාන ප්‍රථම ස්ථානය.
2007 ජාතික සුව විශිෂ්ටතා සම්මාන දෙවැනි ස්ථානය.
2007 කායිකි අකිමොටෝ 5 - එස් කුසලතා සහතිකය.
2008 පළාත් ඵලදායිතා සම්මාන විශේෂ කුසලතා සම්මානය ඒ අතරින් ඉතා වැදගත්.
මේ සියල්ල අපට ලැබුණේ රෝහලේ ප්‍රතිකාර සේවාව, බාහිර පරිසරය, පරිපාලනය, කාර්යක්‍ෂමතාව වගේ සාධකවලදී, අපි අනෙක් රෝහල්වලට වඩා ඉදිරියෙන් සිටි නිසයි.
මේ සියල්ල අපට කරන්න පුළුවන් වුණේ අපේ කාර්ය මණ්ඩලය රෝගීන්ට ඉතා හොඳින් ප්‍රතිකාර ලබා දීමේදී දැක්වූ දක්‍ෂතා නිසයි.

රෝහලට පැමිණෙන රෝගීන්ට සියලු විස්තර දැනගන්න පුළුවන් “ත්‍රියාජ් ඒකකය” පළමු ගොඩනැගිල්ලේ පිහිටුවා තියෙනවා. මේ ස්ථානයේ හෙදි නිලධාරිනියන් දෙදෙනෙක් පැය 24 පුරාම සේවයේ යෙදී සිටිනවා. රෝගියාගේ තත්ත්වය අනුව අවශ්‍ය ස්ථානයට යොමු කිරීම මේ ඒකකයෙන් සිදුවන වැදගත් සේවාවක්. රෝහලට එන රෝගීන්ට රස්තියාදු නොවී ප්‍රතිකාර ලබාගන්න තමයි මේ ඒකකය පිහිටෙව්වේ.
ඒ වගේම රෝගී තදබදය අඩුවෙන්නත් මේ ඒකකය බලපානවා.
බාහිර රෝගී අංශයට රෝගීන් ඇතුළත් වීමේදී තුණ්ඩු (අංක) නිකුත් කිරීමක් සිදුවෙනව. උදේ 7.45 ට තමයි අංක ලබා දෙන්නෙ. තුණ්ඩු ලබා දුන් වෙලාවෙ ඉඳලා සවස 4.00 වෙනකන් වෛද්‍යවරු රෝගීන් පරීක්‍ෂා කරනවා. රෝගීන්ට ඖෂධ නිකුත් කිරීම සවස 5 වෙනකම් සිද්ධ වෙනවා.
බාහිර රෝගී අංශයෙන් සහ සායනවලින් ප්‍රතිකාර ලබාගන්න දිනකට රෝගීන් 1500 ක් පමණ එනවා. එයින් නේවාසික ප්‍රතිකාර සඳහා 290 ක් පමණ ඇතුළත් කර ගන්නවා.

අපට ලැබී තියෙන සීමිත සම්පත් උපරිම ලෙස යොදවලා තමයි මේ සේවා සපයන්නෙ.
මේ රෝහලේ විශේෂ සායන පැවැත්වෙනවා. මේ සායන සඳහා ගම්පහ දිස්ත්‍රික්කයේ වෙනත් රෝහල්වලිනුත් රෝගීන් අපේ රෝහලට යොමුකරනවා. ඊට අමතරව අපේ රෝහලේ බාහිර රෝගී අංශයෙන්, සායන සඳහා යොමු කෙරෙනවා. පවුල් වෛද්‍ය සායනය අපේ විශේෂ වැඩසටහනක්.
මේ සායනයට දැනට රෝගීන්6000 ක් ඇතුළත් කරගෙන ඉන්නවා. මෙහි ලියාපදිංචි කර ගෙන ඉන්න රෝගීන් ප්‍රතිකාර ගනිද්දී, පැය භාගයකට කලින් සායනයට පැමිණිය යුතුයි. මේ හැම එක්කෙනෙක් වෙනුවෙන්ම වෙනම පෞද්ගලික ලිපිගොනුවක් පවත්වාගෙන යනවා.

මූලික ප්‍රතිකාර ඒකකය අපේ අනෙක් අංශය විදිහට සලකන්න පුළුවන්. එහිදී රෝගියාට නේවාසික ප්‍රතිකාර ලබාදීමක් සිදුවන්නේ නැහැ. ඒත් රෝගියාට ප්‍රතිකාර කිරීමෙන් පසු පැය 4 ක් මේ ඒකකයේ රඳවා තබාගන්නවා. රෝගියාගේ රෝගී තත්ත්වයන් ගැන විශේෂ පරීක්‍ෂාවක් කෙරෙනවා.
වැඩිදුර ප්‍රතිකාර සඳහා වෙනත් රෝහලකට මාරු කර යැවීම හෝ අපේ රෝහලේ නේවාසික ප්‍රතිකාර සඳහා හෝ යොමු කරනවා. මේ ඒකකයෙන් ප්‍රතිකාර ලබාගන්න 40% ක් ම පමණ පැය 4 න් පසු නැවත නිවෙස් බලා යනවා. බොහෝ විට නේවාසික ප්‍රතිකාර බලාපොරොත්තුවෙන් පැමිණෙන රෝගීන් වැඩිදෙනෙක් මේ ඒකකයට යොමුකරනවා. මේ නිසා රෝහලේ නේවාසික රෝගී තදබදය අඩුවෙලා.
මේ තත්ත්වය රෝගීන්ටත් පහසුවක්. ගැබිනි මවුවරුන් සඳහා සායන පැවැත්වෙනවා. පළමු දින සායනයට පැමිණි පසු මවට හා පියාට විශේෂ දැනුවත් කිරීමේ වැඩමුළුවට සහභාගි වීමට දිනයක් ලබා දෙනවා. සෙනසුරාදා දිනය තමයි මේ සම්බන්ධ දැනුවත් කිරීම් සිද්ධ වෙන්නෙ. අපේ රෝහලේ උපදින දරුවන්ට රෝහලෙන් නික්ම යද්දී ඡායාරූපයක් හා රෝග විනිශ්චය කාඩ්පතක් ලැබෙනවා.
මේ රෝහලේ නාරිවේද හා ප්‍රසව වෛද්‍යවරු දෙදෙනෙක් සේවය කරනවා. විශේෂඥ වෛද්‍යවරු 20 ක්, සාමාන්‍ය වෛද්‍යවරු 225 ක්, හෙද කාර්ය මණ්ඩලය 345 ක්, සුළු සේවා කාර්ය මණ්ඩලය 200 ක් පමණ සේවයේ යෙදී සිටිනවා. වාට්ටු 16 ක ඇඳන් 710 ක් තියෙනවා. භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් භික්ෂු වාට්ටුවක් වෙනම ස්ථාපිත වෙලා තියෙනවා.
![]() |
ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය
ධම්මික මායාදුන්න
|
ශල්‍යකර්ම අවශ්‍ය රෝගීන් සඳහා ශල්‍ය දැඩි සත්කාර ඒකකය ක්‍රියාත්මකයි. නොමේරූ ළදරු ඒකකය නිසා අඩු බර උපත් දරුවන් රැසක් බේරාගන්න අපට හැකි වුණා.
යොවුන් මිතුරු සත්කාර ඒකකය අපේ විශේෂ වැඩසටහනක්. අවුරුදු 14 – 25 අතර ළමයින් විශාල වශයෙන් මේ ඒකකයට යොමු වෙනවා. මේ ඒකකයේ සේවයට විශේෂ පුහුණු වෛද්‍යවරු යොමුකර තිබෙනවා. සතියේ හැම දවසකම උදේ 8 සිට සවස 4 තෙක් මේ ඒකකය විවෘතයි. විදුහල්පතිවරු, ප්‍රජා නායකයින්, ප්‍රදේශයේ භික්ෂූන් වහන්සේලා, ආගමික නායකයින්, ත්‍රීවීල් රථ රියදුරන්, පොලිසිය මේ ඒකකය ගැන දැනුවත් කර තිබෙනවා. මේ ඒකකයට සහාය වෙන්න යොවුන් මිතුරු පදනම පිහිටුවා තිබීමත් වැදගත්.
අපේ රෝහලේ අපද්‍රව්‍ය බැහැර කිරීම පළාත් පාලන ආයතනවලට කරදරයක් නොවෙන විදියටයි සකසලා තියෙන්නේ. මේ සඳහා රෝහලේ විශේෂ වර්ණ ඇසුරුම් තබා තිබෙනවා. රෝස පැහැති බඳුන්වල මිනිස් අපද්‍රව්‍ය සිරුරු කොටස් බහාලීම සිදුකරනවා. මේ අපද්‍රව්‍ය කනත්තක වළ දැමීම හෝ ආදාහනාගාරයක පුච්චා දැමීම කරනවා. රතු පැහැති බඳුන්වල දමා ඇති වීදුරු අපද්‍රව්‍ය විකුණලා මුදල් ලබාගන්නවා.
මැදින් රතු ඉරක් සහිත කහ පැහැ බඳුන්වල තියුණු ආසාධිත අපද්‍රව්‍ය දැමීමත්, කහ පැහැ බඳුන්වල ආසාධිත අපද්‍රව්‍ය දැමීමත් සිදුවෙනව. මේවා රෝහලේ ඇති ඝණ අපද්‍රව්‍ය දාහකයේ පුච්චා දැමෙනවා. නිල් පැහැති බඳුන්වල කඩදාසි අපද්‍රව්‍යත්, තැඹිලි පැහැති බඳුන්වල ප්ලාස්ටික් අපද්‍රව්‍යත් දානවා. ඒවා විකුණලා මුදල් ලබාගන්නවා.
කොළ පැහැති බඳුන්වල ඉවත දමන කෑම එකතු කරලා, ඒවා සත්ත්ව ආහාර සඳහා නිකුත් කෙරෙනවා. ඊට අමතරව සාමාන්‍ය අපද්‍රව්‍ය කළු පැහැති බඳුන්වලට යොමු කරනවා. ඒවා නගර සභාවට යොමුකිරීමක් තමයි සිද්ධ වෙන්නෙ.
සායන පැවැත්වෙන දින සහ වේලාවන්
වෛද්‍ය සායනය අඟහරුවාදා - පෙ. ව. 8 සිට ප. ව. 12 අඟහරුවාදා – ප. ව. 2 සිට ප. ව. 4 ඒ1 ගොඩනැගිල්ලේ කාමර අංක 211ඒ බදාදා පෙ. ව. 8 සිට ප. ව. 12 බ්‍රහස්පතින්දා ප. ව. 2 සිට ප. ව. 4 ඕ1 ගොඩනැගිල්ල කාමර අංක 269 ළමා රෝග සායනය බදාදා පෙ. ව. 8 සිට ප. ව. 12 ඒ1 ගොඩනැගිල්ල කාමර අංක 211ඒ බ්‍රහස්පතින්දා පෙ. ව. 8 සිට ප. ව. 12 ඕ1 ගොඩනැගිල්ල කාමර අංක 269 මාතෘ සායනය සඳුදා පෙ. ව. 8 සිට ප. ව. 12 සිකුරාදා පෙ. ව. 8 සිට ප. ව. 12 ඒ1 ගොඩනැගිල්ල කාමර අංක 211ඒ කාන්තා රෝග සායනය සඳුදා ප. ව. 2 සිට ප. ව. 4 බදාදා ප. ව. 2 සිට ප. ව. 4 ඒ1 ගොඩනැගිල්ල කාමර අංක 211ඒ උගුර, කන, නාසය සායනය බදාදා පෙ. ව. 8 සිට ප. ව. 12 සිකුරාදා පෙ. ව. 8 සිට ප. ව. 12 සෙනසුරාදා පෙ. ව. 8 සිට ප. ව. 12 (පාසල් ළමයින් සඳහා පමණි) ඒ1 ගොඩනැගිල්ල කාමර අංක 224 අක්ෂි රෝග සායනය සඳුදා - පෙ. ව. 8 සිට ප. ව. 12 සිකුරාදා - පෙ. ව. 8 සිට ප. ව. 12 පාසල් ළමයින් සඳහා බදාදා ප. ව. 2 සිට ප. ව. 4 සෙනසුරාදා පෙ. ව. 8 සිට ප. ව. 12 ඒ1 ගොඩනැගිල්ල කාමර අංක 218 මුඛ හණුක රෝග සායනය සඳුදා - පෙ. ව. 8 සිට ප. ව. 12 ප. ව. 2 සිට ප. ව. 4 අඟහරුවාදා – පෙ. ව. 8 සිට ප. ව. 12 ප. ව. 2 සිට ප. ව. 4 බදාදා - පෙ. ව. 8 සිට ප. ව. 12 ප. ව. 2 සිට ප. ව. 4 බ්‍රහස්පතින්දා - පෙ. ව. 8 සිට ප. ව. 12 ප. ව. 2 සිට ප. ව. 4 සිකුරාදා - පෙ. ව. 8 සිට ප. ව. 12 ප. ව. 2 සිට ප. ව. 4 සෙනසුරාදා - පෙ. ව. 8 සිට ප. ව. 12 ප. ව. 2 සිට ප. ව. 4 ඒ1 ගොඩනැගිල්ල කාමර අංක 203 චර්ම රෝග සායනය අඟහරුවාදා – පෙ. ව. 8 සිට ප. ව. 12 බ්‍රහස්පතින්දා - පෙ. ව. 8 සිට ප. ව. 12 සිකුරාදා - පෙ. ව. 8 සිට ප. ව. 12 පාසල් ළමයින් සඳහා සෙනසුරාදා - පෙ. ව. 8 සිට ප. ව. 12 ඕ1 ගොඩනැගිල්ල කාමර අංක 51
මානසික සෞඛ්‍ය සායනය
සඳුදා පෙ. ව. 8 සිට ප. ව. 12 ඕ1 ගොඩනැගිල්ල කාමර අංක 269 බදාදා පෙ. ව. 8 සිට ප. ව. 12 ඕ1 ගොඩනැගිල්ල කාමර අංක 54 පිළිකා රෝග සායනය සෑම මසකම 2 වැනි සහ 4 වැනි සිකුරාදා පෙ. ව. 8 සිට ප. ව. 12 ඕ1 ගොඩනැගිල්ල කාමර අංක 54 හෘද රෝග සායනය බදාදා - පෙ. ව. 8 සිට ප. ව. 12 ඕ1 ගොඩනැගිල්ල කාමර අංක 73 රෝගියෙක් නිර්වින්දනයට පෙර යෝග්‍යතාව ඇගැයීම සඳුදා - පෙ. ව. 8 සිට ප. ව. 12 ඕ1 ගොඩනැගිල්ල කාමර අංක 269 සුව ළමා සායනය සිකුරාදා - පෙ. ව. 8 සිට ප. ව. 12 ඒ1 ගොඩනැගිල්ල කාමර අංක 211ඒ දන්ත සායනය (බාහිර රෝගී) සඳුදා සිට සෙනසුරාදා දක්වා පෙ. ව. 8 සිට ප. ව. 4 පාසල් ළමයින් සඳහා සෙනසුරාදා - පෙ. ව. 8 සිට ප. ව. 4 ඕ1 ගොඩනැගිල්ල කාමර අංක 263 ළය රෝග සායනය බ්‍රහස්පතින්දා - පෙ. ව. 8 සිට ප. ව. 12 ඕ1 ගොඩනැගිල්ල කාමර අංක 269 දියවැඩියා සායනය සිකුරාදා - පෙ. ව. 8 සිට ප. ව. 12 ඕ1 ගොඩනැගිල්ල කාමර අංක 269 ලිංග ආශි‍්‍රත රෝග සායනය සඳුදා සිට සෙනසුරාදා දක්වා පෙ. ව. 8 සිට ප. ව. 4 ඕ5 ගොඩනැගිල්ල කාමර අංක 88 රක්ත වාත වේදනා සායනය සඳුදා - පෙ. ව. 8 සිට ප. ව. 12 අඟහරුවාදා - පෙ. ව. 8 සිට ප. ව. 12 බ්‍රහස්පතින්දා - පෙ. ව. 8 සිට ප. ව. 12 සිකුරාදා - පෙ. ව. 8 සිට ප. ව. 12 ඕ1 ගොඩනැගිල්ල කාමර අංක 73 පවුල් වෛද්‍ය සායනය සඳුදා සිට සෙනසුරාදා දක්වා පෙ. ව. 8 සිට ප. ව. 2 ඕ5 ගොඩනැගිල්ල කාමර අංක 76 යොවුන් මිතුරු සත්කාර සායනය සඳුදා සිට සෙනසුරාදා දක්වා පෙ. ව. 8 සිට ප. ව. 4 ඕ1 ගොඩනැගිල්ල කාමර අංක 267 පෝෂණ සායනය අඟහරුවාදා - පෙ. ව. 8 සිට ප. ව. 12 බ්‍රහස්පතින්දා - පෙ. ව. 8 සිට ප. ව. 12 ඒ1 ගොඩනැගිල්ල |
No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.