Ayurveda Base Hospital - Kegalle

Dinamina - Aarogya article - 06th April 2011

කෑගල්ල ආයුර්වේද මූලික රෝහල


ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමයට ඇත්තේ ඉතාමත් ඈත ඉතිහාසයක්. බොහෝ දෙනා ආයුර්වේද ප්‍රතිකාර සඳහා යොමු වන්නේ රෝගයක් නිට්ටාවට සුව කර ගැනීමේ බලාපොරොත්තුවද ඇතිවය.
ඉතිහාසයේ ගමේ වෙද ගෙදරට පැවරී තිබුණු ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමය වර්තමානයේදී ආයුර්වේද රෝහල කරා සංක්‍රමණය වී ඇත්තේ දියුණු තාක්ෂණයද ඊට එක්කර ගනිමිනි.
ස්වභාව ධර්මයේ නිර්මිත දෑම ප්‍රයෝජනයට ගනිමින් ඖෂධ නිෂ්පාදනයේ යෙදෙන ආයුර්වේද වෛද්‍ය ක්‍රමය පිළිබඳවත් කෑගල්ල ආයුර්වේද මූලික රෝහලෙන් සිදුවන සේවාව පිළිබඳවත් අදහස් දැක්වූ රෝහලේ වෛද්‍ය අධිකාරී ආයුර්වේද වෛද්‍ය සරත් චන්ද්‍රසිරි මහතා.
පංච කර්ම ප්‍රතිකාර
රෝගියෙක් වෛද්‍යවරියකගේ පරීක්ෂාවට
තුවාලවලට ප්‍රතිකාර
ඖෂධ නිෂ්පාදනාගාරයේ
රෝහල් කාර්ය මණ්ඩලයට පුහුණුවක්
ගුදගත රෝගියෙකුට ප්‍රතිකාර
වාෂ්ප ස්වේද යන්ත්‍රය
ආයුෂ පිළිබඳව උගන්වන විද්‍යාව ආයුර්වේදයයි. මිනිසුන් සැපවත් කිරීම පිළිබඳව උගන්වන මේ විද්‍යාව පරිසරයට බොහෝ බද්ධ වෙලයි තියෙන්නේ.
ඖෂධ නිෂ්පාදනයට ගන්නා උපකරණ
කොළ කැඳ ලබාදෙමින්
පාසල් ළමුන් ඖෂධ පිළිබඳ දැනුවත් කරමින්
අපි රෝහල් පරිසරයේ හරිත වර්ණ ශාක බොහෝමයක් වවා ඒවා ආරක්ෂා කර ගන්නට මහත් වෙහෙසක් ගන්නවා. මේ ශාක සියල්ලම ඖෂධීය වටිනාකමක් ඇති ශාක වීමත් විශේෂයි.
කෑගල්ල දිස්ත්‍රික්කයේ සියලුම ආයුර්වේද රෝහල් සහ මධ්‍යම බෙහෙත් ශාලා සඳහා අවශ්‍ය සම්පත් මේ රෝහලෙන් ලබා දෙනවා.
මේ රෝ්හලේ ප්‍රතිකාර පද්ධතිය බාහිර, නේවාසික ලෙස කොටස් දෙකයි. බාහිර අංශය සඳුදා සිට සෙනසුරාදා දක්වා උදේ 8.30 සිට 3.30 දක්වා විවෘතයි.
බොහෝ දුර බැහැර සිට මේ රෝහලට ප්‍රතිකාර සඳහා රෝගීන් පැමිණෙනවා. මේ රෝහලට එන හැම රෝගියෙක්ටම ගුණාත්මක සේවාවක් සපයනවා.
රෝගියාට කරුණාව දයාව ආරක්ෂාව මේ රෝහලේ කාර්ය මණ්ඩලයෙන් ලැබෙනවා.
මේ රෝහලට පැමිණෙන රෝගීන්ට කොළ කැඳ ලබාදීමත් සෞඛ්‍ය කරුණු ගැන දැනුමක් ලබාදීමත් කෙරෙනවා. විශේෂයෙන් ආහාර රටාවන්ගැන ආහාරවල විශේෂ ගුණ ගැන පත්‍රිකා මගින් රෝගීන් දැනුම්වත් කෙරෙනවා.
බොහෝ අමාරු රෝගීන් මේ රෝහලට පැමිණෙනවා. ඒ සෑම රෝගියෙක්ම සමාජයට නැවත වැඩක් කිරීමට හැකි මට්ටමට පත් කිරීම අපේ අරමුණයි.
බාහිර රෝගි අංශයේ තුණ්ඩු ලබාදීමක් කරනවා. මේ තුණ්ඩුව ලබාගැනීමෙන් පසු වෛද්‍යවරයෙක් ළඟට යොමු කරනවා. ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසු බාහිර ඖෂධ නිකුත් කරන ස්ථානයෙන් ඖෂධ ගැනීමට හැකියි.
ප්‍රතිකාර කිරීම, මූලික ප්‍රතිකාරයකින් පසු තවත් ප්‍රතිකාර සඳහා යොමු කිරීම මගින් රෝගියාට සුවය ලබාදීමට නොහැකි නම් රෝගියා වෙනත් ස්ථානයකට යොමු කිරීම කෙරෙනවා.
ස්ත්‍රී, ළමා, චර්ම, දියවැඩියා මතට තිත වැනි සායන ක්‍රියාත්මක කරනවා. මේ සඳහා විශේෂිත වෛද්‍යවරු ඉන්නවා.
මේ ප්‍රතිකාරවලට අමතරව නේවාසික ප්‍රතිකාර අංශයක්ද ක්‍රියාත්මකයි. මේ අංශයේ පංචකර්ම ප්‍රතිකාර කෙරෙනවා.
රෝගියාට අවශ්‍ය නිදහස පාරිසරික පැවැත්ම වැනි සාධක මේ රෝහලේ තිබෙනවා. රෝගියාට හොඳ මානසික පරිසරයක් ගොඩනැගීම අපේ අරමුණක්.
මේ රෝහල මූලික කර ගනිමින් පාසල් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරෙනවා. විශේෂයෙන් ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම සහ රෝග පිළිබඳව පාසල් ළමුන් දැනුම්වත් කෙරෙනවා.
විවිධ ස්වේච්ඡා සංවිධාන හා රජයේ ආයතන සමග අපි හොඳ සම්බන්ධීකරණයක් ඇති කර ගත්තා. ඔවුන්ට අවශ්‍ය දැනුම, ඖෂධ අපි ලබා දෙනවා.
කෑගලු දිස්ත්‍රික් උසාවිය මගින් යොමු කරන මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් මේ රෝහලේදී පුනරුත්ථාපනය කෙරෙනවා. මිනිසුන්ට යන්න එන්න බැරි ඉතාම දුෂ්කර ගම්මානවලට ගොස් සායන කිරීමත් අපේ වැඩපිළිවෙළේ කොටසක්.
ජ්‍යෙෂ්ඨ පුරවැසි සායනය සති දෙකෙන් දෙකට පවත්වනවා. මේ සායනයේදී වැඩිහිටි අයට නිදහසේ මේ රෝහල් භූමියේ සැරිසරන්න අවශ්‍ය පහසුකම් පරිසරය අපි නිර්මාණය කළා. මේ රෝහලේ නිදහසේ ගත කරන වැඩිහිටියන්ට රෝහලෙන් පිටව යත්දී අවශ්‍ය ඖෂධ ලබා දෙනවා.
කෑගල්ල ආයුර්වේද මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී
ආයුර්වේද වෛද්‍ය
සරත් චන්ද්‍රසිරි
ප්‍රතිකාරයට පෙර රෝගියා සමග හොඳ සබඳතාවක් ඇති කර ගත යුතුයි. මේ නිසා අපි එක් රෝගියෙකුට ප්‍රතිකාර කිරීම සඳහා වැඩි කාලයක් වෙන් කරනවා.
රෝගීන්ට අවශ්‍ය කෂාය, පත්තු, තෙල්, බෙහෙත් ගුලි, අරිෂ්ට මේ රෝහලේ ඖෂධ නිෂ්පාදනාගාරයේදී නිෂ්පාදනය කෙරෙනවා. මේ අංශය මගින් නේවාසික රෝගීන්ටත් බාහිර ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන්ටත් අවශ්‍ය ඖෂධ සියල්ල නොමිලේ සපයනවා.
නියමිත ප්‍රමිතීන්ට අනුව මේ ඖෂධ නිෂ්පාදනය කිරීමත් වැදගත්. මේ අංශයට වෙනම වෛද්‍ය වරයෙකුගේ සේවය ලබා දෙනවා.
මොනම හේතුවක් නිසාවත් මේ රෝහලේ ඖෂධ හිඟයක් ඇති වන්න ඉඩ තබා නැහැ.
මේ රෝහලේ වෛද්‍යවරු 13 දෙනෙක් ප්‍රතිකාර ලබා දෙනවා. විශේෂ වෛද්‍යවරු යටතේ කැඩුම් බිඳුම්, සර්ප විෂ, අංශභාගය වැනි රෝග සඳහා ප්‍රතිකාර කෙරෙනවා. කායික රෝග විශේෂ වෛද්‍යවරුන්ගේ සේවාවත් ලබා දෙනවා.
ප්‍රධාන හෙද නිලධාරිනී
කේ. පී. එන්. අමරසිංහ
කණ්ඩායම් හැගීම තුළින් ආකල්පමය වෙනසක් ඇති කොට කාර්ය මණ්ඩලයෙන් උපරිම සේවාවක් ලබා ගත හැකි වුණා. රෝහල් කාර්ය මණ්ඩලය ඉතාම හොඳ ගුණාත්මක සේවාවක් ලබා දෙනවා. මේ කාර්යය සේවාවකට වඩා එහා ගිය කාර්යයක්.
රෝගියෙක් අපේ භාරයට පත්වූවාට පසු රෝගියා සුවවීම දක්වා මේ රෝහලේ කැපවීම අවශ්‍යයි. මේ කැපවීම තුළින් රෝගි පුද්ගලයෙක් නිරෝගි කෙනෙක් බවට පත් කළ හැකියි.
ඒ සඳහා කාර්ය මණ්ඩලයට සතුටින් වැඩ කළ හැකි පරිසරයක් මේ රෝහලේ තිබිය යුතුයි. මේ ප්‍රසන්න පරිසරය රැක ගැනීම සඳහා රෝගීන්ගෙන් මෙන්ම ඔවුන් බැලීමට පැමිණෙන අයගෙන්ද සහාය අවශ්‍යයි.
ප්‍රසන්න පරිසරයක් තුළ ගුණාත්මක විශ්වාසදායි සේවාවක් සැපයීම අපේ අරමුණයි.
නේවාසික රෝගීන් සඳහා සියල්ම පංච කර්ම, වමන, විරේචන, නස්‍ය, රක්ත මෝක්‍ෂණ, වස්ති ප්‍රතිකාර ලබා දීමත් කෙරෙනවා. විශේෂ සම්භාහන, ශිරෝධාර කටීවස්ති, පිණ්ඩමේද, ශිරෝවස්ති, ජානු වස්ති වැනි සුවිශේෂී ප්‍රතිකාර මේ රෝහලේ කෙරෙනවා.
හිරු නැගෙන පැයේදීත් හිරු බැස යන පැයේදීත් ඔබට නිරෝගී කම සතුට සහ දීර්ඝායුෂ ළඟා කර දීම මේ රෝහලේ පැතුමයි.
විශේෂ ස්තූතිය සුනිල් ලීලානන්ද පෙරේරා මහතා සහකාර ලේකම් (ප්‍රවෘත්ති) සබරගමුව පළාත් සභාව


No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.