සේවක සාමුහිකත්වයෙන් සත්කාරයට කැපවුණු වලස්මුල්ල මුලික රෝහල

මෙසේ රෝගීවන සාමාජීය මිනිසුන් අවසානයේ නතර වන්නේ රජයේ රෝහලකයි.
ඊට හේතුව රෝගියෙක්ගේ වගකීමක් ගත හැකි පරිදි මෙරට රෝහල් පද්ධතිය සැකසී ඇති නිසායි.
විශ්වාසදායී ලෙස ප්‍රතිකාර ලබාගැනීමට රෝහලට පැමිණෙන රෝගියාගේ ගතත්, සිතත් සුවපත් කිරීම රෝහල් කාර්ය මණ්ඩලයට පැවරී ඇති වගකීමක්.
එම වගකීම රෝහල් පද්ධතිය ඉටුකරන ආකාරය පිළිබඳව වලස්මුල්ල මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි එන්. කේ. රන්දොඹගේ මහතා අදහස් දැක්වූයේ මෙසේයි.
මේ රෝහලේ බාහිර රෝගී අංශයට දිනකට රෝගීන් 500 ක් පමණ සහභාගි වෙනවා.
ප්‍රදේශයේ ජනතාවගේ පහසුව සඳහා වෛද්‍ය සායන කීපයක් අපි ආරම්භ කළා.
සඳුදා මාතෘ සායනය, අඟහරුවාදා දියවැඩියාව, මීමැස්මොරය ඇතුළු රෝග රැසක් සඳහා කායික වෛද්‍ය සායනය, බ්‍රහස්පතින්දා හෘද රෝග, රුධිර පීඩනය ඇතුළු තවත් රෝග සඳහා කායික වෛද්‍ය සායනය, බදාදා මානසික සෞඛ්‍ය සායනය මේ අතර ඉතා වැදගත්.

වෛද්‍යවරයාගේ නිර්දේශ මත බාහිර රෝගී අංශයේ ප්‍රතිකාර පමණක් රෝගියාට ප්‍රමාණවත් නම් ඖෂධ ලබාදීම කෙරෙනවා. බාහිර රෝගී අංශයේ පැය 24 පුරාම වෛද්‍යවරයෙකු සිටිනවා.
හදිසි ප්‍රතිකාර ඒකකයට යොමු කරන රෝගීන්ව පැය 24 ක් පමණ රෝහලේ ප්‍රතිකාර ලබා දීමෙන් පසු නිවෙස් කරා යොමු කෙරෙනවා.
බාහිර රෝගී අංශයේ හා හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර පමණක් ප්‍රමාණවත් නොවන රෝගීන් නේවාසික රෝගීන් ලෙස ඇතුළත් කෙරෙනවා.
මේ රෝහලේ ප්‍රතිකාර පමණක් රෝගියාට ප්‍රමාණවත් නොවන්නේ නම් වෙනත් විශේෂඥ ප්‍රතිකාර හා පරීක්‍ෂණ සඳහා වෙනත් රෝහලකට රෝගීන් මාරු කර යැවීමක් කෙරෙනවා.

සෞඛ්‍ය අධ්‍යාපන ඒකකයක්, තුවාල සඳහා ප්‍රතිකාර ලබා දෙන ඒකකයක්, ලේ, මුත්‍රා සාම්පල් ලබාගැනීමේ ඒකකයක්, රසායනාගාරයක්, බාහිර ඖෂධාගාරයක් මේ රෝහලේ තිබෙනවා. වාට්ටු 7 කින් හා ඇඳන් 159 කින් මේ රෝහල සමන්විතයි.

වාට්ටුවල නේවාසික රෝගීන්ට මෙන්ම බාහිර ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන අයටත් සායන සඳහා පැමිණෙන අයටත් රෝග නිවාරණ කටයුතු පිළිබඳව දැනුම්වත් කිරීමක් කෙරෙනවා.
ඒ වගේම විවිධ රෝගී තත්ත්වයන් පිළිබඳවත් දැනුම්වත් කෙරෙනවා. මේ නිසා මේ ප්‍රදේශයේ ජනතාව පෙරට වඩා හොඳ සෞඛ්‍ය දැනුමක් ඇති පිරිසක් බවට පත්වෙලා.
පාසල්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් ඉල්ලීම් කළ විට ඒ අයගේ අවශ්‍යතාවට අනුව රෝහලෙන් බාහිරවත් සෞඛ්‍ය දැනුම හා වෙනත් අවශ්‍ය පහසුකම් ලබාදෙනවා.
රෝහල් සංවර්ධන කමිටුව මාස තුනකට වරක් සාකච්ඡා කෙරෙනවා. ගමේ ප්‍රජාව සමඟත් අප හොඳින් සහයෝගයෙන් කටයුතු කරනවා. නේවාසික රෝගීන් දිනකට දෙවරක් පරීක්‍ෂාවට ලක්වෙනවා.
රසායනාගාර පහසුකම් තිබීම නිසා පරීක්‍ෂණවලදී රෝගීන්ට මහත් පහසුවක් ඇති වී තිබෙනවා.
මේ රෝහලේ ක්ෂය රෝග ඒකකය මගින් සෙම පරීක්‍ෂාව කෙරෙනවා. ඒ වගේම මැලේරියාව පරීක්‍ෂණය සඳහා වෙනම ඒකකයක් තිබෙනවා.
මානසික සෞඛ්‍ය ඒකකයෙන් ප්‍රතිකාර ගැනීම සඳහා දැනට ලියාපදිංචි වී ඇති රෝගීන් ගණන 300 ක් පමණ වෙනවා. මාසයකට වරක් මානසික විශේෂඥ වෛද්‍යවරයෙක් මේ රෝහලට පැමිණෙනවා.

බාහිර හා අභ්‍යන්තර රෝගී පරීක්‍ෂාවේදීත් හමුවන මානසික රෝගීන් මානසික සෞඛ
්ය ඒකකයට යොමු කෙරෙනවා. මහජනතාවට ඉතාම සුහදව සැලකිලි දැක්විය යුතු ආකාරය පිළිබඳව මේ රෝහලේ කාර්ය මණ්ඩලය දැනුම්වත් කර තිබෙනවා.

රෝහලට පැමිණෙන හැම දෙනාම බොහෝ විට මානසික පීඩනයක් ඇතිවයි එන්නේ. රෝගී සත්කාරයේදී හොඳ ඉවසීමක් තිබිය යුතුයි. මේ පිළිබඳව අපි කාර්ය මණ්ඩලය දැනුම්වත් කර තිබෙනවා.
මේ රෝහලේ මාසයකට දරු උපත් 25 ක් පමණ සිදුවෙනවා. විශේෂඥ වෛද්‍යවරයෙක් නොමැති නිසා විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය රෝගීන් ;වනත් රෝහලකට මාරු කෙරෙනවා.
මේ රෝහලේ උපදින දරුවන් හොඳ තත්ත්වයේ සිටිනවා. අඩු බර දරු උපත් මේ රෝහලේ සිදු නොවෙන තරම්.
මේ රෝහලේ මහා පරිමාණ ශල්‍යකර්ම සිදු නොවුණත් සුළු පරිමාණ ශල්‍යකර්ම බොහොමයක් කෙරෙනවා.
මේ රෝහල මූලික රෝහලක් බවට පත්වුණේ මෑතකදීයි. කායික රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් යටතේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ඒකකයක් අලුතින් ආරම්භ කළා. එය මේ ප්‍රදේශයේ ජනතාවට ඉතාම හොඳ ආරංචියක්.

ලේවල ඇති කොලෙස්ටරෝල්, යූරියා පොටෑසියම් සහ සෝඩියම් ප්‍රමාණයන් පිළිබඳව කෙරෙන විශේෂ පරීක්‍ෂණ මේ රෝහලේ කෙරෙනවා.
දිනකට සිදුකරන රසායනාගාර පරීක්‍ෂණ ගණන වැඩිකර ගත හැකි වුණා. මීට ප්‍රථම රෝහල් රසායනාගාරයේ පරීක්‍ෂණ සීමිත ප්‍රමාණයක් කළ හැකි වුණා.
නමුත් මේ වන විට ප්‍රමාදයකින් තොරව දිනකට පරීක්‍ෂණ 200 ක් පමණ ලබාදිය හැකියි.
පැය 24 පුරාම රෝහලට රෝගීන් ඇතුළත් කිරීම කරනවා. වෛද්‍ය නිලධාරීන් 8 දෙනෙකුගේ කාර්ය මණ්ඩලයක් සේවා සැපයීමට ඉන්නවා.
සේවක සාමූහිකත්වය තුළින් උපරිම සේවාවක් රෝගීන්ට සලසා දිය හැකි පරිසරයක් මේ රෝහලේ ඇති වී තිබෙනවා. මේ රෝහලේ සේවක කැපවීම ඉතා ඉහළ මට්ටමක තිබෙනවා.
No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.