Dinamina - Aarogya article - 19th March 2014
යුද සමයේ රණවිරුවන් හා අවතැන් වූවන් වෙනුවෙන් අමිල මෙහෙවරක් කළ අනුරාධපුර ශික්ෂණ රෝහල
යුද සමයේදී රණවිරුවන් වෙනුවෙනුත්, යුද්දයෙන් පසු අවතැන් වූවන් වෙනුවෙනුත්, සුවිශාල මෙහෙවරක් කරමින් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දියුණුව කියා පෑ අනුරාධපුර ශික්ෂණ රෝහල ශ්‍රී ලංකීය ප්‍රධාන රෝහල් අතරින් කැපී පෙනෙන රෝහලක් බවට පත්ව තිබේ.
සමස්ත ශ්‍රී ලාංකීය ජනතාවටම ඉතාම වැදගත් රෝහලක් වන්නේ අතිශය පූජනීය ප්‍රදේශයක මෙම රෝහල පිහිටීම නිසාය. විශේෂයෙන්ම අනුරාධපුර වන්දනාමාන කරන ශ්‍රී ලාංකීය මෙන්ම විදේශීකයන්ගේ ද සෞඛ්‍ය කෙරෙහි දැඩි අවධානයකින් සිටින අනුරාධපුර ශික්ෂණ රෝහල සිදු කරන සේවාව මිල කළ නොහැක.
අනුරාධපුර ශික්ෂණ රෝහල පිළිබඳවත් එහි කෙරෙන සේවාව පිළිබඳවත් අනුරාධපුර ශික්ෂණ රෝහලේ රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ඩී. ඩබ්ලිව්. අතපත්තු මහතා දැක්වූ අදහස් මෙසේයි.
රෝහලට පැමිණෙන රෝගීන් බාහිර රෝගී ප්‍රතිකාර අංශයට පළමුව යොමු කරනවා. ඉන් පසු එහි සිටින වෛද්‍යවරුන්ගේ පරීක්ෂාවකින් පසු ප්‍රතිකාර ලබාදීමත් විශේෂඥ වෛද්‍යවරුන් හමුවට යොමු කිරීමත් රෝහලේ නේවාසික ප්‍රතිකාර සඳහා හෝ හදිසි ප්‍රතිකාර ඒකකයට යොමු කිරීම කරනවා.
අසාධ්‍ය රෝගීන් නම් ඔවුන්ට කඩිනමින් අවශ්‍ය කරන ප්‍රතිකාර සහ අවශ්‍ය පරීක්ෂණ සිදු කර, දැඩි සත්කාර ඒකකයට යොමු කරනවා.
සෑම රෝගියෙකුගේම ජීවිතය රැක ගැනීම අපේ වගකීමක්. මේ බව අපේ රෝහලේ හැම අංශයකම සේවක සේවිකාවන් හොඳින්ම දැන සිටිනවා.
බාහිර රෝගී අංශයේ ප්‍රතිකාර සඳහා දිනකට දහසකට වැඩි ප්‍රමාණයක් පැමිණෙනවා. සායන රෝගීන් පන්සීයක් පමණ සතියේ දිනවල ප්‍රතිකාර සඳහා යොමු වෙනවා.
උතුරු මැද පළාතෙම වකුගඩු රෝගීන් බහුල වීමක් දැකිය හැකියි. විශේෂයෙන්ම හඳුනා නොගත් වකුගඩු රෝගීන් බහුලව දක්නට ලැබෙනවා.
මේ රෝගීන් සඳහා අවශ්‍ය උපදෙස් සහ ප්‍රතිකාර ලබාදීම කරනවා. වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්ම සාර්ථකව මේ රෝහලේදී කෙරෙනවා. ඊට අමතරව රුධිරය පිරිසුදු කිරිම ද කරනවා.
හදිසි අනතුරු, වස විස ශරීර ගතවීම, සියදිවි හානි කර ගැනීමට උත්සාහ කළ අය, සර්ප දෂ්ටනය, ස්වසන රෝග මෙන්ම මානසික රෝගීන් වැඩි වශයෙන් ප්‍රතිකාර සඳහා යොමු වීමක් දක්නට ලැබෙනවා.
කෘෂිකාර්මික ජීවන රටාවකට හුරු වූ ජනතාවක් ජිවත් වන ප්‍රදේශයක් ලෙස මේ ප්‍රදේශයේ කෘෂිකාර්මික හේතූන් නිසා ඇතිවන සෞඛ්‍ය ගැටලුවලට ප්‍රතිකාර සඳහා පැමිණෙන රෝගීන්ගේ ප්‍රවනතාවක් දක්නට ලැබෙනවා.
මේ රෝහල භෞතික වශයෙන් බොහෝසෙයින් සංවර්ධනය වී තිබෙනවා. මහාචාර්ය ඒකකයක් ද පසුගිය කාලයේ රෝහලේ ස්ථාපිත කෙරුණා.
රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍යයින් මෙහි අධ්‍යන කටයුතු සඳහා පැමිණෙනවා. විශේෂඥ වෛද්‍ය පුහුණු වීම් ද මේ රෝහලේ කෙරෙනවා.
වකුගඩු රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා වෙන් වූ ඒකකයක් ශ්‍රී ලංකා වකුගඩු පදනම මඟින් මේ රෝහලේ ඇති කළා. කාර්ය මණ්ඩල හිඟය අපට තිබෙන ප්‍රධාන ගැටලුවක් වී තිබෙනවා.
මෙය ඉදිරියේදී මඟහරවා ගත යුතුයි. හෘද ශල්‍යකර්ම හැර අනිකුත් ප්‍රධාන ශල්‍යකර්ම සියල්ලම මේ රෝහලේ සිදු කරනවා. ඒ වගේම ඕනෑම රෝගී අවස්ථාවකට ප්‍රතිකාර ලබාගත හැකි පරිදි අපගේ විශේෂඥ වෛද්‍ය සේවාව වර්ධනය වී තිබෙනවා.
මාංශපේෂි සහ ස්නායු වේදනා ඇති රෝගීන්ට එම වේදනාව සමනය කර ගැනීම සඳහා විශේෂ ඒකකයක් රෝහලේ පවත්වාගෙන යනවා. මේ ඒකකයේදී වේදනා සහිත රෝගීන්ට සහනයක් ලැබෙනවා.
බෝ වන රෝග සහිත රෝගීන් වෙන්කර තබා වෙනම ප්‍රතිකාර කිරීම කෙරෙනවා. එමෙන්ම පිළිකා රෝගීන් සඳහා වෙනම ඒකකයක ප්‍රතිකාර සිදු කරනවා.
රෝහලේ පිරිසුදුකම රැකගැනීම සඳහාත් රෝහලේ ඉදිරි කටයුතු දියුණුකර ගැනීම සඳහාත් බොහෝදෙනාගේ සහාය අවශ්‍යයි. පරිත්‍යාගශීලීන්ගේ පරිත්‍යාග මේ රෝහලේ දියුණුව ඇති කරලීම සඳහා අප බලාපොරොත්තු වෙනවා.
රෝහල් කමිටුව රෝහලේ දියුණුවට බොහෝ කටයුතු සිදු කරනවා. එමෙන්ම සේවකයින්ගේ එකමුතුව ද රෝහලේ දියුණුවට බෙහෙවින් බලපානවා.
------------------------------------------------------------------------------------------------------------------
Dinamina - Aarogya article - 30th May 2012
රණවිරුවන්ගේ දිවි ගලවා දුන් අනුරාධපුර ශික්ෂණ රෝහල
ශ්‍රී ලංකාවේ පැවැති තිස් වසරක කුරිරු යුද්ධයේදී ත්‍රස්ත ප්‍රහාරවලට ගොදුරු වූ උතුරු හා උතුරු මැද පළාතේ සේවය කරන ලද රණවිරුවන්ගේද අහිංසක ගම්වාසීන්ගේද ජීවිත බේරා ගැනීම සඳහා සුවිසල් මෙහෙවරක් ඉටු කරන ලද්දේ අනුරාධපුර ශික්‍ෂණ රෝහලය.
ත්‍රස්ත ප්‍රහාරවලට ලක් වී ජීවිතයත් මරණයත් අතර සිටියවුන්ගේ දිවි බේරා ගැනීම සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලේ රෝහල් අධ්‍යක්‍ෂවරු වෛද්‍ය විශේෂඥයන් වෛද්‍යවරුන් හෙදියන් හා සියලු සේවක සේවිකාවන් රාජකාරිය දේව කාර්යයක්සේ සලකා දිවා රාත්‍රී නොබලා ඉටු කරන ලද උත්තරීතර මෙහෙවර රෝහල් ඉතිහාසයේ රන් අකුරෙන් සටහන් වෙනු ඇත.
එසේම අනුරාධපුර දිස්ත්‍රික්කයේ ද වව්නියා මන්නාරම් හා කිළිනොච්චි දිස්ත්‍රික්කවල ද පදිංචි ජනතාව අනුරාධපුර ශික්‍ෂණ රෝහලෙන් රෝහල ආරම්භ කළ යුගයේ පටන්ම ප්‍රතිකාර ලබා ගනිමින් සිටිති.
2005 බලයට පත් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා ත්‍රස්තවාදය අවසන් කිරීම සඳහා ඇරඹි මානුෂික මෙහෙයුමේ දී අනුරාධපුර ශික්ෂණ රෝහල තුවාල ලත් රණවිරුවන් වෙනුවෙන් ඉටු කරන ලද සුවිශේෂී මෙහෙවර යුද බිමේ සටන් වැදුනු රණවිරුවන්ගේ චිත්ත ධෛර්ය ශක්තිමත් කිරීමට හේතු වූවා නොඅනුමානය.
ලේ බැංකුව හා ප්‍රාදේශීය ලේ බැංකු ඇරඹීම, හදිසි ප්‍රතිකාර ඒකක වෛද්‍ය වාට්ටු සංකීර්ණයක් වකුගඩු රෝහලක් ද 2010 රජරට විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨය සහිත මහාචාර්ය ඒකකයක්ද ආපදා කළමනාකරණ ප්‍රතිකාර ඒකකයක්ද හදිසි ගිලන් රථ සේවාවක්ද ලැබී තිබේ.ශික්‍ෂණ රෝහලක් බවට පත් වූ මෙම රෝහලට මාතෘ වාට්ටු ගෙවන වාට්ටු පල්දෝරු පද්ධතිය නව ශල්‍යගාරයක්, ශීතකරණ පහසුකම්, සහිත මෘත ශරීරාගාරයක්, නොමේරූ ළදරුවන් උදෙසා නව පහසුකම් සහිත ළදරු ඒකකයක්, ළමා පාචන වාට්ටුවක්, කාන්තා ශෛල්‍ය වාට්ටුවක්, හමුදා නිලධාරි වාට්ටුවක්,තවත් නව ශෛල්‍යාගාර දෙකක්, දන්ත සායන ගොඩනැඟිල්ලක්, දැඩි සත්කාර ඒකකයක්, නව සූතිකාගාර ගොඩනැඟිල්ලක්, භෞත චිකිත්සක අංශ නව ගොඩනැඟිල්ලක් හෙදි නේවාසිකාගාරයක්, මධ්‍යම සැළසුම් ඒකකයක්, විකිරණ අංශ ගොඩනැඟිල්ලක්, බාහිර රෝගී ගොඩනැඟිල්ලක්, ශෛල්‍ය දැඩි සත්කාර ඒකකයක් නව ඖෂධ ගබඩා සංකීර්ණයක් හා අභ්‍යන්තර ඖෂධාලයක්, පිළිකා විකිරණ ප්‍රතිකාර ඒකකයක්, විකලාංග ඒකකයක්ද 2002 වසරේ වකුගඩු රෝගීන් සඳහා රුධිර කාන්දුකරණ ඒකකයක්, බණ්ඩාරනායක වාට්ටු සංකීර්ණය, ඇඳන් 250කින් සමන්විත වන අතර එහි ශල්‍යාගාරය දැඩි සත්කාර ඒකකය හෘද රෝග ඒකකය, විකලාංග ශල්‍යාගාරයද පිහිටා ඇත.
දිනකට බාහිර රෝගීන් 2000කට අධික ප්‍රමාණයක් ප්‍රතිකාර ගනිති. නේවාසික රෝගීන් 325 ක් පමණ දිනකට රෝහල් ප්‍රතිකාර සඳහා ඇතුළු වේ. ශල්‍යකර්ම 2000ක් පමණ මාසිකව සිදු කෙරේ.අනුරාධපුර ශික්ෂණ රෝහලේ ඇඳන් 1859 කි. මහාචාර්ය ඒකකයක් සමඟ නේවාසික හදිසි ප්‍රතිකාර තිබෙන වාට්ටු 56කි. වෛද්‍යවරු 224 කි. හෙද හෙදියන් 790 ක්ද හෙද සොයුර සොයුරියන් 50ක් ද, හෙද පාලක පාලිකාවෝ 08 දෙනෙකුද, රෝහල් කම්කරුවෝ 861කින්ද, සමන්විතය. ඖෂධවේදීන් , වෛද්‍ය රසායනාගාර කාර්මික ශිල්පීන් ඇතුළු සේවකයෝ 199 කි. මහාචාර්යවරයකු ඇතුළු විශේෂඥ වෛද්‍යවරු 48 කි. අනුරාධපුර ශික්ෂණ රෝහලේ දිනකට දරු උපත් 30 - 35 කි.
රෝහලේ සමස්ත කාර්ය මණ්ඩලය 2229කි.
හෙක්ටයාර් 18 ක රෝහල් ගොඩනැඟිලි ඉදිකැර තිබේ.
රුපියල් මිලියන 68 ක වියදමින් භික්‍ෂු වාට්ටුවක්ද රුපියල් මිලියන 26 වියදමින් නිල නිවාස සංකීර්ණයක්ද රෝහල් බිමේ ඉදිවෙමින් පවතී.
No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.