Colombo North Teaching Hospital - Ragama


Dinamina - Aarogya article - 15th December 2010

රෝග නිරාවරණයට මඟ කියන උතුරු (රාගම) ශික්ෂණ රෝහල



සෞඛ්‍ය සේවාවේ ගුණාත්මක බව රැඳී ඇත්තේ එහි සේවකයන් මතය. රෝහල් කාර්ය මණ්ඩලයේ සෞඛ්‍ය දැනුම වර්ධනය වීම රෝහල් සේවාවේ ගුණාත්මක භාවයට බෙහෙවින් ඉවහල් වන්නකි.
ප්‍රජාව සෞඛ්‍ය පිළිබඳ දැනුම්වත් වීම තුළින් රෝග නිවාරණයට මඟ පෑදීම නිසා නිදහස් සෞඛ්‍ය සේවාව ලබාදීමේදී වැයවන රජයේ මුදල් බොහෝ ප්‍රමාණයක් ඉතිරි කර ගැනීමට ද හැකිය. මේ කාර්යයේදී ඉහළම සේවාවක් සැපයීම සඳහා මූලිකව කටයුතු සලසා ඇති උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය රෝයි පෙරේරා මහතා රෝහල් සේවාව පිළිබඳ අදහස් දැක්වූයේ මෙසේයි.
මේ රෝහල සියලුම විශේෂඥ වෛද්‍ය සේවා පවත්වාගෙන යන ප්‍රධානම රෝහලක්. මේ රෝහල දෙවැනි වන්නේ කොළඹ ජාතික රෝහලට පමණයි. දිනකට බාහිර රෝගී අංශයට විතරක් රෝගීන් හාරදහසකට වඩා පැමිණෙනවා. රාත්‍රී 8 දක්වා බාහිර ප්‍රතිකාර සේවාව ක්‍රියාත්මකයි. මේ අංශයේ වෛද්‍යවරු 46 දෙනෙක් සේවය කරනවා. කාර්ය මණ්ඩලයේ රෝගීන් පරීක්‍ෂා කිරීම සඳහා වෙනම වෛද්‍යවරු තිදෙනෙක් යොමුකර තිබෙනවා.
දෛනිකව සායන 30 ක් පමණ ක්‍රියාත්මකයි. මේ සඳහා රෝගීන් පන්දහසක් පමණ සහභාගි වීම කැපී පෙනෙන්නක්. වාට්ටුවලින් පිටවන රෝගීන්ගේ රෝග විනිශ්චය පතට අනුව විශේෂඥ වෛද්‍ය සායන සඳහා රෝගීන්ට යොමුවිය හැකියි. මේ කාඩ්පතේ සායන සඳහා රෝගීන් යොමුවිය යුතු දිනය සටහන් කර තිබෙනවා. ඒ අනුව රෝගීන්ට සායන සඳහා යොමුවිය හැකියි. සායන සඳහා යොමුවන රෝගීන් බාහිර රෝගී අංශය හරහා පැමිණීම අවශ්‍ය නැහැ.
මේ රෝහලේ ප්‍රාථමික ප්‍රතිකාර (PCU) ඒකකය නිසා රෝහලේ නේවාසික ප්‍රතිකාර සඳහා යොමුවන රෝගීන්ගේ අඩුවක් දක්නට ලැබෙනවා.
ප්‍රාථමික ප්‍රතිකාර ඒකකයේ රෝගියා පැය කීපයක් නතර කර ප්‍රතිකාර ලබා දෙනවා. මෙහිදී සුව වන රෝගීන්ට නිවෙස් බලා යා හැකියි. බාහිර ප්‍රතිකාර ඒකකයෙන් ප්‍රාථමික ප්‍රතිකාර ඒකකයට යොමුකරන රෝගීන් ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙක්ගේ පරීක්‍ෂාවට ලක්කෙරෙනවා. මේ ක්‍රමය නිසා රෝහලේ වියදම් අඩුකර ගත හැකි වුණා.
දිනකට ශල්‍යකර්ම 150 ක් පමණ මේ රෝහලේ කෙරෙනවා. ශල්‍යාගාර 05 ක් ක්‍රියාත්මකයි. දෛනිකව නේවාසික වන රෝගීන් ගණන 300 ක් පමණ වෙනවා. මේ රෝහල වාට්ටු 31 කින් සමන්විතයි. මේ රෝහල යටතේ පාලනය වන රාගම පුනරුත්ථාපන රෝහල විශේෂ මෙහෙයක් ඉටුකරනවා.
කශේරුකාවේ හා විවිධ අස්ථි ආබාධවලින් ආබාධිත වූ රෝගීන් සඳහා මේ රෝහල පිහිටුවා තිබීම වැදගත්. විශේෂ ආබාධිත රෝගීන් නේවාසිකව තබාගෙන රැකබලා ගැනීම අවශ්‍ය ව්‍යායාම් ලබාදීම මෙහිදී කෙරෙනවා. මේ සේවාව සඳහා විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනෙක් හා විශේෂ පුහුණුව ලත් වෛද්‍ය කාර්ය මණ්ඩලයක් සිටිනවා.
කඳාන දිසා රෝහල, හෙද විදුහල පාලනය වන්නේත් මේ රෝහල යටතේයි. වෛද්‍ය ශිෂ්‍යයන්, හෙද හෙදියන්, සෞඛ්‍ය සේවා නිලධාරීන් වගේම සියලුම සෞඛ්‍ය කාර්ය මණ්ඩල පුහුණු කිරීම කෙරෙන්නේ මේ රෝහල ආශි‍්‍රතවයි. කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයත් මේ රෝහලට අනුයුක්තව ක්‍රියාත්මක වෙනවා.
සෞඛ්‍ය අධ්‍යාපන ඒකකය මගින් සේවාස්ථ පුහුණු පාඨමාලා වසර පුරාම කරනවා. වෛද්‍යවරුන්ට, හෙද කාර්ය මණ්ඩලයට මෙන් ම සනීපාරක්‍ෂක කාර්ය මණ්ඩලයේ දැනුමත් වැඩි කළ යුතුයි. බාහිර රෝගී අංශයට රෝ්ගියෙක් පැමිණීමෙන් පසු රෝගියා අදාළ වෛද්‍යවරයා වෙත යොමුකිරීමෙන් පසු වාට්ටුවලට යොමුකළ යුතු රෝගීන් වාට්ටුවලට යොමු කරනවා.
මේ රෝහලේ හැම වාට්ටුවකම නේවාසික වෛද්‍යවරයෙක්, ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙක්, ලේඛකාධිකාරීවරයෙක්, ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරිවරයෙක්, විශේෂඥ වෛද්‍යවරයෙක් සේවය කරනවා. නේවාසික ප්‍රතිකාර ලබාගන්නා රෝගීන් සියලු දෙනාවම මේ පස්දෙනාගේම පරීක්‍ෂාවට ලක්කෙරෙනවා.
රෝගීන්ගේ අවශ්‍ය පරීක්‍ෂණ කටයුතු සඳහා අංග සම්පූර්ණ රසායනාගාර හතරක් ක්‍රියාත්මකයි. මේ ඒකකය විශේෂඥ වෛද්‍යවරු හතරදෙනෙක් යටතේ පැය 24 පුරාම ක්‍රියාත්මකයි. මේ වන විට හෝමෝන පරීක්‍ෂාව පවා මේ රෝහලේදී කළ හැකි පරිදි රසායනාගාර පරීක්‍ෂණ දියුණු කළා. පුත්තලම, හලාවත, මීගමුව, ගම්පහ යන රෝහල්වල අයටත් මේ නිසා විශාල සේවයක් ලබා දෙන්න අපට හැකි වී තිබෙනවා. හෝමෝන පරීක්‍ෂාව සඳහා වැඩි මුදලක් වැය වෙනවා. අපි මේ පරීක්‍ෂණ සියල්ල නොමිලේ ලබා දෙනවා.
රේඛීය අමාත්‍යංශය යටතේ පවත්වාගෙන යන මේ රෝහලට අවශ්‍ය පහසුකම් අමාත්‍යංශය හරහා නොඅඩුව ලැබෙනවා. ඒත් සමහර පරිත්‍යාගශීලීන් රෝහලේ දියුණුවට පහසුකම් සැලසීමට ඉදිරිපත් වීම අගය කළ යුතුයි.
විශේෂයෙන් පුනරුත්ථාපන රෝහලට දානපතියන් විශාල වශයෙන් රෝද පුටු ඇඳන් පරිත්‍යාග කරනවා. රෝහල් කාර්ය මණ්ඩලය රෝගී සත්කාර සේවයේදී හොඳ සේවයක් ලබා දෙනවා. මේ රෝහලේ සුළු සේවකයන්ගේ පවා ආකල්පමය වෙනසක් ඇතිකර තිබෙනවා.
රෝගියා කේන්ද්‍ර කරගෙනයි රෝහල පවතින්නේ. ඒ නිසා රෝගියාට ප්‍රමුඛතාව ලබා දී සත්කාරය උපරිමයෙන් ලබා දීමට රෝහල් කාර්ය මණ්ඩලය හුරු කිරීමට හැකි වුණා. රෝගියා බලාගැනීමට රෝහල් කාර්ය මණ්ඩලය සිටින නිසා, මේ රෝහලේ රෝගියා අසල ඥාතියෙක්ට නැවතීමට දීමේ ක්‍රමය ඉදිරියේදී වෙනස් කළ යුතුයි.
එවැනි ක්‍රමයක් මෙරට රජයේ රෝහල්වල ක්‍රියාත්මක වන්නේ නැහැ. මේ ක්‍රමය නිසා රෝග බෝවීමත් පැතිර යාමත් වැඩියි. මේ නිසා රෝහල් ගතකළ රෝගියා සුව වී යන විට එම නිවසේම තවත් කීප දෙනෙක් රෝගාබාධවලින් පීඩාවට පත්ව ප්‍රතිකාර ලබාගන්නා අවස්ථා තිබෙනවා. මෙය ප්‍රජාව වටහාගත යුතුයි. ඒ නිසා සැම දෙනාගේම යහපත සඳහා ඉදිරියේදී මේ ක්‍රමයේ වෙනසක් ඇතිකරනවා.
මේ රෝහලේ නඩත්තු කටයුතු සියල්ල කෙරෙන්නේ මධ්‍යම ඉංජිනේරු කාර්යාංශය යටතේයි.
ඊට අමතරව සුළු නඩත්තු කටයුතු රෝහලේ සුළු සේවකයන් ලවා ඉටුකරවා ගන්නවා. ඒ සඳහා රෝහලේ විශේෂ දක්‍ෂතා ඇති සේවකයන් හඳුනාගෙන එම සේවකයින් ඊට අනුයුක්ත කරනවා. මේ හරහා සුළු නඩත්තු කටයුතු සඳහා යන වියදම අඩුකර ගත හැකි වුණා.
රෝහලේ ආහාර සඳහා පසුගිය වසරේ රුපියල් ලක්‍ෂ 25 ක් පමණ වියදම් වුණා. ඒත් මේ ආහාරපානවලින් වැඩි ප්‍රමාණයක් අපතේ ගියා. මේ නිසා ආහාර අපතේ නොයන ආකාරයේ වැඩපිළිවෙළක් සැකසුවා. සමහර රෝගීන් රෝහලෙන් දෙන කෑම ගන්නේ නැහැ. ඒත් රෝහලේ නේවාසික සෑම රෝගියෙක් සඳහාම කෑම නිකුත් කළා.
මේ නිසා කෑම වැඩි ප්‍රමාණයක් අපතේ ගියා. දැන් අපි එම ක්‍රමය වෙනස් කොර කෑම අවශ්‍ය රෝගීන්ගේ ලේඛනයක් ගෙන ඊට අනුව කෑම නිකුත් කරනවා. මේ නිසා මසකට රුපියල් ලක්‍ෂ 12 ක ඉතිරියක් කර ගත හැකි වුණා. මේ ක්‍රමවේදය නිසා මේ වන විට අපිට රුපියල් මිලියන 13 ක ඉතිරියක් තිබෙනවා.
නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය කපිල වික්‍රමසිංහ මහතා -
යොවුන් මිතුරු සුව සේවා ඒකකය, දියවැඩියා ඒකකය වගේම අධික ස්ථුලතාවයෙන් පෙළෙන අයට වෙනමම සායන පවත්වනවා. මේ ඒකක සඳහා වෙනමම වෛද්‍යවරු සේවයේ යොදවා තිබෙනවා. යොවුන් මිතුරු ඒකකයේදී තරුණ වියේ ගැටලු බොහොමයකට පිළිතුරු ලබාගත හැකියි.
මානසික පීඩාවට පත් ඕනෑම අයෙක්ට මේ ඒකකයට පැමිණිය හැකියි. මේ රෝගීන් සමඟ බොහෝ වේලාවක් කතා කළ යුතුයි.
මේ සඳහා වෙනමම වෛද්‍යවරයෙක් ඉන්නවා. උපදේශන සේවා ලබාදීම මගින් රෝගීන් බොහොමයක් සුවය ලබා තිබෙනවා.
මානසික ගැටලු, පෙම් සබඳතා, අධ්‍යාපන, ලිංගික හා වෙනත් ඕනෑම ගැටලුවකට මේ ඒකකයෙන් පිළිතුරු ලබාගත හැකියි. ඔබේ පිහිටට මේ ඒකකය ඕනෑම අවස්ථාවක සූදානමින් සිටිනවා.
සායන පැවැත්වෙන දින හා වේලාවන්
කායික රෝග සායනය
සිකුරාදා ප. ව. 2 සිට ප. ව. 4 දක්වා
අඟහරුවාදා පෙ. ව. 8 සිට දහවල් 12 දක්වා
බ්‍රහස්පතින්දා ප. ව. 2 සිට ප. ව. 4 දක්වා
බදාදා පෙ. ව. 8 සිට දහවල් 12 දක්වා
බදාදා ප. ව. 2 සිට ප. ව. 4 දක්වා
බාහිර අංශයේ රෝගීන් සඳහා
සතියේ දිනවල පෙ. ව. 8 සිට දහවල් 12 දක්වා
බදාදා ප. ව. 2 සිට ප. ව. 4 දක්වා
සිකුරාදා පෙ. ව. 8 සිට දහවල් 12 දක්වා
දියවැඩියා සායනය
සතියේ දිනවල පෙ. ව. 8 සිට දහවල් 12 දක්වා
සෙනසුරාදා පෙ. ව. 8 සිට දහවල් 12 දක්වා
ශල්‍ය වෛද්‍ය සායනය
බදාදා පෙ. ව. 8 සිට දහවල් 12 දක්වා
සඳුදා පෙ. ව. 8 සිට දහවල් 12 දක්වා
අඟහරුවාදා ප. ව. 2 සිට ප. ව. 4 දක්වා
සිකුරාදා පෙ. ව. 8 සිට දහවල් 12 දක්වා
සිකුරුදා පෙ. ව. 8 සිට දහවල් 12 දක්වා
නාරිවේද සායනය
බ්‍රහස්පතින්දා පෙ. ව. 8 සිට දහවල් 12 දක්වා
සඳුදා පෙ. ව. 8 සිට දහවල් 12 දක්වා
සෙනසුරාදා පෙ. ව. 8 සිට දහවල් 12 දක්වා
සිකුරාදා ප. ව. 2 සිට ප. ව. 4 දක්වා
සඳුදා ප. ව. 2 සිට ප. ව. 4 දක්වා
මාතෘ සායනය
අඟහරුවාදා පෙ. ව. 8 සිට දහවල් 12 දක්වා
බදාදා පෙ. ව. 8 සිට දහවල් 12 දක්වා
සිකුරාදා පෙ. ව. 8 සිට දහවල් 12 දක්වා
බ්‍රහස්පතින්දා පෙ. ව. 8 සිට දහවල් 12 දක්වා ප. ව. 2 සිට ප. ව. 4 දක්වා
ළමා රෝග සායනය
සඳුදා පෙ. ව. 8 සිට දහවල් 12 දක්වා
නොමේරූ ළදරු සායනය
අඟහරුවාදා පෙ. ව. 8 සිට දහවල් 12 දක්වා
බ්‍රහස්පතින්දා පෙ. ව. 8 සිට දහවල් 12 දක්වා
ප්‍රතිශක්තිකරණ සායනය
බදාදා පෙ. ව. 8 සිට දහවල් 12 දක්වා
සඳුදා පෙ. ව. 8 සිට දහවල් 12 දක්වා
බාහිර රෝගී ළමා රෝග සායනය
සතියේ දිනවල පෙ. ව. 8 සිට ප. ව. 3 දක්වා
සෙනසුරාදා පෙ. ව. 8 සිට දහවල් 12 දක්වා
අක්‍ෂි සායනය
සඳුදා ප. ව. 2 සිට ප. ව. 4 දක්වා
අඟහරුවාදා සිට බ්‍රහස්පතින්දා දිනවල පෙ. ව. 8 සිට දහවල් 12 දක්වා
සෙනසුරාදා පෙ. ව. 8 සිට දහවල් 12 දක්වා
උගුර කණ නාස සායනය
සඳුදා පෙ. ව. 8 සිට දහවල් 12 දක්වා
අඟහරුවාදා පෙ. ව. 8 සිට දහවල් 12 දක්වා
සිකුරාදා පෙ. ව. 8 සිට දහවල් 12 දක්වා
සමේ රෝග සායනය
සඳුදා පෙ. ව. 8 සිට දහවල් 12 දක්වා
බදාදා පෙ. ව. 8 සිට දහවල් 12 දක්වා
සිකුරාදා පෙ. ව. 8 සිට දහවල් 12 දක්වා
අස්ථි රෝග සායනය
සඳුදා පෙ. ව. 8 සිට දහවල් 12 දක්වා
බ්‍රහස්පතින්දා ප. ව. 2 සිට ප. ව. 4
මානසික රෝග සායනය
සඳුදා ප. ව. 2 සිට ප. ව. 4
අඟහරුවාදා ප. ව. 2 සිට ප. ව. 4
බ්‍රහස්පතින්දා ප. ව. 2 සිට ප. ව. 4
සෙනසුරාදා පෙ. ව. 8 සිට දහවල් 12 දක්වා
ස්නායු රෝග සායනය
සඳුදා පෙ. ව. 8 සිට දහවල් 12 දක්වා
සිකුරාදා පෙ. ව. 8 සිට දහවල් 12 දක්වා
අපස්මාරය රෝග සායනය
බදාදා ප. ව. 2 සිට ප. ව. 4
හෘද රෝග සායනය
සඳුදා පෙ. ව. 8 සිට දහවල් 12 දක්වා
බදාදා පෙ. ව. 8 සිට දහවල් 12 දක්වා
සිකුරාදා පෙ. ව. 8 සිට දහවල් 12 දක්වා
මුඛ හනුක රෝග සායනය
සතියේ දිනවල පෙ. ව. 8 සිට දහවල් 12 දක්වා
විකලාංග දන්ත සායනය
සෙනසුරාදා පෙ. ව. 8 සිට දහවල් 12 දක්වා
අන්ත්‍ර රෝග සායනය
සඳුදා ප. ව. 2 සිට ප. ව. 4
අඟහරුවාදා ප. ව. 2 සිට ප. ව. 4
මෞත්‍ර ලිංගික සායනය
බදාදා පෙ. ව. 8 සිට දහවල් 12 දක්වා
බ්‍රහස්පතින්දා පෙ. ව. 8 සිට ප. ව. 4 දක්වා
සිකුරාදා ප. ව. 2 සිට ප. ව. 4
ළමා සායනය
(අවුරුද්දට අඩු දරුවන් සඳහා)
සඳුදා පෙ. ව. 8 සිට දහවල් 12 දක්වා
බදාදා පෙ. ව. 8 සිට දහවල් 12 දක්වා
උපත් පාලන සායනය
සෙනසුරාදා පෙ. ව. 8 සිට දහවල් 12 දක්වා
ගුද මාර්ග ආශි‍්‍රත රෝග සායනය
සෙනසුරාදා පෙ. ව. 8 සිට දහවල් 12 දක්වා
ලිංගාශි‍්‍රත රෝග සායනය
සතියේ සෑම දිනකම පෙ. ව. 8 සිට දහවල් 3.30 දක්වා
සෙනසුරාදා පෙ. ව. 8 සිට දහවල් 12 දක්වා
නිර්වින්දන සායනය
බදාදා ප. ව. 2 සිට ප. ව. 4
සිකුරාදා පෙ. ව. 8 සිට දහවල් 12 දක්වා
විශේෂ ස්තූතිය
නිහාල් පෙරේරා මහතාට

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.