Provincial General Hospital - Ratnapura

Dinamina Aarogya article - 20th October 2010

සේවක සුහදතාවයෙන්  රෝගී සත්කාර සේවයට කැප වූ
රත්නපුර පළාත් මහ රෝහල


මහ ජනතාවට හොඳ සෞඛ්‍ය සේවාවක් ලබාදීම සඳහා වෛද්‍යවරුන් මෙන් ම රෝහල් කාර්ය මණ්ඩලයේද සුහදතාව ඉතා වැදගත්ය.
නිසි ආකාරයෙන් ප්‍රතිකාර ලබා දීමට නම් කාර්ය මණ්ඩලය හොඳ මානසික තත්ත්වයක සිටිය යුතුය.
රෝහල් පරිසරයද රෝගීනට සේවා සැපැයීමේදී ඉතා වැදගත් සාධකයකි. සුන්දර පරිසරයක පිහිටි රත්නපුර පළාත් මහරෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය, දයා ධර්මපි‍්‍රය මහතා රෝහලේ සේවාවන් පිළිබඳ අදහස් දැක්වූයේ මෙසේයි.
මේ රෝහලේ ප්‍රතිකාර සඳහා එන රෝගීන් බාහිර ප්‍රතිකාර ලබන රෝගීන් හා නේවාසික ප්‍රතිකාර ලබාගන්නා රෝගීන් ලෙස කොටස් කෙරෙනවා.
බාහිර රෝගීන් බාහිර ප්‍රතිකාර අංශයෙන් තුණ්ඩු ලබාගත යුතුයි. බාහිර ප්‍රතිකාර අංශයේ වෛද්‍යවරුන් වෙත රෝගීන් යොමු කෙරෙන්නේ ඉන් අනතුරුවයි.
වෛද්‍යවරුන්ගේ පරීක්‍ෂා කිරීම්වලින් පසු ප්‍රතිකාර ලබාගෙන නිවෙස් බලා යාහැකි රෝගීන්ට ඖෂධ නිකුත් කිරීමේ කවුළුවෙන් බෙහෙත් ලබාගත හැකියි. මෙවැනි කවුළු 08ක් තිබෙනවා.
නේවාසික ප්‍රතිකාර ලබාගන්නා අයෙක් නම් බාහිර රෝගී අංශයට ඇතුල්වන ස්ථානයේ ඇති රෝගීන් ඇතුළත් කර ගැනීමේ අංශයට පැමිණ, වෛද්‍යවරයෙක් මුණ ගැසී ඊට අදාළ සේවාවන් ලබාගත හැකියි.
මේ ස්ථානයේ දිවා කාලයේ වෛද්‍යවරුන් දෙදෙනෙක් සහ රාත්‍රී කාලයේ එක් වෛද්‍යවරයෙක් සේවය කරනවා.
මේ රෝගීන්ට හදිසි ප්‍රතිකාර අවශ්‍ය නම් එහි ඇති හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කෙරෙනවා. මේ ස්ථානයේ දී රෝගියා ප්‍රකෘති තත්ත්වයට පත් කිරීමෙන් පසු නේවාසික ප්‍රතිකාර සඳහා වාට්ටුවට යොමු කරනවා.
දවසකට රෝගීන් 350ක් පමණ ප්‍රතිකාර සඳහා මේ රෝහලට පැමිණෙනවා. අපට ගොඩනැගිලි හිඟයක් පවතිනවා. මූලික ප්‍රතිකාර ඒකකයක් සඳහා ඉඩකඩ අඩුයි. නව ගොඩනැගිලි සංකීර්ණයක් මේ වන විට රෝහලේ සෑදෙමින් පවතිනවා.
මේ සඳහා ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයින් අනුග්‍රහය දක්වනවා. වාට්ටු 21කින් සමන්විත මේ රෝහලේ ඇඳන් 986ක් තියෙනවා. සායන සඳහා සහභාගී වන රෝගීන්ද වර්ග කෙරෙනවා.
නේවාසික ප්‍රතිකාර ලබා වැඩිදුර ප්‍රතිකාර සඳහා සායන වෙත යොමු කරන රෝගීන්, බාහිර ප්‍රතිකාර ලබා ගෙන වෛද්‍ය උපදෙස් මත දීර්ඝ කාලීනව ප්‍රතිකාර ලබාගත යුතු රෝගීන් සහ වෙනත් රෝහල්වලින් මේ රෝහලේ සායන සඳහා යොමු කරන රෝගීන් සායන සඳහා සහභාගී වන රෝගීන්, බාහිර ප්‍රතිකාර ඒකකයේ ඇති පිළිගැනීමේ අංශයෙන් අදාළ සායන සඳහා යොමු කරනවා.
සායන සඳහා පැමිණෙන පළමු දිනයේදී ඊළඟට සායනයට පැමිණිය යුතු දිනය සහ වේලාව රෝගියාට ලබා දෙනවා.
බාහිර රෝගී අංශයේ රෝගීන්ටත් සායන රෝගීන්ටත් අවශ්‍ය සියලු පරීක්‍ෂණ රෝහලේදී නොමිලේ ලබා දෙනවා.
රෝහලේ ඵලදායිතා අංශය මඟින් කෙරෙන පොදු වැඩ සටහන් හා ක්‍රීඩා කටයුතු මෙන්ම බාහිර වැඩ කටයුතුත් නිසා රෝහල් කාර්ය මණ්ඩලය අතර සුහදතාව වර්ධනය වෙනවා. කාර්ය මණ්ඩලය අතර ගැටුම් ඇති නොවීම නිසා රෝගීන්ට හොඳ සේවාවක් ලබාදීමට හැකියි.
මාසයකට වෛද්‍ය පුහුණුවීම් හෙද කාර්ය මණ්ඩල පුහුණුවීම් කණිෂ්ඨ කාර්ය මණ්ඩල පුහුණුවීම් ලබාදීම හරහා රෝහල් කාර්ය මණ්ඩලයේ ගුණාත්මක වර්ධනයක් ලබා දීමට හැකියාව ලැබෙනවා.
රෝහල් සෞඛ්‍ය අධ්‍යාපන ඒකකයෙන් බෝවන රෝග මෙන්ම, බෝ නොවන රෝග පිළිබඳත් ජනතාව දැනුවත් කරනවා.
විවිධ අත් පත්‍රිකා , වීථි නාට්‍ය මගින් මෙන්ම ශබ්ද විකාශන යන්ත්‍ර මඟින් රෝහල් පරිශ්‍රය තුළ සෞඛ්‍ය අධ්‍යාපන වැඩ සටහන් ක්‍රියාත්මක කරනවා. මේ මඟින් රෝගී වන්නට පෙර ජනතාව ඉන් මුදා ගැනීම අපේ පරමාර්ථයයි.
 මානසික රෝගීන් බොහෝවිට කාමරයකට හෝ වාට්ටුවකට හිරකර තැබීම සුදුසු ක්‍රියාවක් නොවෙයි. ඔවුන් හැකි ඉක්මණින් රෝග තත්ත්වය පාලනය කොට සමාජගත කළ යුතුයි.
මේ රෝහලේ මානසික ඒකකය හරහා රෝහලෙන් ප්‍රතිකාර ලබාගත් මානසික රෝගීන් සඳහා ඔවුන්ගේ නිවෙස්වලට ගොස් නැවත පසු විපරම් කිරීමත් අවශ්‍ය ඖෂධ ලබා දීමත් රෝහලෙන් කෙරෙනවා.
මානසික රෝගීන් සඳහා කලවාන, නිවිතිගල කිරිඇල්ල, අයගම යන ප්‍රදේශවල සායන පවත්වනවා. මානසික රෝගීන්ට ප්‍රතිකාර කෙරෙන ආකාරය විවිධයි.
රෝගියා සමඟ දිගින් දිගටම කතා කිරීම මගින් රෝගීන්ගේ මනස සුවපත් කළ හැකියි. එවැනි රෝගීන් සඳහා වෙනම ස්ථානයක් මේ රෝහලේ ක්‍රියාත්මක වෙනවා.
මානසික රෝගීන්ගේ දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් හැටියට මෙය ක්‍රියාත්මකයි. මේ ස්ථානයේදී රෝගීන් උදේ නවත්වාගෙන සවස නිවසට යාමට හැකි පරිදී ප්‍රතිකාර ලබාදෙනවා.
බොහෝ දෙනෙක් හොඳ ශරීර සෞඛ්‍ය තත්ත්වයන්ගෙන් සිටිනවායැයි සිතා සිටියත් රෝග පරීක්‍ෂාවන්වලදී විවිධ රෝගාබාධ පවතිින බවට ඔප්පු වී තිබෙනවා. ඒ නිසා අපි රෝහල් කාර්ය මණ්ඩලය බෝ නොවන රෝග පිළිබඳ විශේෂ පරීක්‍ෂාවකට ලක්කළා.
මේ වන විට රෝහල් කාර්ය මණ්ඩලයට මේ ක්‍රමවේදය හරහා ප්‍රතිකාර හා පරීක්‍ෂණ කර අවසන් දැන් අපි රත්නපුර දිසාපති කාර්යාලයේ සේවකයන් හට එම අවස්ථාව ලබාදී තිබෙනවා.
රෝහලේ පැවැත්වෙන මේ ක්‍රමය මඟින් පළමුව රාජ්‍ය සේවකයන්ටත් පසු පෞද්ගලික අංශයටත් මහජනතාව සඳහාත් ප්‍රතිකාර කිරීමට බලාපොරොත්තු වෙනවා.
රෝහලෙන් කෙරෙන විශේෂ සේවාවක් ලෙස අපි මේ වැඩසටහන ආරම්භ කළා. රෝහල් කාර්ය මණ්ඩලයෙන් ගුණාත්මක සේවාවක්් ලබා ගැනීමේ අරමුණින් රෝහලේ ළදරු පාසලක් ආරම්භ කළා.
උදේට ළදරු පාසලට ඇතුළත් කරන ළමයා සවස වැඩ නිම වී ගෙදර යනවිට රැගෙන යාමට හැකි පරිදි මේ ළදරු පාසල ක්‍රියාත්ම කරනවා.
රෝහල් වාට්ටුවල තීන්ත ආලේප කිරීමේදී වෛද්‍යවරු පරිත්‍යාගශීලීන්ගෙන් අවශ්‍ය ද්‍රව්‍ය ලබා දුන්නා ඒ මඟින් බොහෝ මුදල් ප්‍රමාණයක් ඉතිරි කර ගත හැකි වුණා.
රෝහලේ තීන්ත ආලේප කටයුතු සියල්ල රෝහල් සේවකයන් තිදෙනෙක් විසින්මයි කළේ. ඔවුන් ඒ වැඩ කොටස ඉතා හොඳින් කළා.
කිරිබත්ගොඩ ඤානානන්ද හාමුදුරුවෝ මේ රෝහලට විශේෂ පරිත්‍යාගයක් කළා. මවුවරුන් සඳහා වෙනම වාට්ටුවක් ඉදිකිරීමට අනුග්‍රහය දැක්වූවා අපි එම වාට්ටුව නොමේරූ ළදරු ඒකකයට වෙන් කළා. මවුවරුන්ගේ වාට්ටුවේ තිබුණු තදබදය මේ නිසා අඩු වුණා.
විශේෂ ස්තූතිය - සෞඛ්‍ය අමාත්‍ය
මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මාධ්‍ය උපදේශක සහ මාධ්‍ය ලේකම් චමුදිත සමරවික්‍රම මහතාට

සායන පැවැත්වෙන දින, වේලාවන් සහ ස්ථාන

කායික රෝග සායනය
සඳුදා ප. ව. 2 සිට 4 (දියවැඩියා)
අඟහරුවාදා පෙ. ව. 8 සිට 12
බදාදා පෙ. ව. 8 සිට 12
බ්‍රහස්පතින්දා පෙ. ව. 8 සිට 12
සිකුරාදා පෙ. ව. 8 සිට 12
ප. ව. 2 සිට 4 (දියවැඩියා)
කාමර අංක 56
බාහිර අංශයේ රෝගීන් සඳහා සඳුදා සිට සෙනසුරාදා දක්වා පෙ. ව. 8 සිට 12
ශල්‍ය වෛද්‍ය සායනය
අඟහරුවාදා පෙ. ව. 8 සිට 12
බදාදා පෙ. ව. 8 සිට 12
බ්‍රහස්පතින්දා පෙ. ව. 8 සිට 12
සිකුරාදා පෙ. ව. 8 සිට 12
කාමර අංක 69
ළමා රෝග සායනය
සඳුදා පෙ. ව. 8 සිට 12
බ්‍රහස්පතින්දා පෙ. ව. 8 සිට 12
සිකුරාදා පෙ. ව. 8 සිට 12 (ඇදුම රෝග සතියක් හැර සතියක්)
කාමර අංක 52
ළදරු සායනය
අඟහරුවාදා පෙ. ව. 8 සිට 12
බදාදා පෙ. ව. 8 සිට 12
කාමර අංක 52
පූර්ව ප්‍රසව නාරිවේද හා පවුල් සංවිධාන සායනය
සඳුදා පෙ. ව. 8 සිට 12
අඟහරුවාදා පෙ. ව. 8 සිට 12
බදාදා පෙ. ව. 8 සිට 4
බ්‍රහස්පතින්දා පෙ. ව. 8 සිට 12
සිකුරාදා පෙ. ව. 8 සිට 12
කාමර අංක 59
අක්ෂි රෝග සායනය
සඳුදා පෙ. ව. 8 සිට 12
බදාදා පෙ. ව. 8 සිට 12
ප. ව. 2 සිට 4 (ග්ලූකෝමා)
අඟහරුවාදා/ බ්‍රහස්පතින්දා
පෙ. ව. 8 (පසු ශල්‍ය)
සිකුරාදා පෙ. ව. 8 සිට 12
(දියවැඩියා) සෙනසුරාදා පෙ. ව. 8 සිට 12
(පාසල් ළමයින්)
කාමර අංක 51
උගුර කන නාස සායනය
සඳුදා පෙ. ව. 8 සිට 12
අඟහරුවාදා පෙ. ව. 8 (පසු ශල්‍ය)
බ්‍රහස්පතින්දා පෙ. ව. 8
සිකුරාදා පෙ. ව. 8 සිට 12
සෙනසුරාදා පෙ. ව. 8 සිට 12
(පාසල් ළමයින්)
කාමර අංක 53
මුඛ හා හනු සායනය
සඳුදා පෙ. ව. 8 සිට 12
බදාදා පෙ. ව. 8 සිට 12
කාමර අංක 54 - 1
මානසික රෝග සායනය
සඳුදා පෙ. ව. 8 සිට 12
අඟහරුවාදා ප. ව. 2 සිට 4
සිකුරාදා පෙ. ව. 8 සිට 12 (අලුත් රෝගීන්)
සෙනසුරාදා පෙ. ව. 8 සිට 12
(පාසල් ළමයින්)
කාමර අංක 67
සමේ රෝග සායනය
සඳුදා පෙ. ව. 8 සිට 12
අඟහරුවාදා ප. ව. 2 සිට 4
(පාසල් ළමයින්)
බදාදා පෙ. ව. 8 සිට 12 (ඉන්නන් පිළිස්සීම)
බ්‍රහස්පතින්දා පෙ. ව. 8 සිට 12
කාමර අංක 60
රූමැටික් රෝග හා පුනරුත්ථාපන සායනය
සඳුදා සිට සෙනසුරාදා දක්වා පෙ. ව. 8 සිට 12
කාමර අංක 58
ස්නායු රෝග සායනය
සඳුදා පෙ. ව. 8 සිට 12
බ්‍රහස්පතින්දා පෙ. ව. 8 සිට 12
කාමර අංක 71
අපස්මාර සායනය (ස්නායු පරීක්‍ෂණය)
අඟහරුවාදා පෙ. ව. 8 සිට 12
බදාදා/ සිකුරාදා පෙ. ව. 8 සෙනසුරාදා
කාමර අංක 71
විකලාංග දන්ත සායනය
සඳුදා පෙ. ව. 8 සිට 12
කාමර අංක 54 - 4
පිළිකා රෝග සායනය
සඳුදා පෙ. ව. 8 සිට 12
සිකුරාදා පෙ. ව. 8 සිට 12
කාමර අංක 70
හෘද රෝග සායනය
බදාදා පෙ. ව. 8 සිට 12
බ්‍රහස්පතින්දා ප. ව. 2 සිට ප. ව. 4
කාමර අංක 70
මෞත්‍ර ලිංගික සායනය බ්‍රහස්පතින්දා පෙ. ව. 8 සිට 12
කාමර අංක 70
විකලාංග ශල්‍ය සායනය අඟහරුවාදා පෙ. ව. 8 සිට ප. ව. 4
කාමර අංක 60
ලිංගාශි‍්‍රත රෝග සායනය 
බ්‍රහස්පතින්දා හැර සතියේ දිනවල පෙ. ව. 8
කාමර අංක 61
පෝෂණ සායනය අඟහරුවාදා පෙ. ව. 8 සිට 12
බදාදා පෙ. ව. 8 සිට 12
කාමර අංක 50 - 9

ළදරුවන් සහ ළමයින් සඳහා ප්‍රතිශක්තිකරණ සායනපෙන්ටා වේලන්ට්/ පෝලියෝ
ත්‍රිත්ව/ පෝලියෝ එන්නත් කිරීම
සෙනසුරාදා පෙ. ව. 8 සිට 12
කාමර අංක 68
සරම්ප (මාස 9 දී) සෑම මසකම තුන්වන සඳුදා පෙ. ව. 8 සිට 12 කාමර අංක 68
සරම්ප + රුබෙල්ලා (MR) 
සෑම මසකම පළමු සඳුදා
පෙ. ව. 8 සිට 12. කාමර අංක 68
(B. C. G.)  කැළැල් නැති අය සඳහා
සෑම මසකම දෙවැනි සහ සිව්වැනි බ්‍රහස්පතින්දා පෙ. ව. 8 සිට 12 ළය චිකිත්සාගාරය

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.