Base Hospital - Balapitiya

Dinamina - Aarogya article - 10th July 2013

එකමුතු කමින් දියුණුව කරා පිය නඟන බලපිටිය මූලික රෝහල



සුනාමි දලරළ පෙළින් පසු බලපිටිය හා ඒ අවට ජනතාවට මහ මුහුද අකාරුණික වුණේ ජුනි මස 07 දා පැමිණි සුළිකුණාටුව නිසයි.මේ වේදනාකාරී අවස්ථාවේදී බලපිටිය රෝහල ප්‍රදේශයේ ජනතාව ශක්තිමත් කරලීම සඳහා සිදුකළ මෙහෙවර අති විශාලයි.
ප්‍රදේශයේ ජනනතාවගේ සිතුම් පැතුම් හඳුනාගෙන ඔවුන් නිරෝගීමත් ජනතාවක් කරලීම සඳහා බලපිටිය මූලික රෝහල මඟින් ලබාදෙන සේවාව පිළිබඳව රෝහල් අධිකාරි වෛද්‍ය කේ.එච්. පි‍්‍රයන්ත මහතා දැක්වූ අදහස් මෙසේයි.
රෝගියෙක් රෝහලට ඇතුළත් කර ගැනීමේදී බාහිර රෝගී අංශයේ වෛද්‍යවරයෙක් හමුවට පළමුව රෝගියා යොමු කරවනවා. ඉන් පසු එම වෛද්‍යවරයාගේ නිර්දේශය මත රෝගියා රෝහලට ඇතුළත් කරගත යුතුනම් ඇතුළත් කර ගැනීම කරනවා. සමහර රෝගීන් ටික වේලාවක් රෝහලේ තබාගත යුතු බවට වෛද්‍යවරු නිර්දේශ කරනවා. එවැනි රෝගීන් ර්‍ථඛ්උ නැමැති අංශයට යොමු කරනවා. එහි විශේෂ පුහුණුව ලත් වෛද්‍යවරුන් හෙද සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් සිටිනවා. මේ අංශයේදී රෝගියාට අවශ්‍ය සම්පූර්ණ ප්‍රතිකාර ලබා දෙනවා.
රෝගීන් ඇතුළත් කිරීමේදී රෝගයේ ස්වභාවය අනුව අවශ්‍ය වාට්ටු සඳහා රෝගීන් ඇතුළත් කර ගන්නවා.
සෑම වාට්ටුවකම නේවාසික වෛද්‍යවරයෙක් ඉන්නවා. එම වෛද්‍යවරයා විසින් රෝගියාට වැඩිපුර ප්‍රතිකාර අවශ්‍ය බවට නිගමනය කළහොත් විශේෂඥ වෛද්‍යවරුන් හමුවටද රෝගියා යොමු කරනවා.
රෝහල් වාට්ටුවල සිටින ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරීවරයාගේ නිගමනය මත කඩිනමින් විශේෂඥ වෛද්‍යවරයෙකු වෙත රෝගියා යොමු කිරීමට අවශ්‍ය වුවහොත් එම අවස්ථාවේදීම විශේෂඥ වෛද්‍යවරයෙකු වෙත යොමු කිරීමද කෙරෙනවා.
ඕනෑම රෝගී අවස්ථාවකදි ප්‍රතිකාර කළ හැකි ආකාරයෙන් නවීන උපාංග වලින් මේ වනවිට බලපිටිය මූලික රෝහල සම්පූර්ණ වී තිබෙනවා.
හදිසි සැත්කම් කිරීමට ශල්‍යාගාරයක් විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙක් නිර්වින්දන වෛද්‍යවරයෙක් මෙන්ම ශල්‍ය වෛද්‍ය කණ්ඩායමක් අප රෝහලේ සිටිනවා. සැත්කමෙන් පසු අවශ්‍ය ප්‍රතිකාර සහ රෝගීන් ඇතුළත් කිරීමේ වාට්ටු පහසුකම්ද රෝහල සතු වෙනවා. ප්‍රසව හා නාරිවේද සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරු දෙදෙනෙකු මේ රෝහලේ සිටිනවා. මේ නිසා මවුවරුන්ගේ දරු ප්‍රසූතියේදී ඇතිවන ඕනෑම හදිසි තත්ත්වයකට අපට සාර්ථකව මුහුණ දීමේ හැකියාව පවතිනවා.
හදිසි ප්‍රතිකාර ඒකකයේ දැනට ඇදන් තුනක් තිබෙනවා. මේ ඒකකය ඇදන් හයකින් සමන්විත විය යුතුයි. ඉදිරියේදී එය සම්පූර්ණ කිරීම අපේ එක් අරමුණක් වෙනවා.
කෙසේ වුවත් අපට පවතින ප්‍රධාන ගැටලුවක් වන්නේ හෙද කාර්යමණ්ඩල හිඟයයි. එය සම්පූර්ණ කරවා ගැනීම සඳහා මේ වනවිට ඉල්ලීම් කර තිබෙනවා. එම කාර්ය මණ්ඩලය සම්පූර්ණ වූ පසු දැනට සිදු කරණ සේවයට වඩා කාර්යක්ෂම සේවාවක් ලබාදිය හැකි වෙනවා.
ඕනෑම අයෙකුට මේ රෝහලට පිවිසුම ඉතාම පහසුයි. ගාල්ල සිට පානදුර දක්වා ගාලු පාරට මුහුණලා තිබෙන එකම රෝහල මේ රෝහලයි. මේ නිසා මේ රෝහලේ කාර්යභාරය සුවිශේෂ වෙනවා. ඒ වගේම දකුණු පළාතේ පවතින මූලික රෝහල්වලින් ප්‍රධානම රෝහල වන්නේද මේ රෝහලයි.
මේ රෝහල සතුව විශාල භූමි ප්‍රමාණයක් පවතිනවා. මේ නිසාම මෙම රෝහල මීට වඩා පුළුල් කිරීමේ අවශ්‍යතාවක් පවතිනවා.
විශේෂයෙන්ම දිස්ත්‍රීක් සහ පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලවලද සහාය ඇතිව රෝහලේ පරිපාලනය ඉතාම ස්වාධීනව අපට අවශ්‍ය ආකාරයට හසුරුවා ගැනීමේ හැකියාව අපට තිබෙනවා.
මේ රෝහලට සිවිල් සමාජයේ බාහිර ආයතන විශාල සේවාවක් සපයනවා. විශේෂයෙන්ම රෝහල් කමිටුව රෝහලේ අඩුපාඩු මෙන්ම අනිකුත් අවස්ථාවලදීද රෝහල වෙත උපරිම සහායක් ලබා දෙනවා. මූල්‍යමය දායකත්වය අතින්ද රෝහල් කමිටුව හරහා සිදු කෙරෙන සේවය ඉතා විශාලයි. ඒ වගේම ප්‍රදේශයේ ආගමික මධ්‍යස්ථාන වලින්ද විශාල දායකත්වයක් රෝහල සඳහා සපයනවා.
පසුගියදා ඇති වු සුළි සුළං විපත් වලදී අපේ කාර්ය මණ්ඩලය දැඩි කැපවීමකින් මහජනතාව සමඟත් ඉතාම සුහදශීලීව, මාධ්‍ය සමඟත් කටයුතු කළා. විපතට පත් වූ ඥාතීන් සැනසීමට අපේ කාර්ය මණ්ඩලය උත්සාහ ගත්තා.
විශේෂයෙන්ම කිසිදු බාහිර උපකාරයක් නොමැතිව රෝහල් කාර්ය මණ්ඩලය මේ රෝහල මූලික කර ගනිමින් සුවිශාල සේවාවක් සිදු කළා. මේ පළාතේ ජනතාවගේත් මේ රෝහලේත් රෝහල් කාර්ය මණ්ඩලයටත් පමණක්ම විශේෂ වූ සංස්කෘතියක් පවතිනවා. යම් වැඩක් කිරීමේදී ලබා දෙන කැපකිරීම් නැමැති, මේ සංස්කෘතිය නිසාම මේ රෝහල සඳහා විවිධ වූ සම්මාන රැසක් දිනාගැනීමට හැකි වූණා.
ඉතා පැරණිම භික්ෂු වාට්ටුවක් මේ රෝහල සතු වෙනවා. ප්‍රදේශයේ කාන්තා සංවිධානයක් මෑතකදී එම භික්ෂු වාට්ටුව අලංකාර ලෙස ප්‍රතිසංස්කරණය කරනු ලැබුවා. මේ රෝහල සතුව පවතින බෙහෙත් කවර නිෂ්පාදන යන්ත්‍ර මඟින් දකුණු පළාතේ සෑම රෝහලකටම බෙහෙත් කවර ලබා දීමද කෙරෙනවා.
විශේෂයෙන්ම ශක්තිමත් සුභ සාධක සංගමයක් අප සතුව පවතිනවා. මේ සංගමය මඟින් රෝහල් කටයුතු වලට මෙන්ම සේවක සුභසාධක කටයුතු සඳහාද විශාල දායකත්වයක් සපයනවා.
මේ රෝහල දියුණු කිරීමේදී අපට තිබෙන ප්‍රධාන ගැටලුවක් වන්නේ වෛද්‍යවරුන්ට සහ හෙද කාර්ය මණ්ඩලයට නේවාසික පහසුකම් ලබා දීමට නොහැකි වීමයි. මෙම අඩු පාඩුව සපුරාලීම සඳහා නේවාසිකාගාර ඉදි කිරීමට දැනට ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 300 ක් වෙනවා. මේ සඳහා පෞද්ගලික පරිත්‍යාගශීලීන්ගේ සහායද අපි අපේක්ෂා කරනවා.
මහජනතාව වෙනුවෙන් රජය මඟින් නොමිලේ ලබාදෙන මේ සේවාවෙන් උපරිම ප්‍රතිඵල ලබාගෙන නිරෝගී ජනතාවක් ලෙස ජීවත් වීමට අවශ්‍ය පරිසරය සකසා ගන්නා ලෙස ඉල්ලා සිටිනවා.

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.