Sri Jayewardenepura General Hospital

Dinamina - Aarogya article 26th October 2016


රෝහලේ විවිධ ඒකක වැඩිදියුණු කරමින් රෝගීන්ට අසීමිත සත්කාරයක් ලබාදීම මාගේ අරමුණයි



ශි‍්‍ර ජයවර්ධනපුර රෝහලේ

රෝහල් අධ්‍යක්ෂ

වෛද්‍ය සුසිත් සේනාරත්න

1984 වසරේ හිටපුු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ සංකල්පයක් අනුව ජපන් රජය විසින් ශ්‍රී ලාංකික ජනතාවට දුන් දායාදයක් ලෙස ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රෝහල ස්ථාපීත කෙරුණි. ඇදන් 1000 කින් ඇරඹි මෙම රෝහල එවකට වසර කිහිපයක් ක්‍රියාත්මක වූයේ ජපන් රජයේ උපදෙස් මත තෘතික වෛද්‍ය මධ්‍යස්ථානයක් ලෙසය.
තිස්වසරක ඉතිහාසයකට උරුමකම් කියන ශි‍්‍ර ජයවර්ධනපුර රෝහල 2015 වසරේ පටන් ක්‍රියාත්මක වන්නේ නව අධ්‍යක්ෂ මණ්ඩලයක් යටතේය.රෝහලේ වර්තමාන අධ්‍යක්ෂ ධුරය දරන්නේ වෛද්‍ය සුසිත් සේනාරත්න මහතාය.
රෝහලක් යනු රෝගී සත්කාර ඒකකයකී.මරණ මංචකයේ සිටින රෝගීයකුගේ පවා දිවි ගලවා දෙමින් අසීමිත සත්කාරයක් රෝහලකින් සිදු විය යුතු අතර වෛද්‍යවරුන් හෙදියන් මෙන්ම සෙසු රෝහල් කාර්ය මණ්ඩලය රැකියාව අභිබවා සේවාව උතුම් කොට සළකමින් රෝගින් ට සත්කාර කිරිම මෙහි මුලික අරමුණ බව පසක් කළේ රෝහලේ වර්තමාන අධ්‍යක්ෂ ධුරය දරන වෛද්‍ය සුසිත් සේනාරත්න මහතාය.
නව පාලනාධිකාරිය යටතේ රෝහලේ ප්‍රගතිය පිණිස ඔබතුමා ගෙන ඇති ක්‍රියාකාරිකම් පිළිබඳ පෙළ ගැස්වීමක් කළොත්?
පසුගිය කාල වකවානුව තුළ අභියෝග රැසකට මුහුණදීමට සිදුවු මෙම රෝහල අප භාර ගන්නා විට පැවතුනේ රාජකාරි සම්බන්ධව අතෘප්තකරභාවය, පසුගාමීත්වය, කාර්ය මණ්ඩලයේ අසමඟිතාවය, මූල්‍යමය කළමනාකරණයේ අසතුටුදායක තත්ත්වය ප්‍රමාණවත් ආයෝජනයක් නොතිබිම,. ජනතාව තුළ රෝහල සම්බන්ධව ප්‍රසාදාත්මක මතයක්ද ගොඩනැගී නොතිබිම ප්‍රවර්ධන ,මානව සම්පත් දුර්වල වූ තිබු අවස්ථාවකයි.එසේම රෝහලේ දියුණුව සහ ආයතනික ව්‍යුහය සම්බන්ධව පාර්ලිමේන්තු කෝප් කාර්ය සභාවේ විමර්ශන රැසකට යොමුවි තිබුණා
.මෙම රෝහලේ නව සභාපති ධුරයට පත්වුයේ හිටපු සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයෙකු වූ වෛද්‍ය අතුල කහඳලියනගේ මහතායි.ඒ සමගම විවිධ අංශවල විශේෂඥ දැනුමැති ජ්‍යෙෂ්්ඨ විශේෂඥ වෛද්‍යවරු තිදෙනෙකුගෙන් සැදුම්ලත් අධ්‍යක්ෂ මණ්ඩලයක් විසින් තමයි මෙම රෝහල පාලනය කරන්නේ.
හදිසි අනතුරු ඒකකය
ප්‍රථමයෙන් අපි රෝහලේ දුර්වලකම් හඳුනාගෙන සේවකයින්ගේ හොඳ හිත දිනාගනිමින් රෝහල වැඩි දියුණු කිරීමේ භාරදුර කාර්ය භාරයට අතගැසුවා . මුලිකවම අපට අවශය වුණේ රෝහලේ හදිසි සත්කාර ඒකකය (ETU) කාර්යය ශූර සත්කාර සේවා ඒකකයක් බවට පත් කරන්නටයි. හදිසි රෝගියෙකු ඇතුළත් කළ මොහොතේ පටන් ්.රෝගියා පිළිබඳව වඩාත් සැලකිලිමත් වෙමින් ඔහු හෝ ඇය ප්‍රකෘති තත්ත්වයට පත්කිරීමට සෑම මොහොතේදීම කටයුතු කරනවා.නවීන තාක්ෂණ ක්‍රමවේදයට අනුකූලව රෝගියා සුවපත් කිරීම සඳහා යොමු කරවමින් කෙටි කාලයක් තුළ රෝගීයා සුවපත් කිරීමට දැඩි අවධානය යොමු කරනවා..මේ ආකාරයට ඉතා කෙටි කාලයකින් හදිසි සත්කාර ඒකකය දියුණු කිරීමට අපට හැකි වුණා..
රසායනාගාර සේවාව
දෙවනුව අපි අවධානය යොමු කළේ රසායනාගාර පහසුකම් ක්‍රමවත්ව නිරවද්‍ය ලෙස රෝගියාට ඉතා කඩිනමින් රුධිර වාර්තා ලබා දිමට සැලැස්වීමයි.මේ සේවය, මගින් වැඩි රෝගී සංඛ්‍යාවකට සත්කාර සේවය සැපයීම සම්බන්ධයෙන් දක්ෂ විශේෂඥ වෛද්‍යවරුන් රැසකගේ සේවය ලබාදෙන අතර සුදුසුකම් ලත් රසායනාගාර කාර්මික විද්‍යාඥයින් රසායනාගාර පහසුකම් ලබාගැනීමේ සේවය සදහා නිරන්තරයෙන්ම යොමු කර සිටිනවා.
හෘද රෝග අංශය
හෘද රෝග ඒකකය වර්තමානයේ ඉතා ඉහල තලයක තිබෙන බව පවසන්නට පුඵවන්. මසකට හදවත් සැත්කම්(බයිපාස්)සංඛ්‍යාව 65 දක්වා ඉක්මවිමට හෘද රෝග ඒකකයේ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරු සමත් වි ිතිබෙනවා..හදවත් සැත්කම්වලට භාජනය වු සියලුම රෝගීන් අද නිරුපද්‍රිතව සුවසේ ජිවත්වෙනවා. හෘද රෝග ඒකකයේ වැඩි දියුණු කිරීම සඳහා (ඡ්ඒර්‍ථ) එදිරිසිංහ සමුහ ව්‍යාපාරයේ සභාපතිව සිටි සෝමා එදිරිසිංහ මහත්මියගෙන් ලැබු දායකත්වය මෙහිදි සඳහන් කළ යුතුයි.
විකලාංග ඒකකය
අද ජයවර්ධනපුර රෝහලේ විකලාංග ඒකකය ඉතා ඉහළ මට්ටමක පවතින බව කිව යුතුමයි.අද ශි‍්‍ර ලාංකාවේ දනහිස් බද්ධ කිරිම් සම්බන්ධයෙන් ප්‍රමුඛස්ථානයේ සිටින රෝහල බවට අප රෝහල පත්වි අවසන්.එසේම කණ්ඩරා බිඳිම් ප්‍රකෘති ත්ත්ත්වයට පත් කිරිම් අප රෝහලෙන් සිදු කෙරෙන සුවිශේෂ සේවාවක්.මෙතෙක් මෙහි ප්‍රධාන වෛද්‍යවරයා වු විශේෂඥ ශල්‍ය වෛද්‍ය ආනන්ද පෙරේරා මහතාට අමතරව තවත් විකලාංග විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ සේවාවත් අප රෝහලට වර්තමානයේ ලැබි තිබෙනවා.එම හේතුවෙන් විකලාංග ඒකකයේ කටයුතු තවදුරටත් පුඵල් කර ගැනිමට හැකිවි තිබෙනවා.
මෞත්‍රලිංගික ඒකකය.
මෞත්‍රලිංගික අංශයක අවශ්‍යතාවය මෙම රෝහලට විශාල අඩුපාඩුවක් ලෙස පැවතුණා. ඒ අඩුපාඩුව සපුරාලමින් නවීන ප්‍රතිකාර ක්‍රමවේදයනගෙන් යුක්තවු මෞත්‍රලිංගික ඒකකයක් ආරම්භ කිරිමට හැකිවු අතර එයින් රෝගීන් විශාල ප්‍රමාණයකට සහන සැළසුණා .
දියවැඩියාවට
අද රටේ අංක එක බවට පත්වි ඇති දියවැඩියාව ඇතුඵ හෝර්මෝන රෝග සඳහා නවීනතම ප්‍රතිකාර පද්ධතියක් දියත් කිරීමේ අරමුණින් හෝර්මෝන සහ අන්තරාසර්ග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරියකගේ සේවය මෙම රෝහලට වර්තමානයේ සිට ලබාදීමට නිසා දියවැඩියා සායන ආරම්භ කිරිමටත් නේවාසිකව ප්‍රතිකාර ගන්නා දියවැඩියා රෝගීන්ට විශේෂ නවීන ප්‍රතිකාර ලබාදීම මගින් රෝගී සත්කාර සේවය වැඩ දියුණු කිරීමටත් කටයුතු යොදා තිබෙනවා.


ශි‍්‍ර ජයවර්ධනපුර රෝහලේ

රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සුසිත් සේනාරත්න

ගිලන්වු යම් කෙනෙක් වේද ඔහු හෝ ඇය රෝගී භාවයෙන් මුදාගැනිම සත්තකින්ම පුණ්‍ය කර්මයකි.රෝහලකින් සිදුවන්නේද මෙවන්වු සද්කාරයක් බව ඒකාන්තය.
ජනතාවගේ සුවසෙත පිණිසම වෙන්වූ රෝහල් අතර තවත් එක් රෝහලක් වූ ශි‍්‍ර ජයවර්ධනපුර රෝහලද මෙවන්වු සුව සත්කාරයේ සේවාවක් ඉටු කරන රෝහලකි. වර්තමානයේ රෝහලේ අධ්‍යක්ෂක ධූරය දරන වෛද්‍ය සුසිත් සේනාරත්න මහතාගේ අධීක්ෂණය යටතේ රෝහලේ විවිධ වූ ඒකක කෙරෙහි දැඩි අවධානය යොමුවී තිබීම සතුටුදායක තත්ත්වයකි.
රෝහලේ වැඩිදියුණුව පිළිබඳ වෛද්‍යතුමා තවදුරටත් අදහස් දැක්වුයේ මෙලෙසිනි.
නව තාක්ෂණික මෙවලම් භාවිතා කරමින් රෝගීන් වෙනුවෙන් ක්‍රියාත්මක වන සත්කාර සේවාවන් අතර විවිධ ඒකක ඉතා ඉහළ මට්ටමක පවත්වාගෙන යාමට අපට හැකිවී තිබෙනවා. විශේෂඥ වෛද්‍ය සේවාව වඩා වැඩිදියුණු කරමින් ක්‍රමවත් වැඩපිළිවෙලක් ඔස්සේ රෝහලේ සමස්ත ව්‍යුහය ක්‍රියාත්මක කිරිමයි අපේ උත්සාහය.
ස්වසන ඒකකය
රෝගීන්ගේ සුව සත්කාර පිණිස දැඩි අවධානයට පාත්‍ර වී ඇති ස්වසන රෝග ඒකකය මෙහිලා සඳහන් කළ හැකියි. හතිය, ඇදුම, ක්ෂය රෝගය, නිව්මෝනියාව වැනි ස්වසන පද්ධතිය ආශ්‍රිත සියලු පෙනහලු රෝග සඳහා නවීන විද්‍යාත්මක ප්‍රතිකාර රෝගියාට ලබාගත හැකි අයුරින් මෙහි සේවාව වැඩිදියුණු කරමින් ක්ෂණික ප්‍රතිකාර ලබාගත හැකි අන්දමින් මෙම පෙනහලු ඒකකය පුළුල් කර තිබෙනවා.
උගුර, කන, නාසය
උගුර, කන, නාසය (ඡ්ව්ඊ) ඒකකයේ පුළුල් සේවාවන් රෝගීන්ට තවදුරටත් ලබාදෙනු වස් උගුර - කන- නාසය පිළිබඳ රෝහලේ සිටින දක්ෂතම විශේෂඥ වෛද්‍ය අශෝක ජයසේන මහතාට අමතරව තවත් විශේෂඥ වෛද්‍ය සේවාවක් රෝහලට ලබාදී තිබෙනවා.
ප්‍රසව හා නාරි
කාන්තා රෝගවලට විශේෂ අවධානයක් යොමු කරවමින් ප්‍රසව හා නාරි රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකුගේ සේවය තවදුරටත් මෙම රෝහලට අනුයුක්ත කර ඇති අතරම නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයකුගේ සේවාවද තවදුරටත් සැලසීම නිසා සැත්කම් කිරීමේ කාර්යභාරය වඩාත් ඵලදායිතාවයකින් යුක්තවී ඇත.
වකුගඩු රෝග
වර්තමානයේ ව්‍යසනයක් බවට පත්වී ඇති වකුගඩු රෝගයට නිසි ප්‍රතිකර්ම සේවාවක් සපයමින් වකුගඩු ප්‍රතිකාර ඒකකය වැඩිදියුණු කිරීමට පියවර ගනිමින් රුධිර පාරවිලනය (ඤඪචතරඵඪඵ) කිරීමේ අංශය වඩා හොඳින් ක්‍රියාත්මක කිරිමට සියලු කටයුතු සම්පාදනය කර තිබෛනවා.මේ අරභයා වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් ප්‍රමාණය සංඛ්‍යාත්මකව ඉහළ ගොස් තිබෙනවා.
හෘද රෝග ඒකකය
මෙතුවක් කාලයක් පුරා හෘද රෝග ඒකකයේ අඩුවක්ව පැවති (.ජචපඤඪචජ ඥතඥජබපධනඩරඵඪධතධඨඪඵබ) වෛද්‍යවරුන්ගේ සේවය ජයවර්ධනපුර රෝහලට ලබාදීම තුළින් හෘදරෝගීන්ට ලබාදිය හැකි උසස්ම සේවාව උපරිම තත්ත්වයට ගෙන ඒමට හැකිවී ඇත. හෘද රෝගීන්ගේ රුධීර නාල අවහිරතාවයන් යථා තත්ත්වයට පත්කිරීම සඳහා සිදුකෙරෙන එන්ජියෝ ප්ලාස්ටි ක්‍රම වේදය මගින් රෝගීන්ගේ හදවත් සුවපත් කර ඇති අතර මේ වසරේ සැප්තැම්බර් මස වන විට රෝගීන් 1000 දෙනෙකු ඇන්ජියෝප්ලාස්ටි මගින් සුවපත් කර ඇත. මේ ආකාරයට රෝගී සත්කාර ඒකකය දියුණු කෙරෙන අතර රෝහලේ භෞතික පහසුකම් වැඩිදියුණු කිරීමට වහාම පියවර ගෙන ඇත.
වසර තිහකින් පමණ අලුත්වැඩියා නොකළ වායුසමීකරණ පද්ධති, විදුලි සෝපාන 05ක්, අධිබලැති ජෙනරේටය ආදි අත්‍යවශ්‍ය විදුලි යන්ත්‍ර නැවත ප්‍රතිස්ඨාපනය කිරීමට රුපයල් බිලියන 300ක් වැය කර ඇත.
රෝහලේ වාට්ටුවල තිබෙන වැසිකිළි පද්ධති අති නවීකරණ පහසුකම් සහිතව වැඩිදියුණු කිරීම ආරම්භ කර ඇති අතර ශල්‍යාගාරද අලුත්වැඩියා කිරිමට හැකිවි ඇත.



Dinamina - Aarogya article - 18th January 2017

ගිලනුන් සුවපත් කිරීමේ උදාර සද්කාර්යයට දායකවන ශ්‍රී ජයවර්ධනපුර රෝහල

රජෙක් වුවත් ලෙඩෙක් වුණොත් ඉන් කුමන පලක්ද?
ගිලන් වූ විට ජීවිතයට ගෙන දෙන්නේ පසුබෑමකි. වේදනාවකි. අවිනිශ්චිත තත්ත්වයකි. නමුත් ගිලන් බව සදාකාලයටම නොපවතින බව සාක්ෂාත් වනුයේ වෙද හෙදකම්වල වර්තමානයේ තිබෙන ප්‍රබලත්වය නිසාමය. රෝග විනිශ්චය සොයා ගොස් ප්‍රතිකාර මඟින් ගිලන් වූ ජීවිත නැවත ප්‍රකෘකි තත්ත්වයට පත් කිරීමට හැකියාව අද පවතින්නේ විධිමත් සෞඛ්‍ය සේවාවක් පවත්වාගෙන යන රෝහල් ක්ෂේත්‍රය තුළ පමණි. ගිලනුන්ට සුවය ලබා දීමේ කර්තව්‍යයට උර දෙන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රෝහලක් වන ශ්‍රී ජයවර්ධනපුර රෝහල රෝගී සත්කාර්යයන් සිදුකරනුයේ අනුපමේය මෙහෙවරක් ලෙසිනි.
රෝගී මනස සුවපත් කරන ආකාරයට නිස්කලංක පරිසරයක මෙම රෝහල පිහිටා ඇත. රූස්ස ගස් සිසාරා හමන සිහිල් මඳ නල රෝගියාට ලබා දෙනුයේ නැවුම් සිසිලකි. රෝහල් පරිශ්‍රය තුළ කලබලකාරී ස්වරූපයෙන් තොර වීම නිසාම බාහිර පරිසරය විසින් රෝගීන්ට සුදුසු වාතාවරණයක් රෝහල් පරිශ්‍රය තුළම ලබා දෙන ආකාරයටම රෝහල කුඩා කඳු ගැටයක් මත පිහිටා ඇත. වාහන දුමෙන් බැහැරව වීම නිසා රෝගීන්ට නිදහසේ සුසුම්පොද ආග්‍රණය කිරීමේ වාසනාව ලැබී ඇත.
රෝහලක් යනු රෝගී සත්කාරය ඒකකයකි
වෙදකම පමණක් නොව හෙදකම ද නිසියාකාරව ලබා දී මරණ මංචකයේ සිටින රෝගියාගේ දිවි ගලවා දෙමින් වෛද්‍යවරුන් හෙදියන් මෙන්ම රෝහල් සෙසු කාර්ය මණ්ඩලය සිය රැකියාව අභිබවා සේවය උතුම් කොට සලකමින් රෝගීන්ට සත්කාර කිරීම මෙහිලා මූලික අරමුණ බවට පසක් කළේ ශ්‍රී ජයවර්ධනපුර වර්තමාන අධ්‍යක්ෂ ධුරය දරන වෛද්‍ය සුසිත් සේනාරත්න මහතාය.
නව පරිපාලනයත් සමඟම රෝහලේ සිදුවෙන සුවිශේෂ සේවාවන් බොහොමයකි. ඡ්ඊඋ ඒකකය කාර්ය ශූර අතර හදිසි සත්කාර ඒකකය කාර්ය ශූර සත්කාර ඒකකයක් බවට පත් කිරීම සඳහා නවීන තාක්ෂණ ක්‍රමවේදයන්ට අනුකූලව රෝගීන්ට ප්‍රතිකාර කරමින් රෝගියා ප්‍රකෘති තත්ත්වයට පත් කිරීමට දැඩි වෙහෙසක් දඩි වෙහෙසක් ගෙන කටයුතු කරමින් සිය වගකීම් මනාව ඉටු කරති.
රසායනාගාර පහසුකම්
රෝගියාට කඩිනමින් රුධිර වාර්තා ලබා දීමට සැලැස්වීමත් ඒ සියලු දත්තයන් නිරවද්‍ය වීමත් නිසා රෝග විනිශ්චයෙහි නිවැරැදි භාවය රෝගියාට ලැබෙන සුවිශේෂිත වූ වාසියකි. මේ නිසා වැඩි රෝගීන් සංඛ්‍යාවකට දක්ෂ විශේෂඥ වෛද්‍යවරුන් රැසකගේ සේවාව ලබා ගැනීමට හැකිවී ඇත.
හෘද රෝග ඒකකය
වර්තමාන හෘද රෝග ඒකකය ඉතා ඉහළ තත්ත්වයක පවතින බවනම් අතිශයෝක්තියක් නොවේ. වෛද්‍ය සහ හෙද මණ්ඩලයේ කාර්යක්ෂමතාවය කෙසේද යත් මසකට සැත්කම් 65 ඉක්මවීමට දක්ෂ හෘද රෝග ශෛල්‍ය විශේෂඥ වෛද්‍යවරුන් සමත්වී ඇත. මෙතෙක් හෘද රෝග ඒකකයේ අඩුවක් ව පැවැති ඛ්චපඤඪචජ ඥතඥජබපධබඩඥපචනර
සේවාව හෘද රෝගීන්ට ලබා දීමට හැකි වී ඇති අතර එයින් හෘද රෝගීන් ගණනාවකට සුවය සැලැසීමට හැකිවී ඇත.
දණහිස් බද්ධය
ශ්‍රී ලංකාවේ දණහිස් බද්ධ කිරීමෙහිලා ප්‍රමුඛස්ථානයේ සිටින රෝහලක් ලෙස ජයවර්ධනපුර රෝහලේ විකලාංග අංශය හැඳින්විය හැක. තවද ඊට අමතරව කණ්ඩරා බිඳීම් ප්‍රකෘති තත්ත්වයට පත් කිරීම ආදී සුවිශේෂ කටයුතු එම රෝහලේ විකලාංග ඒකකය මඟින් සිදු කෙරෙන තවත් කර්යභාරයකි. අද රටේ අංක එක බවට පත් වී ඇති දියවැඩියාව ඇතුළු හෝර්මෝන රෝග සඳහා නවීනතම ප්‍රතිකාර ඒකකයක් ස්ථාපිත කර ඇති අතර නේවාසික මෙන්ම සායනික රෝගීන්ට එයින් වඩාත් පහසුකම් සලසා දීමට රෝහල් කාර්ය මණ්ඩලය මෙන්ම වෛද්‍යවරුන් සමත් වී ඇත.
මෙතෙක් රෝහලට අඩුපාඩුවක්ව පැවති මෞත්‍ර ලිංගික ඒකකයක් ආරම්භ කිරීමට පසුගියදා හැකි වූ අතර ඒ මඟින් මෞත්‍ර ලිංගික රෝගවලින් පෙළෙන අයට වඩාත් සහනදායී තත්ත්වයක් උදා වී ඇති අතර නිරන්තර ප්‍රතිකාර සඳහා මෙම ඒකකය විවෘත වී තිබීම සතුටට කරුණකි.
ඇසේ සුද ඉවත් කිරීම මෙන්ම අක්ෂි ආබාධ ස්නායු ශල්‍යකර්ම ආදිය සඳහා වූ නවීන උපකරණ සියල්ලම මෙම රෝහලේ සමන්විත වන නිසා අක්ෂි රෝගීන්ට පෝලිමේ නොසිට අක්ෂි සැත්කම් කර ගැනීමට ද හැකියාවක් ද ඇත. එලෙසම අධි තාක්ණික භෞතචිකිත්සක පහසුකම්වලින් යුත් ප්‍රථිකාර සඳහා පුනරුත්ථාපන ඒකකයක් මෑතදී ආරම්භ කර ඇත.
ස්නායු ඒකකය
හතිය, ඇදුම, ක්ෂය රෝගය නිවුමෝනියාව වැනි ස්වසන පද්ධති ආශ්‍රිත සියළු පෙනහලු රෝග සඳහා නවීන ප්‍රතිකාර ඒකකයක් පුළුල් කර තිබෙන අතර උගුර , කණ , නාසය ඒකකයෙන්ද ඡ්ව්ඊ පුළුල් සේවාවක් රෝගීන්ට ලබා දීමට කටයුතු කර ඇත.
කාන්තා රෝග වලට විශේෂ අවධානයක් යොමු කරමින් විශේෂ ඒකකයක් ස්ථාපිත කර ඇති අතර කාන්තාවන්ගේ ගර්භාෂ ගටලු සම්බන්ධව මේ ඒකකයෙන් කරන සේවාව නිසා කාන්තාවන්ගේ නිරෝගී භාවය රැක දීමට සුවිශේෂී ලෙස සමත් වී ඇත.
වර්තමානයේ ව්‍යසනයක් බවට පත් වී ඇති වකුගඩු රෝගයට නිසි ප්‍රතිකාර සේවාවක් ලබාදීම සඳහා ඩයලසීස් අංශය මෙහිදී වඩාත් හොඳින් ක්‍රියාත්මක වේ.
මේ සියලු සද්කාර්යන් අරභයා ජයවර්ධනපුර රෝහලෙන් ගිලනුන්ට සිදුවන සේවයත් වෛද්‍යවරුන් හෙදියන්ගේ ඇප කැපවීමත් ජයවර්ධනපුර රෝහලේ තිබෙන සුවිශේෂත්වයයි.

Dinamina - Aarogya article - 23r November 2016


ජයවර්ධනපුර රෝහල දකුණු ආසියාවේ නවීනතම තෘතික රෝහල බවට පත් කරනවා


ශි‍්‍ර ජයවර්ධනපුර රෝහලේ
රෝහල් අධ්‍යක්ෂ
වෛද්‍ය සුසිත් සේනාරත්න
කොළඹ ජාතික රෝහල හැරුණු විට කොළඹට ඉතා ආසන්නයේ පිහිටා ඇති ප්‍රධානතම රෝහල ලෙස නම් කළ හැක්කේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලයි. පරිසරයේ නිස්කලංක බව , රූස්ස ගස් සිසාරා හමන සිහිල් මද නල, ප්‍රමාණවත් ඉඩකඩ මෙන්ම රෝහල් පරිශ්‍රය තදබද කලබලකාරි ස්වරූපයෙන් තොරවීම ආදිය නිසා රෝගීන්ට සුදුසු මානසික වාතාවරණයක් රෝහල් පරිශ්‍රය තුළින්ම ලබාදිය හැකි අන්දමට රෝහලේ වටාපිටාව සැකසී ඇත. පිහිටි බිම් මට්ටමේන් තරමක් උසට රෝහල පිහිටා තිබීම නිසා රෝගීන්ට වාහන දුමින් දූෂිතවු වාතය ආග්‍රහණය කිරීමට සිදු නොවීමද රෝගීන්ගේ වාසනාවකි. මේ සියලු කරුණු කාරණා සමස්ථයක් ලෙස ගත්කළ රෝගීන්ට ඖෂධවලින් ලැබෙන සුවයටද පරිභාහිරව මානසික සුවයක්ද ශ්‍රී ජයවර්ධනපුර රෝහලෙන් ලබාගත හැකිබව පැවසීම අතිශේ‍යීක්තියක් නොවේ.
මෙවන් වූ වටාපිටාවකින් යුත් මෙම රෝහලෙන් සිදුවන් සත්කාරයන් අතර සන්ධි රෝගවලට ගොදුරු වූ රෝගීන්ට ලබාදෙන්නා වූ භෞතචිකිත්සක ප්‍රතිකාරයන් වර්තමානයේ වඩාත් ඉහළ මට්ටමකට පවතින බව පැවසුවේ රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය සුසිත් සේනාරත්න මහතාය. ඔහු තවදුරටත් පැවසුවේ රෝහලේ සියලුම සායන නවීන පහසුකම්වලින් යුක්තව වැඩි දියුණු කෙරෙමින් පවතින බවය. සායනවලට පැමිණෙන රෝගීන්ගේ පහසුව තකා නිසි ක්‍රමවේදයක් අනුගමනය කරමින් රෝගීන් අපහසුතාවයට පත්වන්නට කිසිසේත් ඉඩනොදී සායනවලින් නිසි ආකාරයෙන් ප්‍රතිකාර ගැනීමේ පහසුකම් ඔවුන්ට සලසා ඇති බවයි.
අක්ෂි ශල්‍ය ඒකකය
ඇසේ සුද ඉවත් කිරීම මෙන්ම අක්ෂි දෝෂ සඳහා වූ සියලුම ශල්‍ය කර්මයන් සඳහා අවශ්‍ය නවීන මයික්‍රස්ක්‍රෝප්, ස්නායු ශල්‍ය කර්ම සඳහා අවශ්‍ය නවීන යන්ත්‍රෝපාංග මෙන්ම නිර්වින්දන කටයුතු සඳහා අවශ්‍ය සියලුම උපකරණ වලින් යුත් නව තාක්ෂණික මෙවලම් දැන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සමන්විතව පවති.
සේවක සුබසිද්ධිය
රෝහලේ මානව සමිපත් කළමණාකරණය වැඩි දියුණු කිරීමෙන් සේවකයන්ගේ වැටුුප් විෂමතා ක්‍රමවත් කිරීම, දුෂ්කර සේවයේ නියුතු සේවකයන්ට ඒ සඳහා අවශ්‍ය දීමනා ලබාදීම, නිවාඩු නොලබා රාජකාරියේ නියුක්ත වන සේවකයන්ට වසර අවසානයේදී දීමනා ලබාදීම, සුබසාධන සමිති දියුණු කිරීම මඟින් ඔවුන්ට වෛද්‍ය පහසුකම්වලට අමතරව තවත් පහසුකම් ලබාදීම, සේවක අභිමතය පරිදි නිල ඇඳුම් ලබාදීම, ආදී නොයෙකුත් පහසුකම් මඟින් සේවක උද්ේ‍යීගය වැඩිදියුණු කරමින් වෘත්තීය සමිති සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට හැකිවූ බව පැවසුවේ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍යතුමාය.
විෂමාචාරවලට දැඩි පියවරක් ගනිමින් මූල්‍යමය විනය ඇතිකිරීමට ගත් උත්සාහය සඵල වී ඇත. සියලුම කාර්යය මණ්ඩල පුහුණුකිරීම් වලට යොමුකිරීම, ඒ සඳහා ප්‍රතිපාදන, නිවාඩු ලබාදීම, රෝහල තුළ නිතර වැඩමුළු පැවැත්වීම, ආදිය මඟින් සේවක දැනුම වැඩිදියුණු කිරීම, කළමනාකාරී කටයුතු වලට සේවකයන් සහභාගි කරවා ගැනීම බලතල වැඩමූලිකවරුන්ට බෙදාදීම මඟින් රෝහල් සේවකයන් තුළ විනයගරුකභාවය ඇතිකිරීමට පියවර ගෙන ඇත.
තවද කාර්යය මණ්ඩලය පුළුල් කිරීම සඳහා අවශ්‍ය අනුමැතිය ලැබුණු අතර නව ගොඩනැගිලි හයක් 2017 වසර වනවිට ඉදිකිරීමට ඔවුන්ගේ බලාපොරොත්තුවයි. ඒවා වනුයේ තට්ටු 05 කින් යුත් හෙදි නේවාසිකාගාරය, තට්ටු 03 කින් යුත් හෙද නේවාසිකාගාරය, නවීන පහසුකම්වලින් සමන්විත ශ්‍රවණාගාරය, පරිපාලන ගොඩනැගිල්ල, අතිනවීන ශල්‍යාගාර සංකීර්ණයක්, තට්ටු 6 කින් සමන්විත සියලු පහසුකම්වලින් යුත් ගෙවන වාට්ටු සංකීර්ණයක් යනාදියයි. මේ සඳහා අනුමැතිය ලැබී ඇති බව පැවසුවේ අධ්‍යක්ෂතුමාය. ජනාධිපතිතුමා, අගමැතිතුමා සහ සෞඛ්‍ය ඇමතිතුමාගේ දැක්ම අනුව 2030 වසර වනවිට දකුණු ආසියාවේ නවීනතම තෘතීක වෛද්‍ය මධ්‍යස්ථානය බවට ජයවර්ධනපුර රෝහල පත්කිරීම අපේ අරමුණ බව ඔහු අවසන් වරට පැවසීය.
Dinamina - Aarogya - artcle - 14th July 2010

ජපන් රටෙන් අපට ලැබුණු දායාදය ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල



ජපන් රජයෙන් ශ්‍රී ලංකාවට ලැබුණු මහඟු දායාදයක් ලෙස ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල හැඳින්විය හැකිය.
වර්ෂ 1984 දී ඇරඹි මේ රෝහල වසර 25 සම්පූර්ණ වනවිට මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සුවිශාල කාර්යභාරයක් ඉටුකරන රෝගී සත්කාර සේවාවේ ඉහළම ප්‍රගතියක් අත්කරගත් රෝහලක් බවට පත්ව ඇත.
නවීන තාක්ෂණික උපකරණ මෙන්ම තාක්ෂණික දැනුමෙන් හෙබි කාර්ය මණ්ඩලයකින්ද සමන්විත ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඩී. ඇල්. ද ලැනරෝල් මහතා මෙවර අපේ රෝහල විශේෂාංගය සමඟ එක්විය.
මේ රෝහල සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින පාර්ලිමේන්තු පනතකින් ස්ථාපිත වුණු සංස්ථාපිත ආයතනයක්. අධ්‍යක්ෂ මණ්ඩලයක් යටතේයි පාලනය වන්නේ.
පශ්චාත් වෛද්‍ය පුහුණු ආයතනයක් හැටියට ක්‍රියාකරන මේ රෝහලේ ජාතික හෙද විදුහලක් පිහිටුවා තිබෙනවා. ජාතික හෙද විදුහලේ පුහුණුවන අයගෙන් 50% ක් රෝහලේ සේවයට බඳවා ගන්නවා.
මේ රෝහලෙන් සේවය ලබා ගැනීමේදී රෝගීන්ගෙන් මුදලක් අය කරනවා. මුදලක් ගෙවා සේවාවක් ලබා ගනිද්දී හොඳ සේවාවක් බලාපොරොත්තු වෙනවා. ඒ නිසා රෝහලට කාර්යය මණ්ඩලය බඳවා ගැනීමේදී අපි ඉතා සැලකිලිමත් වෙනවා. ඉතා ඉහළ සුදුසුකම් ඇති මනා පුුහුණුවක් ලැබූ කාර්යය මණ්ඩලයක් අපට අවශ්‍යයි.
රෝහලක සේවය කරන සේවකයෙක් කරුණාවන්ත හදවතක් ඇති අයෙක් විය යුතුයි. රෝගියෙක්ගේ කැත කුණු අතගාන්න පුළුවන් තරමට මානසික සංවර්ධනයක් හොඳ හදවතක් ඇත්තෙක් විය යුතුයි. මේ රෝහලේ සේවකයන්ගෙන් ඒ කාර්යය ඉටුවෙනවා. රෝහලේ හැම අංශයකම විශ්වාසනීය සේවාවක් ලබාදෙන්න අපට හැකිවී තිබෙන්නේ ඒ නිසයි.
අපි රෝහල ඉතා ලස්සනට තබා ගන්න හැමවිටම ක්‍රියා කරනවා. රෝහල් පරිසරය රෝගීන්ගේ් මනස සුවපත් කරන ආකාරයට පවත්වා ගැනීම අපේ වගකීමක්.
මේ රෝහල් පරිසරය කලබලකාරී එකක් නෙවෙයි. ජපන් ගෘහ නිර්මාණ ශිල්පීන් ජයවර්ධනපුර රෝහල සැලසුම් කරලා තිබෙන්නේ. රෝහල් වාට්ටුවට හොඳින් එළිය වැටෙන්නත් තද හිරු රශ්මිය රෝහල් වාට්ටු ඇතුළට නොවැටෙන්නත් අවශ්‍ය පරිදියි. අනිත් එක තමයි එක් පැත්තකින් එන සුළං අනිත් පැත්තෙන් පිටව යන්න අවශ්‍ය පරිදි සියලු ගොඩනැගිලි නිර්මාණය කර තිබෙනවා.
රෝහල් වාට්ටුවල ඇඳන් සියල්ල බාහිර පරිසරය පෙනෙන ලෙස නිර්මාණය කර තිබෙන නිසා රෝගියාට අවශ්‍ය නිවාඩුව නිස්්කලංකබව ලැබෙනවා.
රෝහල් පරිසරයත් අනිකුත් පරිසරයත් සේවකයන්ට යහපත් අයුරින් සැකසී තිබීම නිසා හොඳ සේවයක් අපේ සේවකයන්ගෙන් ලබා ගැනීමට හැකියි.
රජයේ රෝහලක වැටුපට වඩා 35% ක වැටුප් වැඩිවීමක් මේ රෝහල් සේවකයන්ට ලැබෙනවා. ඊට අමතරව ඊ.පී.එෆ්. සහ ඊ.ටී.එෆ්. දායකත්වයද හැම සේවකයෙක්ටම ලැබෙනවා.
සෑම විශේෂඥ සේවාවක්ම ලබාදිය හැකි පූර්ණ මහරෝහලක තිබිය යුතු සියලු අංගයන්ගෙන් මේ රෝහල සමන්විතයි.
කායික ශල්‍ය, නාරිවේද, ළමා රෝග, උගුර, කණ, නාස, ඇස, විකලාංග, වකුගඩු, හෘද රෝග, හෘද ශල්‍ය, ස්නායු ශල්‍ය, රක්තවාත, පිළිකා, මානසික ඇතුළු සියලු රෝග සඳහා විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමේ හැකියාව අප සතුයි.
විවෘත හදවත් සැත්කම්, වකුගඩු බද්ධ කිරීම්, උකුල් ඇට බද්ධ කිරීම් හා දණහිස් බද්ධ කිරීම් මෙන්ම කොඳු ඇට පෙළේ ආබාධ සඳහාද විශේෂ ප්‍රතිකාර ලබාදීම මේ රෝහලෙන් කෙරෙනවා. විශේෂඥ වෛද්‍යවරු 35 දෙනෙක් ගේ සේවාව මේ රෝහලෙන් ලබාගත හැකියි. සියලු ආකාරයේ අක්ෂි බද්ධ කිරීම් නවීන තාක්ෂණයට අනුව සිදුකරනවා.
රසායනාගාර පහසුකම් ඉතා ඉහළ මට්ටමක තිබෙනවා. රජය මේ රෝහලට වර්ෂයකට යම් මුදල් ප්‍රමාණයක් වෙන් කරනවා. එම මුදල් සේවක වැටුප් ගෙවීමට පමණක් ප්‍රමාණවත්. ඊට අමතරව ලබාදෙන සේවාවන් සඳහාත් රෝහල් නඩත්තු කටයුතු සඳහාත් අප මුදල් උපයාගත යුතුයි. ඒ නිසා අපි රෝගීන්ගෙන් මුදල් අයකර ගන්නවා.
මේ රෝහලේ අයකිරීම් ඉතාම අඩු මට්ටමකයි පවතින්නේ. සායන සඳහා සහභාගිවීමේදී රෝගියෙක්ගෙන් රුපියල් 100 ක් අයකර ගන්නවා.
සායනවලට පැමිණෙන සෑම රෝගියෙක් සඳහාම පළමුදින පෞද්ගලික ලිපිගොනුවක් ආරම්භ කරනවා. ඉන්පසු රෝගියාට ලිපිගොනුවට අදාළ අංකයක් ලබා දෙනවා. රෝගියා පසු දිනක වෙනත් රෝගයක් සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණියත් පෙර ලබාදුන් අංකය ලබාදීමෙන් තමන්ගේ පෞද්ගලික ලිපිගොනුව ලබා ගැනීමේ හැකියාව රෝගියාට තිබෙනවා. මෙම ක්‍රමය නිසා වෛද්‍යවරයාට රෝගියාගේ පෙර රෝගී තත්ත්වයන්ද සැලකිල්ලට ගෙන ප්‍රතිකාර ලබාදීමේ හැකියාව ලැබී තිබෙනවා. බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රෝගියෙක්ගෙන් රුපියල් 50 ක් අය කෙරෙනවා.
මේ රෝහලේ වාට්ටු කොටස් 2 යි. සාමාන්‍ය වාට්ටුවේ ඇඳන් 62 ක් තිබෙනවා. පොදු නාන කාමරයක්ද සහිත මේ වාට්ටුවේ දිනක අයකිරීම රුපියල් 600 යි. තුන්වේලම කෑම සහ දිනකට දෙවරක් තේද සපයන මෙහි රෝගියෙක් සඳහා ඇඳක්ද අනිවාර්යයෙන් වෙන් කෙරෙනවා. ඊට අමතරව ලබාදෙන ඖෂධ සහ රසායනාගාර පහසුකම් සඳහා වෙනම අයකිරීමක් සිදුකෙරෙනවා.
දෙවන පන්තියේ ගෙවන වාට්ටුවක දිනකට රුපියල් 1500 ක් අය කරනවා. විශේෂ ආහාර වේල්, රෝගීන් බැලීමට එන අයට විශේෂ පහසුකම් මෙන්ම සවස 4 න් පසු පොරොත්තු ලේඛනයේ නොසිට ශල්‍ය කර්ම සිදුකර ගැනීමේ හැකියාවද මේ රෝගීන් සඳහා ලැබෙනවා.
පළමු පන්තියේ වාට්ටුවක අයකිරීම රුපියල් 3500 යි. වායුසමීකරණය කරන ලද කාමරයක් සහ වර්ණ රූපවාහිනියක් වෙනමම සනීපාරක්ෂක පහසුකම් විශේෂ ආහාර වේල් මෙන්ම රෝගීන් බැලීමට පැමිණෙන අයට විශේෂ පහසුකම්ද රෝගියා අසල නැවති සිටීම සඳහා අමතර ඇඳක්ද මෙහි සැපයෙන පහසුකම් අතර වෙනවා.
රෝහල් සේවය ලබා ගැනීම සඳහා පැමිණෙන අඩු ආදායම්ලාභීන්ටද සේවාව ලබා ගැනීම සඳහා විශේෂ පහසුකම් තිබෙනවා.
ජනාධිපති අරමුදල, සමාජ සේවා දෙපාර්තමේන්තුව, විවිධ රක්ෂණ යෝජනා ක්‍රම, අග්‍රහාර, රාජ්‍ය නොවන සුභසාධන සංවිධාන, සේවක අර්ථ සාධක අරමුදල යටතේ ලබාගන්නා ආධාර අප වෙත බැර කිරීමෙන් මෙහි සේවාවන් ලබා ගැනීමට හැකියි. මේ රෝහලේ සේවාව එකම පන්තියක අය සඳහා නොවෙයි. සාමාන්‍ය අයටත් ප්‍රතිකාර ලබා ගැනීමට හැකි ආකාරයෙන් පරිපාලනය සැකසී තිබෙනවා.
රෝගියාට අවශ්‍ය ආහාර රෝහලෙන් සැපයීම නිසා රෝගී තත්ත්වයට අහිතකර ආහාර රෝගියාට ලබා ගැනීමේ හැකියාවක් නැහැ. ඒ වගේම පිටතින් ආහාර ගෙන ඒම නොවන නිසා රෝහල පිරිසිදුව තබා ගැනීමේ හැකියාවක් පවතිනවා.
අපේ හදිසි ප්‍රතිකාර ඒකකය පැය 24 පුරාම සිදුවෙනවා. ඒ වගේම රසායනාගාරයත් රාජ්‍ය ඖෂධ සංස්ථා ඔසුසලත් පැය 24 පුරාම ක්‍රියාත්මකයි. ලංකාවේ ප්‍රථම වතාවට වයස්ගත රෝගීන් සඳහා වෙනම ඒකකයක් අපි ආරම්භ කළා. මේ සායනයට සහභාගී වන අය වෙන වෙනමම ඉතා හොඳ වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කරනවා. ඉන්පසු අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙනවා.
සායනයට සහභාගී වන වයස්ගත අයගේ සියලු රෝග සඳහා ප්‍රතිකාර ලබාදීමේදී මෙම ඒකකය හරහා සම්බන්ධීකරණය සිදුවෙනවා.

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.