Sirimavo Bandaranaike Specialised Children's Hospital - Peradeniya

Dinamina - Aarogya article - 03rd July 2013

දැයේ දරුවන් වෙනුවෙන් කැපවුණු පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහල



සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහලේ අධ්‍යක්ෂ
වෛද්‍ය එච්.එම්. ඩබ්ලිව් ජයබන්දු හේරත්
වෛද්‍ය සේවාව ලොව පුරා ප්‍රචලිත වුණේ ගිලන් උපස්ථානයක් පරිද්දෙනුයි. එහෙත් එය විවිධ අංශයන්ට බෙදීී විවිධ විෂයන් ඔස්සේ මතුවෙද්දී හිසේ සිට පාදාන්තය දක්වා, එක් එක් අවයවය පිළිබඳව පුළුල් දැනුමක් සහ පුළුල් ප්‍රතිකාර ක්‍රමවේදයන් ඔස්සේ වෛද්‍ය සේවාව ව්‍යාප්ත වුණා.
වර්තමානය වන විට ඒ ඒ අංශ සඳහා වෙනම ප්‍රතිකාර ඒකක වෙනම රෝහල් පවා ඉදිවෙන ප්‍රවණතාවක් ශ්‍රී ලංකාව පුරාම දක්නට ලැබෙනවා. කාන්තා රෝහල්, වකුගඩු ඒකක, අක්ෂි රෝහල්, හෘද රෝග ඒකක, දන්ත වෛද්‍ය රෝහල් ආදිය නිදසුන් වේ.
ඒ අතර ළමා රෝග සඳහා වෙනම රෝහල් ඉදිව තිබීම ළමා පරපුර උදෙසා වන මහඟු සේවයක් බව තේරුම් ගත් බොහෝ අය ළමා රෝහල් ඇති කිරීමේ ප්‍රයත්නයක නිරත වුණා.
එහි එක් සාර්ථක පියවරක් තමයි පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහල ලොව ප්‍රථම අගමැතිණිය ලෙසින් විරුදාවලිය ලැබූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ සංකල්පයක් මත, වසර 2005 නොවැම්බර් මස 06 වෙනි දින ආරම්භ කළ විශේෂිත රෝහලේදී වැඩිපුර අධ්‍යාපනය හදාරන විශේෂඥ වෛද්‍යවරුන්ට ඉගෙනීමේ කටයුතු කරගෙන යාම සඳහා අවශ්‍ය පසුබිමක් සහ ඊට අවශ්‍ය අධ්‍යාපන ඒකකයක්ද වෙන් වුණා.
ආරම්භක අවස්ථාවේදී, දරුවන්ගේ නීරෝගීභාවය උදෙසා, සේවය සලසමින්, කැපවීමෙන් කටයුතු කළා.
ළමාරෝග විශේෂෂඥ වෛද්‍ය ඩබ්ලිව් එම් එම් කේ අරඹේපොල, ළමා රෝග විශේෂඥ වෛද්‍ය එල්. සී. හෙට්ටිආරච්චි, (ළමා) ශල්‍ය වෛද්‍ය විශේෂඥ කේ. එස්.යූ කිරිවත්තුඩුව විකිරණ විශේෂඥ වෛද්‍ය එන්.පී.ඊ. සෙනෙවිරත්න සහ ළමා ව්‍යාධිවේදී විශේෂඥ වෛද්‍ය ඩබ්ලිව්.එම්. කේ. කහවත්ත යන වෛද්‍ය කණ්ඩායමයි.
හදිසි ප්‍රතිකාර ඇඳන් 12ක් සහ නේවාසික ළමා රෝගීන් සඳහා ඇඳන් 160 ක්ද සහිතව, විශේෂඥ වෛද්‍යවරුන් 18 දෙනෙකුගෙන්ද, විශේෂඥ දන්ත ශල්‍ය වෛද්‍යවරයෙක් සහ දන්ත ශල්‍ය වෛද්‍යවරු හතර දෙනෙකුගෙන්ද, වෛද්‍ය නිලධාරින් හැත්තෑ පස් දෙනෙකුගෙන්ද සමන්විත පේරාදෙණිය සිරිමාවෝ ළමා රෝහලේ ප්‍රතිකාර ඒකක සියල්ල දිවා රාත්‍රී දෙකෙහිම විවෘතව තිබෙන්නේ, දරුවන්ගේ සුබ සිද්ධිය හා නිරෝගී භාවය උදෙසාමයි.
සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහලේ අධ්‍යක්ෂ එච්.එම්. ඩබ්ලිව් ජයබන්දු හේරත් මහතා සිය කාර්ය මණ්ඩලය සහ සේවාවන් පිළිබඳව මෙසේ විස්තර කළා.
“පුංචි දරුවෝ ලෙඩ වෙන වෙලාවක් දිනයක් තියා මොහොතක් ගැනවත් අපට හිතන්න බැහැ. වයස අවුරුදු 12ට පහළ දරුවෝ කියන්නේ හදිසියේම අනතුරක් කර ගැනීමේ ඉඩක් තිබෙන, ආසාදනවලට ගොදුරු විය හැකි, උණ සෙම්ප්‍රතිශ්‍යාව කැස්ස නිතරම වැළඳෙන වයසක පසුවන පිරිසක්.
බොහොමයක් දෙමව්පියෝ දැනුවත්ව හෝ නොදැනුවත්ව, පුංචි දරුවෝ ලෙඩ වුණ විගසම මහා සල්ලි ගොඩකුත් වියදම් කරලා නිසි ප්‍රතිකාරයක් නොලැබෙන තැන්වලට අරගෙන යනවා.
රජයේ මුදල් විශාල ප්‍රමාණයක් වියදම් කරලා. (රුපියල් මිලියන 600 කට අධික මුදලක්) මේ රටේම පුංචි දරුවෝ වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ඉදිකරලා තියෙන පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනාකයක විශේෂිත ළමා රෝහලේ සේවය කරන්නේ ඉපදුන මොහොතේ සිට ක්‍රම ක්‍රමයෙන් වැඩෙන පුංචි දරුවන් ගැන විශේෂ අධ්‍යාපනයක්, අත්දැකීම්ද සහිතව ලැබූ හෙද සොයුරියන් දස දෙනෙක් හෙදියන් 153 දෙනෙක්, ප්‍රධාන හෙද පාලිකාව ගේ මඟ පෙන්වීම යටතේයි.
විශේෂවේදී ඖෂධ වේදියෙකු යටතේ ඖෂධවේදීන් දස දෙනෙකු ද, වෛද්‍ය පර්යේෂණ තාක්ෂණවේදීන් දස දෙනෙකුද, දන්ත තාක්ෂණවේදියකු ද, විකිරණවේදීන්, ඇතුලු සියලුම සේවාවන් සඳහා අත්දැකීම් බහුල සේවක පිරිසක් මේ ළමා රෝහලේ සේවය කරනවා.
ප්‍රධාන පරිපාලන නිලධාරී ඇතුලු පරිපාලන සේවක මඩුල්ල, වෛද්‍යවරු, හෙදියන්, තාක්ෂණවේදීන්, දත්ත රැස් කිරීමේ නිලධාරීන්, ලිපිකරුවන්, ආහාර සැපයුම් අංශ නිලධාරීන්, තාක්ෂණ උපකරණ ක්‍රියාකරුවන් මහජන සෞඛ්‍ය පරීක්ෂණ නිළධාරි, ඊසීජී දත්ත මැනුම්කරුවන් රියදුරන්, දුරකථන සහායකයින්, සියලු සේවා සපයන සෞඛ්‍ය කාර්ය සහායකයින්, ඇතුලු කාර්ය මණ්ඩලය 496 දෙනෙකු මෙහි සේවය කරනවා. මේ සියලු සේවාවන් සඳහා පූර්ණ ආරක්ෂාව සලසන්නේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී මහතා ඇතුලු ආරක්ෂක නිලධාරීන් පිරිසයි.
ශ්‍රී ලංකාවේ එම්.ආර්. අයි, මැෂින් තුනෙන් එකක් තියෙන්නේ සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලේ එම්. ආර්.අයි. ස්කෑනින්, සී.ටී. ස්කෑනින්, අල්ට්‍රා සවුන්ඩ් ස්කෑනින්, එක්ස් රේ සහ කන්ට්‍රාස් අධ්‍යාපනය ඇතුලු සේවා රැසක් සපයන්න සියලුම පහසුකම් සෞඛ්‍ය අමාත්‍යංශයන් සපයා තිබෙනවා. සේවා ලබාගත යුතු ළමයි, තවත් පීඩාවට පත් නොකර ප්‍රතිකාර ලබා දෙන්න අපි සූදානම්. නිරෝගී ජීවිතයක් ගත කරන්න වෛද්‍යවරුන්ගෙන් සහාය ලබාගත හැකි පහසුම තැනින් උදව් ලබා ගන්න උනන්දු වීම නුවණක්කාර වැඩක්.

පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහලෙන් ලබාගත හැකි විශේෂඥ වෛද්‍ය සේවාවන්, සායනිකව සහ නේවාසිකව ලබාගත හැකි අන්දම මෙසේ දක්වමු.

ළමා හෘද රෝග සායනය
ළමා හෘද රෝග විශේෂඥ වෛද්‍ය සුනේත්‍රා ඉරුගල්බණ්ඩාර
අඟහරුවාදා සහ සිකුරාදා උදේ 8.00 - 12.00
බදාදා (නේවාසික රෝගීන් සඳහා) උදේ 8.00 -12.00
සඳුදා, බ්‍රහස්පතින්දා, සෙනසුරාදා උදේ 8.00 -12.00
ළමා මානසික රෝග සායනය
ළමා මානසික විශේෂඥ වෛද්‍ය එස්.සී.එන්. අරඹේපොල
සිකුරාදා උදේ 8.00 -12.00
චර්ම රෝග සායනය
චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඩී.එම්.එස්. දිසානායක
අඟහරුවාදා උදේ 8.00 -12.00
උගුර කන නාසය සායනය
උගුර කන නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍ය එච්.එම්.එස්.බී. ඇතුල්ගම අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා
උදේ 8.00 -12.00
රක්තවේදී සායනය
රක්තවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඩී.එස්.එන්. සමරවීර
සඳුදා පස්වරු 2.00 - 4.00 දක්වා
බදාදා උදේ 8.00 - 12.00 දක්වා
දැඩි සත්කාර සායනය
විශේෂඥ වෛද්‍ය එම්.ඒ.එම්. ෆයිසාල්
සෙනසුරාදා උදේ 8.00 - 12.00
වෛද්‍ය සායනය (ඒ)
විශේෂඥ වෛද්‍ය (ළමා රෝග) එල්.සී. හෙට්ටිආරච්චි
අඟහරුවාදා සවස 2.00 - 4.00
බ්‍රහස්පතින්දා උදේ 8.00 - 12.00
වෛද්‍ය සායනය (ඕ )
ළමා රෝග විශේෂඥ වෛද්‍ය බී.එච්.එම්. එන් කටුගහ
සඳුදා උදේ 8.00 -12.00
බදාදා සවස 2.00 - 4.00
නවප්‍රසූත සායනය
ළමා රෝග විශේෂඥ වෛද්‍ය කේ. පී. සී. පුෂ්පකුමාර
බදාදා උදේ 8.00 -12.00
සිකුරාදා සවස 2.00 - 4.00
නවප්‍රසූත සායනය
ළමා රෝග විශේෂඥ වෛද්‍ය කේ.එස්.ඩී. කුලරත්න
අඟහරුවාදා උදේ 8.00 -12.00 දක්වා
බ්‍රහස්පතින්දා සවස 2.00 -4.00 දක්වා
වකුගඩු සායනය
වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය අයි.වී.ජී. පෙරේරා
සඳුදා උදේ 8.00 -12.00 දක්වා
සිකුරාදා සවස 2.00 - 4.00 දක්වා
ස්නායු සායනය
ළමා ස්නායු විශේෂඥ වෛද්‍ය ජගත් මුණසිංහ
බදාදා උදේ 8.00 -12.00 සිට සවස 4.00 දක්වා
විකලාංග දන්ත සායනය
විකලාංග දන්ත විශේෂඥ වෛද්‍ය ආර්. දිසානායක
සඳුදා සිට සිකුරාදා දක්වා උදේ 8.00 - 4.00 දක්වා
සෙනසුරාදා උදේ 8.00 සිට 12.00
ළමා ශල්‍ය සායනය
ළමා ශල්‍ය විශේෂඥ වෛද්‍ය කේ.එස්. යු කිරිවත්තුඩුව
සඳුදා පස්වරු 2.00 - 4.00 දක්වා
බදාදා උදේ 8.00 - 12.00 දක්වා
ළමා ශල්‍ය විශේෂඥ වෛද්‍ය යූ.ඒ.ආර්. එස්. රණවක
අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා උදේ 8.00 සිට 12.00
බාහිර ප්‍රතිකාර සායනය
ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආයෝධ්‍යා සේනානායක
සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා උදේ 8.00 සිට සවස 4.00 දක්වා
සිකුරාදා සවයස 2.00 සිට 4.00 දක්වා
සෙනසුරාදා උදේ 8.00 සිට දහවල් 12.00 දක්වා
ප්‍රතිශක්තිකරණ සායනය
ළමා විශේෂඥ වෛද්‍ය අයෝධ්‍යා සෙනෙවිරත්න
සිකුරාදා උදේ 8.00 සිට දහවල් 12.00 දක්වා
මෙම සායනයන්ට අමතරව හදිසි ප්‍රතිකාර සඳහා සෑම අවස්ථාකම රෝහල දරුවන්ට විවෘතය.

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.