National Hospital Sri Lanka

Articles- 

1) සියලු සේවාවන්ගෙන් පරිපූර්ණ කොළඹ ජාතික රෝහල

2) සිය දහසකගේ දිවි ගලවා දුන් ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකය

3) පිළිස්සීමෙන් හානි වූ ජීවිත රැක දෙන ජාතික රෝහලේ පිළිස්සුම් ඒකකය
4) ස්නායු රෝග සඳහා සියලු පරික්ෂණ කෙරෙන ජාතික රෝහලේ සිනායු රෝග ඒකකය
 




Dinamina - Aarogya article - 09th June 2010


සියලු සේවාවන්ගෙන් පරිපූර්ණ කොළඹ ජාතික රෝහල


ජාතික රෝහලේ උදෑසන 7.00 සිට සවස 6.00 දක්වා බාහිර රෝගී අංශයෙන් ඕනැම රෝගියෙකුට ප්‍රතිකාර ලබාගැනීමට හැකියාව තිබේ. සෙනසුරාදා පෝය දිනවලත්, රජයේ අනෙකුත් නිවාඩු දිනවලත්, උදෑසන 8.00 සිට දහවල් 12.00 දක්වා ප්‍රතිකාර ලබාගත හැකිය.
ජාතික ධනයෙන් අති විශාල මුදලක් වැය කෙරෙන්නේ මෙරට සෞඛ්‍ය පහසුකම් වැඩි දියුණු කරලීමටය. ඒ ජනතාවගේ සුබසිද්ධිය සඳහා ය. එහෙත් තමන් වෙනුවෙන් රජය නොමිලයේ සපයනු ලබන වෛද්‍ය පහසුකම් ලබාගන්නේ කීයෙන් කී දෙනාද? එයට හේතුව එම වෛද්‍ය පහසුකම් ලබා ගැනීමේ ක්‍රියාවලිය පිළිබඳ ජනතාව තවමත් හරි හැටි නොදැන සිටීම ය.
රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය
හෙක්ටර් වීරසිංහ මහතා
ශ්‍රී ලංකා ජාතික රෝහල අපගේ ප්‍රධානම රෝහලයි. ජාතික රෝහලක් යනු සියලු සම්පත්, විශේෂ සංඥා සේවා හා වෙනත් පහසුකම් ඇති පූර්ණ සේවාවක් ලබාදිය හැකි සෞඛ්‍ය අධ්‍යාපන ආයතනයක් ලෙස ද ක්‍රියාත්මක කළ හැකි රෝහලකි.
අපගේ ජාතික රෝහල කොළඹ නගරයේ අක්කර 32 ක් පුරා විහිදී තිබේ. වාට්ටු 75 ක්, ශල්‍යාගාර කාමර 35 ක්, දැඩි සත්කාර ඒකක 12 කින් ද එය සමන්විත ය. එමෙන් ම වෛද්‍ය - හෙද විද්‍යාලවලින් ද, පශ්චාත් උපාධි වෛද්‍යවරුන් සම්බන්ධීකරණය කිරීමේ වැඩපිළිවෙළකින් ද, වෙනත් සෞඛ්‍ය අධ්‍යාපනික දැනුම ලබා දෙන වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබන ආයතනයකින් ද සමන්විත ය.
ඉතා කුඩා රෝහලක් ලෙස 1864 දී ආරම්භ වූ “කොළඹ මහ ඉස්පිරිතාලය” අද ශශ්‍රී ලංකා ජාතික රෝහල ලෙස නවීන අංගෝපාංග රැසකින් සමන්විතය. එය මෙරට ප්‍රධානම තෘතීය රෝහල බවට පත්ව ඇත. තෘතීය රෝහලක් ලෙස ගැනෙන ජාතික රෝහලෙන් ප්‍රතිකාර ලබාගැනීම සඳහා යොමුවිය යුත්තේ වෙනත් රෝහල්වලින් ප්‍රතිකාර ලබා, විශේෂඥ ප්‍රතිකාර අවශ්‍ය රෝගීන්ය. එහෙත් බාහිර රෝගී අංශය වෙත සියලු ම ආකාරයේ රෝගීන් යොමුවීම කැපී පෙනෙන තත්ත්වයක් ලෙස සැලැකිය හැකිය.
ජාතික රෝහලට පිවිසෙද්දී පළමුව අපට මුණගැසෙන්නේ බාහිර රෝගී ප්‍රතිකාර අංශයයි. මේ අංශයෙන් ශශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක රෝගියෙකුට ප්‍රතිකාර ලබා ගැනීමේ පහසුකම් සලසා ඇත. උදෑසන 7.00 සිට සවස 6.00 දක්වා බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබාගැනීමට හැකියාව තිබේ. සෙනසුරාදා සහ පෝය දිනවලත්, රජයේ අනෙකුත් නිවාඩු දිනවලත්, උදෑසන 8.00 සිට දහවල් 12.00 දක්වා ප්‍රතිකාර ලබාගත හැකි ය.
බාහිර රෝගී අංශයට පැමිණෙන රෝගීන් පළමුව කළ යුතු වන්නේ පිළිගැනීමේ කවුන්ටරයෙන් අංකයක් (තුණ්ඩුවක්) ලබාගැනීමයි. ඉන්පසු 15 කාමරයේ සිටින වෛද්‍යවරුන් හමුවී, තමන්ගේ රෝගී තත්ත්වය ප්‍රකාශ කිරීම කළ හැකි ය. මේ අංශයේ දිනකට වෛද්‍යවරු කීපදෙනෙකුම රෝගීන්ට ප්‍රතිකාර ලබාදීම නිසා, ප්‍රමාදයකින් තොරව ප්‍රතිකාර ලබා ගැනීමේ පහසුකම තිබේ.
වෛද්‍යවරයාගේ පරීක්‍ෂණයෙන් පසු වැඩිදුර ප්‍රතිකාර අවශ්‍ය නම්, බාහිර රෝගී අංශයේ පවත්වාගෙන යන සායන සඳහා රෝගියා යොමු කිරීමත්, නේවාසික ප්‍රතිකාර අවශ්‍ය රෝගීන් නේවාසික ප්‍රතිකාර සඳහා යොමු කිරීමත් සිදුකෙරේ. බාහිර රෝගී අංශයෙන් පමණක් ප්‍රතිකාර ලබාගන්නේ නම්, නොමිලේ බෙහෙත් ලබාදීම ද සිදුකරයි.
බාහිර රෝගී අංශය මගින් රෝගියාට අවශ්‍ය සියලු පරීක්‍ෂණ නොමිලේ සිදුකිරීම ද ඉතා වැදගත් . ඒ සඳහා දැඩි සත්කාර ඒකකය (ETU) , ශල්‍යාගාරයක්, එක්ස්රේ කාමරයක්, රසායනාගාරයක්, එන්නත් ඒකකයක්, තුවාල සඳහා බෙහෙත් දැමීමට අංශයක් මෙන් ම පෙනහළු හා ලාදුරු සඳහා ප්‍රතිකාර කිරීමට අංශයක් ද, ජලභීතිකා පාලන ප්‍රතිකාර ඒකකයක්, සෞඛ්‍ය අධ්‍යාපන ඒකකයක් බාහිර රෝගී අංශයේ පිහිටා ඇත.
මෙයට අමතරව ඕනෑම හදිසි රෝගියෙකුට ප්‍රතිකාර කිරීම සඳහා පැය 24 පුරාම ක්‍රියාත්මක වන ඒකකයක් ද, බාහිර රෝගී අංශයේ 16 කාමරයේ ක්‍රියාත්මක වේ. මෙහි පැය 24 පුරා ම වෛද්‍යවරයෙකුගේ සේවය සපයා ඇත.

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.