Lady Ridgeway Hospital (LRH)

Articles
  1. හය හතර නොතේරෙන දරුවන්ගේ සෞඛ්‍යය රැකදෙන රිජ්වේ ආර්යා ළමා රෝහල - පැය 24 පුරා නොමිලයේ සේවාව
  2. දරුවන්ගේ ජීවිත රැකදෙන ළමා රෝහලේ හදිසි අනතුරු ඒකකය
  3. කැකුළු මල් පුබුදන රිජ්වේ ආර්යා ළමා රෝහල
  4. ආබාධිත දරුවන් සුවපත් කරන රිජ්වේ ආර්යා රෝහලේ රක්තවේද හා පුනරුත්ථාපන ඒකකය
  5. ආබාධිත දරුවන් වෙනුවෙන් භෞතචිකිත්සක ප්‍රතිකාර ක්‍රීඩාංගණයක් ළමා රෝහලේ
  6. ළමා රෝහලේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් මුණ ගැසිය හැකි දිනයන් හා වේලාවන්


Dinamina - Aarogya Article - 18th October 2017



Dinamina - Aarogya Article - 19th April 2017

හය හතර නොතේරෙන දරුවන්ගේ සෞඛ්‍යය රැකදෙන රිජ්වේ ආර්යා ළමා රෝහල

පැය 24 පුරා නොමිලයේ සේවාව

තම රට වැසියනට නොමිලයේ සෞඛ්‍ය සේවාවන් සපයන ලෝකයේ රටවල් අතලොස්ස අතරින් එකකි ශ්‍රී ලංකාව. අපේ රටේ වෛද්‍ය සේවාවේ ගුණාත්මකභාවය අවස්ථා ගණනාවකදීම අන්තර්ජාතික වශයෙන් ගෞරවයට පාත්‍ර වී ඇත. දරුවන් සඳහාම වෙන් වී ඇති බොරැල්ලේ රිජ්වේ ආර්යා ළමා රෝහල ශ්‍රී ලංකාව තුළ පමණක් නොව දකුණු ආසියාවේ පිහිටි විශාලතම ළමා රෝහලයි. අති නවීන පහසුකම්වලින් සමන්විත ළමා රෝහලයි. මෙය ජාතිය සතු සම්පතකි. අති විශිෂ්ට සේවාවක් සැපයෙන ස්ථානයකි. දෙදහසකට ආසන්න මෙම රෝහලේ කාර්ය මණ්ඩලය ඉතා කඩිසරව තම රාජකාරිය ඉටු කරන්නේ එය දේව කාරියකටත් එහා ගිය සේවාවක් ලෙස සලකාය. ඒ මෙම රෝහලින් ප්‍රතිකාර ගැනීමට පැමිණෙන්නේ හය හතර නොතේරෙන පුංචි දරුවන් වීම නිසාය.
රිජ්වේ ආර්යා ළමා රෝහල ආරම්භ වූයේ මීට වසර 100කට පමණ පෙරදීය. මෙම රෝහල හැරුණු විට ශී‍්‍ර ලංකාව තුළ තිබෙන අනෙක් ළමා රෝහල වන්නේ පේරාදෙණිය ළමා රෝහලයි. රිජ්වේ ආර්යා ළමා රෝහල සියලුම ප්‍රතිකාර ඒකකවලින් සේම අති නවීන පහසුකම් වලින් ද සමන්විතතය. යාපනයේ සිට දෙවුන්දරතුඩුව දක්වා ඇති රෝහල්වලින් අසාධ්‍ය දරුවන් මෙම රෝහල වෙත යොමුවන්නේත් ලංකාවේ සෑම දෙසින්ම මෙම රෝහලින් ප්‍රතිකාර ගැනීම සඳහා පැමිණෙන්නේත් ඒ නිසාය.
අවශ්‍ය කරන සියලුම විශේෂඥ වෛද්‍ය සේවාවන් රිජ්වේ ආර්යා ළමා රෝහල මඟින් පවත්වාගෙන යනු ලබන අතර ළමා හෘද ශල්‍ය ඒකකය වැනි විශේෂ සේවාවන් මෙරට තුළදී සැපයෙන එකම ස්ථානය වන්නේ ද මෙම රෝහලයි. මෙම රෝහල දැනට ඇඳන් 971කින් සමන්විතය. වෛද්‍ය වාට්ටු 06ක් ද ශල්‍ය වාට්ටු 05ක් ද, ස්නායු ඒකකයක් ද, විශේෂඥ දන්ත වෛද්‍ය සේවාවක් ද, විකලාංග වෛද්‍ය සේවාවක් ද, උගුර කන නාසය අංශයක් මෙන්ම ප්ලාස්ටික් ශල්‍ය ඒකකයක් මෙන්ම ළමා මානසික වෛද්‍ය අංශයකින් ද රිජ්වේ ආර්යා ළමා රෝහල සමන්විතය. එසේම මෙය වෛද්‍යවරු මෙන්ම හෙදියන් ද පුහුණු කරනු ලබන ශික්ෂණ රෝහලකි. විවිධ අංශයන් පිළිබඳව විශේෂඥතාවය ලැබූ විශේෂඥ වෛද්‍යවරු 55 දෙනෙකු ද, වෛද්‍ය නිලධාරීන් 350 දෙනෙකු ද, හෙද නිලධාරීන් 750ක් පමණ ද, පුහුණුව ලබන වෛද්‍ය නිලධාරීන් 70ක් පමණ ද මෙම රෝහල තුළ සේවයට කැපවී සිටිති.
රිජ්වේ ආර්යා ළමා රෝහල තුළ මේ දිනවල පවතින්නේ අධික තදබදයකි. ඒ මේ දිනවල පැතිර යන විිවධ වෛරස් ආසාදනයන්ට ප්‍රතිකාර ගැනීම සඳහා කුඩා දරුවන් විශාල සංඛ්‍යාවක් පැමිණෙන නිසාය. පසුගිය මාස 06 තුළ ලංකාවේ වෙනත් රෝහල් මඟින් ළමා රෝහල වෙත එවා ඇති රෝගී දරුවන් සංඛ්‍යාව පමණක් 1988කි. ඒ ඍජුවම මෙම රෝහල වෙත පැමිණි රෝගීන් දස දහස් ගණනට අමතරවය. මේ දිනවල දිනකට රෝගී දරුැවන් දෙදහසකට අධික සංඛ්‍යාවක් ළමා රෝහල වෙත යොමු වනු දැකගත හැකිය.
බොහෝවිට රිජ්වේ ආර්යා රෝහල වෙතට තම දරුවා රැගෙන එන්නේ රෝහල් ගණනාක්ම පසු කරමිනි. ඒ දරුවාගේ දෙමව්පියන්ගේ තනි තීරණය මතය. ළඟම ඇති රෝහලින් ප්‍රතිකාර ගත හැකි උණ, සෙම්ප්‍රතිශ්‍යාව වැනි සුළු අසනීපයකට පවා ළමා රෝහල වෙත යොමුවීමෙන් සිදුවන්නේ මෙහි අධික තදබදයක් ඇති වීමකි. වඩාත් සුදුසු වන්නේ ළඟම ඇති රෝහලින් අවශ්‍ය මූලික ප්‍රතිකාර ලබාගෙන එහි වෛද්‍යවරු දරුවාට තවදුරටත් ප්‍රතිකාර අවශ්‍ය දැයි පැවසුවොත් ළමා රෝහල වෙත යොමුවීමය. කෙසේ වුවද දරුවකුගේ අසනීපයකදි ඒ සඳහා ප්‍රතිකාර කිරීමට දවසේ පැය 24 පුරා ළමා රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය සැදී පැහැදී සිටිති.
පසුගිය කලාය තුළ රෝහලේ බාහිර රෝගී අංශයේ වෙනස්කම් කිපයක්ම සිදුවිය. ඒ රසායනාගාරය, බෙහෙත් නිකුත් කරන ස්ථානය වැනි ස්ථාන වෙනදාට කලින් විවෘත කර වෙනදාට වඩා වැඩි කාලයක් සේවය සැපයීමය.
රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත බොහෝ පරිත්‍යාග ශීලීන්ගෙන් මෙන්ම විවිධ ආයතනවලින් විවිධ පරිත්‍යාග ලැබේ. එය ද මෙම රෝහල මඟින් ගුණාත්මක සේවාවවක් සැපයිමට විශේෂ පහසුවක් වී ඇත.
පැමිණෙන රෝගීන් සංඛ්‍යාව අධික නිසා ළමා රෝහල තුළ ඇත්තේ අධික තදබදයකි. එය ඇතැම් සේවයක් සැපයීමට ප්‍රමාදයට හේතුවක් විය හැකිය. එවැනි අවස්ථාවල රෝහල් කාර්ය මණ්ඩලය වෙත සහයෝගය පළ කිරීම දරුවන්ගේ දෙමව්පියන්ගේ වගකීමය, යුතුකමය.

 

බාහිර රෝගී අංශය (OPD)

ළමා රෝහල තුළ දැඩි තදබදයක් පවතින, අති විශිෂ්ට සේවයක් සැලසෙන අංශයකි, බාහිර රෝගි අංශය. රෝහල වෙත රැගෙන ආ දරුවකු ප්‍රථමයෙන්ම යොමු වන්නේ මෙම අංශයටය. මෙම අංශය ප්‍රධාන වශයෙන්ම ප්‍රධාන කොටස් දෙකකි. ඒ බාහිර රෝගී අංශය සහ මූලික ප්‍රතිකාර ඒකකය යනුවෙනි. මෙහිදී පළමුවෙන්ම රෝගී දරුවා යොමු වන්නේ ඉතා හොඳින් පුහුණුවලත් හෙද නිළධාරිනියන් දෙදෙනකු වෙතය. දරුවා මූලික ප්‍රතිකාර ඒකකයට යොමු කළ යුතු ද, එසේ නැතිනම් බාහිර ප්‍රතිකාර ඒකකයෙන් ප්‍රතිකාර ලබාගෙන පිටව යා හැකිද යන්න තීරණය කරනු ලබන්නේ එම හෙද නිළධාරීන්ය. ඉන්පසුව රෝගියාට අංකයක් ලබා දේ. එම අංකය රතු කොළ හෝ කහ පැහැයෙන් යුක්තය. අනතුරුව රෝගී දරුවා ලියාපදිංචි කෙරේ. දරුවාගේ බර කිරීම වැනි මූලික කටයුතු ද මෙහිදී සිදුවේ. ඉතා හදිසි ප්‍රතිකාර අවශ්‍ය රෝගී දරුවන්ට හිමිවන්නේ රතු පැහැති අංකයකි. එම දරුවන් විගස මූලික ප්‍රතිකාර ඒකකයට යොමු වේ. මූලික ප්‍රතිකාර ඒකකය තුළ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නිලධාරීන් 3 දෙනෙකු ද වෛද්‍ය නිලධාරීන් විසිදෙනෙකු ද සේවය කරති. එසේම පුහුණුවන වෛද්‍යවරුන් විශාල පිරිසකගේ සහාය ද මෙහිදී ලැබේ. මෙම අංශයට ඇතුලත් කරනු ලැබූ දරුවා රෝහලට ඇතුළත් කළ යුතුද? සායනයට යොමු කළ යුතුද? දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ යුතුද? එසේත් නැතිනම් බාහිර රෝගී අංශයට යොමු කළ යුතුද යන්න මෙහිදී තීරණය වේ. දරුවා සඳහා මූලික ප්‍රතිජීවන ක්‍රියාවලිය සිදුවන්නේ මෙම මූලික ප්‍රතිකාර ඒකකය තුළදීය. අවශ්‍ය නම් පැය 4ක පමණ කාලයක් දරුවා රඳවා තබාගෙන දරුවා පිළිබඳව නිරීක්ෂණය කෙරේ. සරලව සඳහන් කරන්නේ නම්, මූලික ප්‍රතිකාර ඒකකයේදී සිදුවන්නේ රෝහල වෙත ගෙන එන ලද දරුවා වාට්ටුවකට යොමු කිරිමට අවශ්‍ය නම් ඊට පෙර අවශ්‍ය මූලික ප්‍රතිකාර ලබාදීමය. මූලික ප්‍රතිකාර ඒකකයට යොමු කරන දරුවන් බොහෝවිට රෝහලට ඇතුළත් කිරිමට සිදු වේ.
මූලික ප්‍රතිකාර ඒකකයට ඇතුළත් නොකළ දරුවන් යොමුවන්නේ 14 කාමරයේ තිබෙන බාහිර රෝගී අංශ්‍ය වෙතය. එහි 30කට අධික වෛද්‍ය කණ්ඩායමක් සේවය කරති. එම වෛද්‍යවරු විසින් රෝගී දරුවනන්ට දැඩි පරීක්ෂාවට ලක් කරති. එහිදී දරුවා සායනයට යොමු කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා යොමු කෙරෙන අතර එසේ අවශ්‍ය නොවේනම් ඖෂධ නියම කෙරේ. ඖෂධ නිකුත් කෙරෙන්නේ වෙනමම ස්ථානයකිනි. සුදුසුකම්ලත් ඖෂධවේදීන්ගේ් අධීක්ෂණය යටතේ ඖෂධ සංයෝජක නිලධාරීන් විසින් කවුලු 9කින් ඖෂධ නිකුත් කෙරේ. මෙම ස්වාව ද දවසේ පැය 24 පුරාම සිදුවන්නකි.
බාහිර ප්‍රතිකාර ඒකකයට අනුයුක්තව වෙනමම රසායනාගාර අංශයක් ද ඇත. සියලුම රසායනාගාර පරික්ෂණ මෙහිදි සිදු වේ.
මීට අමතරව බාහිර ප්‍රතිකාර ඒකකයට සම්බන්ධව දන්ත සායනයක්ද, ප්‍රති ශක්තිකාරක අංශයක් ද, පෝෂණ සායනයක්ද , දියවැඩියාව සහ අන්තරා සර්ග රෝග සඳහා වෙනම අංශයක් ද, අක්ෂි සායනයක් ද ක්‍රීඩා වෛද්‍ය ඒකකයක් ද , කථන පුහුණු ඒකකයක් ද ඇත. දරුවාගේ වර්ධනය දුර්වල නම් මෙහි තිබෙන පෝෂණ අංශයෙන් අවශ්‍ය උපදෙස් ඕනෑම අවස්ථාවක ලබාගත හැකිය. එසේම ඇතැම් දරුවන්ට ක්‍රීඩා සඳහා යොමුවීමට අවශ්‍ය යෝග්‍යතා සායනික ලබා ගැනීමේ අවස්ථාව ද ක්‍රීඩා වෛද්‍ය ඒකකයෙන් හැකි වේ. ඕනෑම අවස්ථාවක පැමිණ මෙම රෝහලේ බාහිර රෝගී අංශයේ ඇති අක්ෂි ඒකකයෙන් තම දරුවාගේ ඇස් පරීක්ෂා කරවාගත හැකිය. සාමාන්‍ය ප්‍රතිශක්තිකරණ වැඩසටහනට ඇතුලත්වන එන්නතක් ලබාදීමට අවශ්‍ය නම් ඒ සඳහා ද ළමා රෝහලේ බාහිර රෝගී අංශයේ පහසුකම් ඇත. එසේම දරුවන්ට ඇතිවන ස්වසන ආබාධයකදී නෙබ්‍යුලයිස් ප්‍රතිකාරය ලබා දීමට අවශ්‍ය නම් දවසේ ඕනෑම වේලාවකදී ළමා රෝහලේ බාහිර රෝගී අංශය වෙත පැමිණිය හැකිය.




ඡායාරූප - සමන් ශ්‍රී වෙදගේ
විශේෂ ස්තූතිය - රසික චතුරංග මහතාට
(ලබන සතියේ හදිසි අනතුරු අංශය පිළිබඳ විස්තර)
දරුවන්ගේ ජීවිත රැකදෙන ළමා රෝහලේ හදිසි අනතුරු ඒකකය





කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ හදිසි අනතුරු අංශය රෝහල තුළ තිබෙන සුවිශේෂී සේවාවක් සිදුවන ඒකකයකි. වයස අවුරුදු 14ට අඩු කුඩා දරුවන් වෙනුවෙන්ම වෙන් වූ ලංකාවේ තිබෙන එකම හදිසි අනතුරු ඒකකය වන්නේ ද මෙම රෝහලේ හදිසි අනතුරු ඒකකයයි. මහා මාර්ගයේදී හදිසි අනතුරුවලට ලක්වන දරුවන්, ක්‍රීඩා කටයුතුවලදී සහ ඇතැම් පාසල් කටයුතුවලදී හදිසි අනතුරුවලට ලක්වන කොළඹ අවට පාසල්වල දරුවන්, රිජ්වේ ආර්යා ළමා රෝහලේ හදිසි අනතුරු ඒකකයට නිරන්තරයෙන්ම, රැගෙන එනු දැකිය හැකිය. ඊට අමතරව උගුරේ, නාසයේ, කණේ යම් යම් ද්‍රව්‍ය සිර කරගනු ලැබූ දරුවන් ද බල්ලන් බළලුන් වැනි සුරතල් සතුන් සපා කෑ දරුවන්ගෙන් ද ළමා රෝහලේ හදිසි අනතුරු අංශයට හිඟයක් නැත. මේ ඕනෑම හදිසි අනතුරකට මුහුණදුන් දරුවකු හට අවශ්‍ය සියලුම ප්‍රතිකාර ලබාදීමට දවසේ පැය 24 පුරාම ඉතා කාර්යශූර සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් රිජ්වේ ආර්යා ළමා රෝහලේ හදිසි අනතුරු අංශයේ සේවයේ යෙදී සිටිති. විශේෂඥ වෛද්‍යවරු ඇතුළු වෛද්‍යවරු 18 දෙනෙකු පමණ ද හෙද නිලධාරීන් 20 දෙනෙකු පමණ ද හදිසි අනතුරකට ලක් වී මෙම රෝහල වෙත පැමිණෙන දරුවන්ගේ යහපත වෙනුවෙන් සෑමවිටම සැදී පැහැදී සිටිති. මෙහි වෛද්‍ය කාර්යමණ්ඩලයට විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන් 5 දෙනෙකු ද, කුඩා දරුවන්ගේ උගුර කන, නාසය ආශි‍්‍රත ගැටලු පිළිබඳව විශේෂඥතාවයක් ලබාගත් වෛද්‍යවරු දෙදෙනෙකු ද, විශේෂඥ අක්ෂි වෛද්‍යවරියක් ද, විශේෂඥ ප්ලාස්ටික් සැත්කම් සැත්කම් වෛද්‍යවරයෙකු ද අනුයුක්තව සේවය කරති.

හදිසි අනතුරකට ලක් වූ කුඩා දරුවකු බොහෝවිට පසුවන්නේ වැඩිහිටියකුට වඩා ව්‍යාකූල තත්ත්වයකය. දරුවන්ගේ එම තත්ත්වය තේරුම් ගනිමින් දරුවන් අස්වසාලමින්, සනසමින් ඔවුනට ප්‍රතිකාර කිරීමට හදිසි අනතුරු අංශයේ සමස්ථ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට සුවිශේෂී පුහුණුවක් ලබා ඇති බව පැහැදිලිය.

හදිසි අනතුරකට ලක් වූ දරුවකු මෙම රෝහල වෙත රැගෙන ආ විට පළමුව දරුවාගේ අනතුරේ ස්වභාවය පිළිබඳව හඳුනාගැනීමක් කෙරේ. එය බාහිර ප්‍රතිකාර ලබාදී දරුවා නිවසට යැවිය හැකි තත්ත්වයක් නම්, එසේ සිදු කරනු ලැබේ. දරුවාව හදිසි ශල්‍ය කර්මයකට යොමු කිරිමට අවශ්‍ය නම් වහාම ඒ සඳහා පියවර ගැනේ. හදිසි ප්‍රතිකාරවලින් අනතුරුව ටික කලක් දිගින් දිගට ප්‍රතිකාර ගැනීමට අවශ්‍ය නම් එම දරුවාව අදාළ සායනවලට යොමු කෙරේ.

හදිසි අනතුරු අංශය සඳහා ඖෂධ නිකුත් කෙරෙන වෙනම ඖෂධ නිකුත් කිරීමේ කවුළුවක් තිබීම ද විශේෂත්වයකි. හදිසි අනතුරු අංශයේ බාහිර පෙනුම පවා සකසා ඇත්තේ කුඩා දරුවන්ගේ සිත් ගන්නා ආකාරයටය. ටෙඩි බෙයාර්, බෝනික්කන්, සෙල්ලම් බඩු ආදියෙන් මෙන්ම අලංකාරවත් ළමා චිත්‍ර වලින් ද මෙම අංශය සරසා ඇත්තේ අනතුරකට ලක් වී මෙතැනට පැමිණෙන දරුවාට තමා රැගෙන විත් තිබෙන්නේ භයානක ස්ථානයකට නොවන බව හැඟවීම සඳහාය. එම පසුබිම හදිසි අනතුරකට ලක් වූ දරුවකු හට ප්‍රතිකාර කිරීමේදී අත්‍යවශ්‍යය. එක් දිනකට 150කට අධික දරුවන් සංඛ්‍යාවක් රිජ්වේ ආර්යා ළමා රෝහලේ හදිසි අනතුරු ඒකකය වෙත යොමු වේ. 2015 වසරේ පමණක් දරුවකු 48000 (හතලිස් අටදහසක්) මෙම හදිසි අනතුරු අංශයෙන් ප්‍රතිකාර ලබාගෙන ඇත.

කුඩා දරුවන් හදිසි අනතුරුවලට යොමු වන්නේ බොහෝවිට දෙමව්පියන්ගේ නොසැලකිලිමත් බව සහ අතපසුවීම් නිසාය. ඒ නිසා තම දරුවන් පිළිබඳව නිබඳවම සැළකිලිමත් වීම දෙමව්පියන්ගේ වැඩිහිටියන්ගේ වගෙකීමකි. එම වගකීම ඉටු නොවූ තැන මහා විපතක් සිදුවිය හැකිය. හදිසි අනතුරකට ලක් වූ දරුවකු හට අවශ්‍ය ප්‍රථමාධාර ලබාදී හැකි විගස ළඟම ඇති රෝහල වෙත රැගෙන යා යුතුය. ව්ශේෂයෙන්ම දරුවකු වැටී අස්ථි බිඳීමක් සිදුවුවහොත් වෙනත් ක්‍රම අනුගමනය නොකොට රෝහලක් වෙත යොමුවීම වඩා සුදුසුය. එම රෝහලේ වෛද්‍යවරු එම දරුවා රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත යොමු කළහොත් රැගෙන ආ යුතුය. දරුවකුගේ අස්ථි බිදීමකදී අවශ්‍ය නිවැරදි ප්‍රථිකාර ලැබුණේ නැතිනම්, දරුවාගේ ජීවිත කාලයටම බලපාන පරිදි අස්ථි විකෘතිතාවයක් ඇතිවිය හැකිය. බල්ලෙකු වැනි සුරතල් සතෙකු සපා කෑ විට වැඩිහිටියෙකුට වඩා දරුවකු හට සිදුවන අනතුර වැඩිය. ඒ නිසා හැකි විගස රෝහලක් වෙත යොමු වීම උචිතය. එසේම තම දරුවන්ට සිදුවන හදිසි අනතුරකදී රෝහල වෙත රැගෙන යාමට පෙර ලබාදිය හැකි මූලික ප්‍රථමාධාර පිළිබඳව දැනුවත් වීම වඩා වැදගත්ය.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ හදිසි අනතුරු අංශයේ වෛද්‍යවරු, හෙදියන් ඇතුළු සියලුම සෞඛ්‍ය කාර්යමණ්ඩල සාමාජිකයින් විසින් හදිසි අනතුරකට ලක් වූ දරුවන් වෙත සෑම විටම දිගුකරන කරුණාබරිත දෑත දරුවන්ගේ ඉක්මන් සුවයට බෙහෙවින්ම හේතු වී ඇති බව ඉතා පැහැදිලිය.

ඡායාරූප - සමන් ශ්‍රී වෙදගේ
ගාමිණී සුසන්ත



Dinamina - Aarogya Article - 23rd June 2010


කැකුළු මල් පුබුදන රිජ්වේ ආර්යා ළමා රෝහල


දරුවන්ගේ ලෝකය ඉතා ම සුන්දර ය. අන් කවරදේටත් වඩා දරුවන් කරන වැඩ දඟකාරය. හැඩකාරය. සංවේදී හදක් ඇති ඕනෑම කෙනෙකුට දරුවකු අමතක කළ නොහැකි ය. රාජකාරිය නිමවා නිවසට පිය නගන අම්මාට හා තාත්තාට දරුවන්ගේ සුරතල් බැලීමෙන් සියලු විඩාවන්ගෙන් මිදිය හැකි ය.
රිජ්වේ ආර්යා ළමා රෝහලේ
අධ්‍යක්ෂ වෛද්‍ය
මහානාම රාජමන්ත්‍රී මහතා
රිජ්වේ ආර්යා ළමා රෝහලේ
නි. අධ්‍යක්ෂ වෛද්‍ය
විජිත් ගුණසේකර මහතා
එහෙත් දරුවෙක් රෝගී වුවහොත් එය මවුපියන්ට දරා ගැනීම අපහසු ය. බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහල දරුවන්ගේ ලෙඩ සුවකිරීම සඳහා ම පිහිටුවා ඇති මෙරට එකම රෝහලයි.
ඇඳන් දහසකින් සමන්විත මේ රෝහල, රෝහලක් නොව ළමයිනට සුන්දර ළමා ලෝකයක් ලෙස පවත්වාගෙන යන්නට එහි පාලනාධිකාරිය පියවර ගෙන තිබීම පැසසුම් සහගත ය.
රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් ඔබට සපයන සේවාවන් පිළිබඳ අප සමඟ අදහස් දැක්වූයේ එහි අධ්‍යක්ෂ වෛද්‍ය මහානාම රාජමන්ත්‍රී මහතායි.
ළමයෙක් ඉපදුන දා සිට වයස අවුරුදු 12 වන තෙක් මෙහි ප්‍රතිකාර කෙරෙනවා. සියලු ම ළමා රෝග සඳහා විශේෂ විශේෂඥ සේවා ලබා ගන්නත් පුළුවන්. වෙනත් රෝහලක් වගේ නෙවෙයි. පැය 24 පුරාම බාහිර රෝගී අංශය විවෘතයි.
ළමයින් වෙනුවෙන් ම පුහුණු වුණු විශේෂ කාර්ය මණ්ඩලයක් මෙහි සේවය කරනවා. වෛද්‍ය උපකරණ, රෝහල් පරිසරය, එන්නත් කටු ඖෂධ සියල්ල ළමයින්ට ගැලපෙන ආකාරයෙන් ලබාදෙනවා. සෙනසුරාදා දිනය පාසල් නිවාඩු නිසා මෙහි විශේෂ ප්‍රතිකාර සේවාවක් එදිනට ක්‍රියාත්මක වෙනවා.
මෙරට සියලු ම ළමා රෝග සම්බන්ධයෙන් ප්‍රතිකාර ගන්න පුළුවන් උපරිම රෝහල විදිහට මේ රෝහල හඳුන්වන්න පුළුවන්. වෙනත් රෝහල්වල ළමා රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරු හිටියත්, පහසුකම් අතින් හා විශේෂිත බෙහෙත් ද්‍රව්‍ය හා පරීක්ෂණ සඳහා රිජ්වේ රෝහලට ළමයින් යොමුකරන්න සිදු වෙනවා.
හදිසි අනතුරු, අක්ෂි රෝග, හෘද රෝග, ස්නායු රෝග, වකුගඩු රෝග, ශල්‍ය හා නව ජන්ම, දැඩි සත්කාර විශේෂිත ළදරු ප්‍රතිකාර ඒකක වගේ ම, හෘද ශල්‍ය ඒකක ශල්‍යාගාර සංකීර්ණයක්, විකලාංග ඒකකයක්, පිළිස්සුම් ඒකකයක්, දන්ත රෝග ඒකකයක්, උගුර කණ නාසය පිළිබඳ ඒකකයක් ළමයින් වෙනුවෙන්ම ක්‍රියාත්මකයි.
ඒ වගේ ම පශ්චාත් උපාධි වෛද්‍ය නිලධාරීන්ගේ පුහුණු කටයුතු විධිමත් කරන්න, පශ්චාත් උපාධි කේන්ද්‍රයක්, වෛද්‍ය පුස්තකාලයක්, ශ්‍රව්‍ය දෘශ්‍ය ඒකකයක් හා ශ්‍රවණාගාරයක්ද තිබෙනවා.
ළමා මානසික රෝග හා රක්තවේදය හා පුනරුත්ථාපන සායනයන්හි දී රෝගීන්ට අවශ්‍ය විශේෂඥ වෛද්‍ය සේවය ලබාගන්න පුළුවන්. මේ ප්‍රතිකාරවලට අමතරව අභ්‍යන්තර රෝගී අංශයේ දී පවත්වන වෛද්‍ය හා ශල්‍ය සායන, වාට්ටුවලින් ප්‍රතිකාර ලබා පිටව යන ළමා රෝගීන්ගේ පූර්ණ සුවයට වැදගත්.
බාහිර රෝගී අංශයේදී පාචනය සඳභා විශේෂ ප්‍රතිකාර සේවාවක් සපයනවා. ළමයින්ට අවශ්‍ය මිල අධික බෙහෙත් වර්ග මෙන් ම, මිල අඩු ම බෙහෙත් පවා මේ රෝහලේ තියෙනවා.
සමහරවිට වෙනත් රෝගවලට නිකුත් නොකරන, ළමයින් සඳහා ම වූ විශේෂිත බෙහෙත් ද්‍රව්‍ය ළමා රෝහලේ පමණයි තිබෙන්නෙ.
මෙහි නොමේරූ ළදරු ඒකකය විශේෂයි. රටේ ළමා රෝග සම්බන්ධ ඕනෑම අවස්ථාවකට අපට මුහුණ දීමේ හැකියාව තියෙනවා.
ළමයෙකුගේ අසනීපයකදී පළමුව කළයුත්තේ මොකක්ද ?
බොහෝවිට රෝගී දරුවෙක් රෝහල කරා ගෙන එන්නේ දරුවාට ඉතා ම අසාධ්‍ය වුණාමයි.
දරුවාට ප්‍රතිකාර කිරීමට පෙර පරීක්ෂණ කළ යුතුයි. දරුවාව අසාධ්‍ය තත්ත්වයෙන් රෝහලට රැගෙන ඒමෙන් සිදුවන්නේ පරීක්ෂණ සඳහා ගතවන කාලයත් සමඟ දරුවාට නිසි ප්‍රතිකාර ලැබෙන්න ප්‍රමාද වීමයි.
එනිසා ඉතා සරල අසනීපයක් වුවත් බරපතළ ලෙස දරුවාට බලපෑමේ අවස්ථාව වැඩිවීමයි. දරුවන් කෙරෙහි මවුපියන් වඩාත් අවධානයෙන් සිටීනම්, බොහෝදරුවන් නිරෝගීව තබාගන්න පුළුවන්.
හෘද රෝග සායනය
සඳුදා පෙ.ව. 8 සිට ප.ව. 1 -ප.ව. 2 සිට ප.ව. 4
අඟහරුවාදා පෙ.ව. 8 සිට ප.ව. 1-ප.ව. 2 සිට ප.ව. 4
බදාදා පෙ.ව. 8 සිට ප.ව. 1 - ප.ව. 2 සිට ප.ව. 4
බ්‍රහස්පතින්දා පෙ.ව. 8 සිට ප.ව. 1 -ප.ව. 2 සිට ප.ව. 4
සිකුරාදා පෙ.ව. 8 සිට ප.ව.1- ප.ව. 2 සිට ප.ව. 4
සෙනසුරාදා පෙ.ව. 8 සිට ප.ව.1
කාමර අංක 62
ප්ලාස්ටික් සැත්කම්
කාමර අංක 35 දී බ්‍රහස්පතින්දා පෙ.ව. 8 සිට ප.ව. 1 දක්වා
ස්ථුලතා සායනය
සෑම බ්‍රහස්පතින්දාම පෙ.ව. 8 සිට 12 දක්වා කාමර අංක 22 දී පැවැත්වේ.
හිමෝෆීලියා සායනය
සෑම බදාදාම පෙ.ව. 8 සිට 12 දක්වා දෙවැනි මහල නවගොඩනැගිල්ලේදී
ළමා රෝග සායනය
සඳුදා පෙ.ව. 8 සිට ප.ව. 1
අඟහරුවාදා පෙ.ව. 8 සිට ප.ව. 1
බදාදා පෙ.ව. 8 සිට ප.ව.1
බ්‍රහස්පතින්දා පෙ.ව. 8 සිට ප.ව. 1
සිකුරාදා පෙ.ව. 8 සිට ප.ව. 1
ප.ව. 2 සිට ප.ව. 4
සෙනසුරාදා පෙ.ව. 8 සිට ප.ව. 1
රෝගීන් පරීක්ෂාව කාමර අංක 26 දී පැවැත්වේ. බ්‍රහස්පතින්දා සවස පමණක් 2 සිට ප.ව. 4 දක්වා කාමර අංක 28 දී රෝගීන් පරීක්ෂා කෙරේ.
චර්ම රෝග සායනය
සඳුදා පෙ.ව. 8 සිට ප.ව. 1
අඟහරුවාදා පෙ.ව. 8 සිට ප.ව. 1
බදාදා පෙ.ව. 8 සිට ප.ව. 1
බ්‍රහස්පතින්දා පෙ.ව. 8 සිට ප.ව. 1
සිකුරාදා පෙ.ව. 8 සිට ප.ව.1
සෙනසුරාදා පෙ.ව. 8 සිට ප.ව.1
කාමර අංක 33
මනෝ වෛද්‍ය සායනය
සඳුදා පෙ.ව. 8 සිට ප.ව. 1
අඟහරුවාදා පෙ.ව. 8 සිට ප.ව. 1
බදාදා පෙ.ව. 8 සිට ප.ව. 1
සිකුරාදා පෙ.ව. 8 සිට ප.ව.1
සෙනසුරාදා පෙ.ව. 8 සිට ප.ව.1
කාමර අංක 22
වකුගඩු සායනය
බදාදා පෙ.ව. 8 සිට ප.ව. 1 දක්වා කාමර අංක
35, බ්‍රහස්පතින්දා පෙ.ව. 2 සිට ප.ව. 4 දක්වා
කාමර අංක 26
ළමා සංවර්ධන සායනය
සෑම බ්‍රහස්පතින්දාම පෙ.ව. 8 සිට 12
දක්වා වාට්ටු අංක 01 දී පැවැත්වේ.
පිළිකා රෝග සායනය
සෑම සිකුරාදාම පෙ.ව. 8 සිට 12 දක්වා
කාමර අංක 30 දී පවත්වනු ලැබේ.
රූමැටිසියා සායනය
සඳුදා පෙ.ව. 8 සිට ප.ව. 1
අඟහරුවාදා පෙ.ව. 8 සිට ප.ව. 1
බදාදා පෙ.ව. 8 සිට ප.ව. 1
බ්‍රහස්පතින්දා පෙ.ව. 8 සිට ප.ව. 1
සිකුරාදා පෙ.ව. 8 සිට ප.ව.1
සෙනසුරාදා පෙ.ව. 8 සිට ප.ව.1
වාට්ටු අංක 30
දන්ත වෛද්‍ය සායනය
සඳුදා පෙ.ව. 8 සිට ප.ව. 1
අඟහරුවාදා පෙ.ව. 8 සිට ප.ව. 1
බදාදා පෙ.ව. 8 සිට ප.ව. 1
බ්‍රහස්පතින්දා පෙ.ව. 8 සිට ප.ව. 1
සිකුරාදා පෙ.ව. 8 සිට ප.ව.1
සෙනසුරාදා පෙ.ව. 8 සිට ප.ව.1
කාමර අංක 34
පිළිස්සුම් සායනය
අඟහරුවාදා පෙ.ව. 8 සිට ප.ව. 1 දක්වා
කාමර අංක 35
ළමා මනෝ වෛද්‍ය සායනය.
අඟහරුවාදා ප.ව 2 සිට ප.ව. 4
බදාදා ප.ව. 2 සිට ප.ව. 4
කාමර අංක 22
හෘද පුරස්ත සායනය.
අඟහරුවාදා ප.ව. 2 සිට ප.ව. 4
බ්‍රහස්පතින්දා ප.ව. 2 සිට ප.ව. 4
කාමර අංක 13 බී
බාහිර රෝගී ශල්‍ය සායනය.
සඳුදා පෙ.ව. 8 සිට ප.ව. 1
අඟහරුවාදා පෙ.ව. 8 සිට ප.ව. 1
බදාදා පෙ.ව. 8 සිට ප.ව. 1
බ්‍රහස්පතින්දා පෙ.ව. 8 සිට ප.ව. 1
සිකුරාදා පෙ.ව. 8 සිට ප.ව.1
සෙනසුරාදා පෙ.ව. 8 සිට ප.ව.1
කාමර අංක 30
අක්ෂි රෝග සායනය
සඳුදා පෙ.ව. 8 සිට ප.ව. 1
අඟහරුවාදා පෙ.ව. 8 සිට ප.ව. 1
බදාදා පෙ.ව. 8 සිට ප.ව. 1
බ්‍රහස්පතින්දා පෙ.ව. 8 සිට ප.ව. 1
සිකුරාදා පෙ.ව. 8 සිට ප.ව.1
සෙනසුරාදා පෙ.ව. 8 සිට ප.ව.1
කාමර අංක 23
ශල්‍ය වෛද්‍ය සායනය.
සඳුදා පෙ.ව. 8 සිට ප.ව. 1
අඟහරුවාදා පෙ.ව. 8 සිට ප.ව. 1
බදාදා පෙ.ව. 8 සිට ප.ව.1
බ්‍රහස්පතින්දා පෙ.ව. 8 සිට ප.ව. 1
සිකුරාදා පෙ.ව. 8 සිට ප.ව. 1
සෙනසුරාදා පෙ.ව. 8 සිට ප.ව. 1
කාමර අංක 28
විකලාංග වෛද්‍ය සායනය
සඳුදා පෙ.ව. 8 සිට ප.ව. 1
අඟහරුවාදා පෙ.ව. 8 සිට ප.ව. 1
බදාදා පෙ.ව. 8 සිට ප.ව. 1
කාමර අංක 13 බී
ස්නායු වෛද්‍ය සායනය
බදාදා ප.ව. 2 සිට ප.ව.4 දක්වා
කාමර අංක 35
නොමේරූ ළදරු උපත් සායනය.
බදාදා ප.ව. 2 සිට ප.ව. 4 කාමර අංක 26
හෝමෝන ආශ්‍රිත වර්ධන
(සංකූලතා) සායනය.
සඳුදා ප.ව. 2 සිට ප.ව. 4
උගුර, කණ, නාසය, පිළිබඳ වෛද්‍ය සායනය
සඳුදා පෙ.ව. 8 සිට ප.ව.. 1
අඟහරුවාදා පෙ.ව. 8 සිට ප.ව. 1
බදාදා පෙ.ව. 8 සිට ප.ව. 1
බ්‍රහස්පතින්දා පෙ.ව. 8 සිට ප.ව. 1
සිකුරාදා පෙ.ව. 8 සිට ප.ව.1
සෙනසුරාදා පෙ.ව. 8 සිට ප.ව.1
කාමර අංක 31
විශේෂ ස්තුතිය සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සම්බන්ධිකරණ ලේකම් සහ මාධ්‍ය උපදේශක චමුදිත සමරවික්‍රම මහතාට
Dinamina - Aarogya article 11th May 2011

ආබාධිත දරුවන් සුවපත් කරන රිජ්වේ ආර්යා රෝහලේ රක්තවේද හා පුනරුත්ථාපන ඒකකය


සෑම මවුපියෙක්ම බලාපොරොත්තු වන්නේ නිරෝගී දරුවන් ය. එහෙත් මොන යම් හේතුවක් නිසා හෝ විවිධ ආබාධයන්ට ලක්වූ දරුවන් ද ලැබෙයි.
කෙසේ හෝ මේ දරුවන් ද සමාජයට සේවයක් ලබා දෙන දරුවන් බවට පත් කළ යුතු වන්නේය.
මේ සඳහා වෛද්‍ය ක්ෂේත්‍රයේ විවිධ ක්‍රම තිබීම එවැනි දරුවන් ඇති මවුපියන්ගේ හිතට යම් සහනයක් උදාකර දී ඇත.
බොරැල්ල රිජ්වේ ආර්යා රෝහලේ දී මෙවැනි දරුවන් සඳහා ප්‍රතිකාර ලබාදීමට රක්තවේද හා පුනරුත්ථාපන ඒකකයක් පිහිටුවා ඇත. මේ ඒකකයේදී සියලුම රෝගී දරුවන්ට නොමිලේ ප්‍රතිකාර ලබාදීම සිදුකරයි.
මේ ඒකකයේ ප්‍රතිකාර ලබා දෙන ආකාරය පිළිබඳව ළමා රෝහලේ වැඩබලන රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය රත්නසිරි ඒ. හේවගේ මහතා සහ සන්ධි සන්ධි ආශි‍්‍රත රෝග සහ පුනරුත්ථාපනය පිළිබඳ විශේෂඥ වෛද්‍ය සමන් ජයනෙත්ති මහතා අදහස් දැක්වූයේ මෙසේයි.
මේ රෝහලේ සන්ධි, සන්ධි ආශි‍්‍රත රෝග සහ පුනරුත්ථාපන ඒකකයට දරුවන් ඇතුළත් කරන්නේ විශේෂ ප්‍රතිකාර සඳහායි. මවු කුස තුළදීත් දරුවා ලැබීමෙන් පසුවත් දරුවා විවිධ ආබාධවලට ලක්වෙනවා. ඕනෑම ආබාධිත දරුවෙකුට මේ ඒකකයේදී ප්‍රතිකාර ලබා දෙනවා.
මේ රෝහලට පැමිණෙන රෝගීන් පළමුව බාහිර රෝගී අංශයේ වෛද්‍යවරයාගේ නිර්දේශ මත රක්තවේද හා පුනරුත්ථාපන ඒකකයේ විශේෂඥ වෛද්‍යවරයා වෙත යොමු කරනවා. වෙනත් රෝහල්වලින් ද මේ රෝහලට දරුවන් යොමු කරනවා.
මවු කුස තුළදීත්, උපතේදීත්, පසුවත් දරුවන්ගේ ඇතිවන ආබාධ සඳහා ප්‍රතිකාර කරනවා. උදය වරුව රෝහලට බාහිරින් පැමිණෙන දරුවන්ට ප්‍රතිකාර ලබාදීමට වෙන්කර තිබෙනවා. සවස් වරුව වෙන්කර තිබෙන්නේ නේවාසික ප්‍රතිකාර ලබාගන්නා දරුවන්ගේ ක්‍රියාකාරකම් සඳහායි.
මේ ඒකකයේදී විශේෂයෙන් රක්තවාත, ස්නායු, කැඩුම් බිඳුම්, ස්වසන ආබාධ, මස්තිස්ක ආඝාතය, ඉපදෙන විට ඇඬීම ප්‍රමාද වීම නිසා ඔක්සිජන් අඩුවීමෙන් ඇතිවන ආබාධ සහිත දරුවන්ටත් විවිධ ක්‍රියාකාරකම් ලබාදීම කරනවා. දිනපතාම ව්‍යායාම ලබාදිය යුතු රෝගීන් ද සතියකට වරක්, මාසයකට වරක් ව්‍යායාම් ලබාදිය යුතු රෝගීන් ද ඉන්නවා.
දරුවාගේ මවට හෝ පියාට, ඥාතීන්ට දරුවාට අවශ්‍ය ව්‍යායාම් කරවීමේ හැකියාව ලබා දීමෙන් පසු ඊට අවශ්‍ය උපකරණ රෝහලෙන් නොමිලේ ලබා දී දරුවා නිවසට යොමු කරනවා.
නිවසේ සිට තම ඥාතීන් සමඟ දරුවා විවිධ ව්‍යායාම්වල යොමුවීමෙන් පසු රෝහලේ දී වරින් වර දරුවා පරීක්‍ෂා කෙරෙනවා.
මේ ප්‍රතිකාර සඳහා අවශ්‍ය සියලුම ආධාරක මේ රෝහලේ දීම සකසනවා. දරුවාගෙන් දරුවාට ඇතිවන විකෘතිතා විවිධයි.
විවිධ අවස්ථාවලදී දරුවාට භාවිතා කළ යුතු ව්‍යායාම් උපකරණ විවිධයි. නිදාගෙන සිටියදී, සිටගැනීමේදී, ඇවිදීමේදී, ක්‍රීඩා කිරීමේදී උපකරණ පැළඳිය යුතු අවස්ථා තිබෙනවා. රෝගියාගේ රෝගී ලක්‍ෂණ අනුව ලබා දෙන ආධාරකත් විවිධයි.
මේ දරුවන්ට සාමාන්‍ය ජීවිතයේදී බාහිර පරිසරයේ ඇති ක්‍රීඩා කිරීමට නොහැකියි. මේ නිසා මේ ආබාධිත දරුවන් වෙනුවෙන්ම වෙන්වුණු ක්‍රීඩා පිටියක් සෑදීමට අපි දැනට කටයුතු කරගෙන යනවා. බාහිර රෝගී අංශයට යොමුවන රෝගීන්ගේ ආධාරක සෑදීම සඳහා මේ රෝහලේ පිහිටුවා ඇති ඒකකයට යොමුවීමෙන් පසු රෝගී දරුවාගේ අවශ්‍යතාවයට සරිලන ආධාරක නොමිලේ සකසා දෙනවා.
මේ වැඩ අංශය රෝහලේ ස්ථාපිත වූ දා සිට මේ දක්වා ආධාරක 3500 ක් පමණ රෝගී දරුවන් සඳහා බෙදා දී තිබෙනවා. මේ වැඩ අංශයේ විශේෂ පුහුණුවක් ලත් කාර්යය මණ්ඩලයක් සේවය කරනවා.
අතක හෝ කකුලක ශරීරයේ කිසියම් තැනෙක ආබාධයන් විකෘතිතා ඇත්නම් එම රෝගී දරුවන්ගේ මිමි ලබාගැනීමෙන් පසු ඊට අවශ්‍ය උපකරණ සෑදීම සඳහා ප්ලාස්ටොප්පැරිස්වලින් අච්චුවක් සාදාගෙන එම අච්චුවට අනුව උපකරණ සාදා රෝගී දරුවාට දෙනවා.
ආතරයිටීස් සහ වෙනත් සන්ධි වේදනා රෝග ඇතිවෙන දරුවන් සිටිනවා.
හන්දි නැවීමේ හැකියාව වැඩි දරුවන් ද මේ ඒකකයට යොමු වෙනවා. මේ රෝගී තත්ත්ව නිසා දරුවාගේ හැකියාවන් නැති වෙනවා. මේ දරුවන්ට හැකියාව ලබාදීම මේ ඒකකයේ විශේෂම කාර්ය භාරයයි.
මොළයේ සමහර කොටස් ක්‍රියා විරහිත වීම නිසා ළමයින්ට ඇතිවන අංශභාග රෝගයට මේ ඒකකයේදී ප්‍රතිකාර කරනවා.
දෑත් දෙපා පණ නැති දරුවන් පුනරුත්ථාපනය කිරීම මේ ඒකකයෙන් සිදුවෙනවා. මවු කුස තුළදීත් මෙලොව එළිය දැකීමෙන් පසුවත් දරුවාගේ මොළයට හානි විය හැකියි. මෙහිදී රුබෙල්ලා එන්නත ඉතාම වැදගත්. මවට රුබෙල්ලා රෝගය වැළඳුණොත් දරුවා අංගවිකල වෙනවා. එවැනි අංගවිකල ළමුන් රැසක් මේ ඒකකයේ ප්‍රතිකාර ලබනවා. මොළේ උණ වැළඳුණු දරුවන් ආබාධවලට ලක්වෙනවා.
මේ ප්‍රතිකාර ක්‍රමයේදී එක් ප්‍රතිකාර ක්‍රමයකින් පමණක් දරුවා සුවපත් කළ නොහැකියි. මේ ඒකකයේදී දරුවෙක් සුවපත් වන්නේ අංශ කීපයකම එකමුතුව නිසයි.
ප්‍රධාන වශයෙන් වෛද්‍ය කාර්ය මණ්ඩලය දරුවාගේ රෝගී තත්ත්වය සොයා ගන්නවා. රෝගියාට කළ යුතු ප්‍රතිකාර විධි තීරණය කරනවා.
මෙහිදී භෞතක චිකිත්සකවරු ඉතා වැදගත්. විවිධ ව්‍යායාම හරහා හැකියාවන් ලබාගැනීමට රෝගී දරුවාට උදව් කිරීම මේ අයගේ කාර්යය වෙනවා.
ඒ වාගේම ඔකියපේෂන් තෙරපි අංශයේ කාර්ය මණ්ඩලය ක්‍රියාකාරකම් පුරුදු කිරීම කරවනවා. ආබාධිත සමහර ළමුන්ට කථන හැකියාව නැහැ.
කථන හැකියාව ලබාදීම සඳහා ඇති කථන අංශයෙන් ළමුන්ගේ කථන හැකියාව ලබාගැනීමට අවශ්‍ය කටයුතු කරනවා.
මේ ඒකකයේදී ඖෂධමය ප්‍රතිකාරවලට අමතරව රෝගියා යථා තත්ත්වයට ගැනීමට විශාල වෙහෙසක් ගන්නවා. අක්‍ෂි ආබාධ සහිත දරුවන් අක්ෂි වෛද්‍යවරයෙකු හමුවටත්, ස්නායු ආබාධිත දරුවන් ස්නායු වෛද්‍යවරයෙක් හමුවටත් යොමුකරනවා.
ශ්‍රවණ ආබාධ සහිත දරුවන් උගුර කණ නාසය සම්බන්ධ වෛද්‍යවරයෙක් හමුවටත් යොමු කරනවා. ආබාධිත දරුවෙක් සුව කිරීමට මේ රෝහලේ සෑම අංශයකම සක්‍රීය දායකත්වයක් අවශ්‍යයි.
උපතේදී අත්පාවල ඇතිවන කුඩා ඇදවීම් සැකසීම සඳහා මේ රෝහලේ විකලාංග ශල්‍ය වෛද්‍යවරයා වෙත දරුවන් යොමු කරනවා. මෙහිදී සමහර රෝගී දරුවන්ට ශල්‍යකර්ම, ප්ලාස්ටර් දැමීම කරනවා. ඒ වගේම සමහර රෝගීන්ව පිසියෝ තෙරපි ලබාදීම සඳහාත් යොමු කරනවා.
දරුවන්ගේ ඕනෑම ආබාධිත තත්ත්වයකට ප්‍රතිකාර කිරීම මේ රෝහලේ දී කරනවා.
මේ ප්‍රතිකාර ක්‍රමය ඉතාම සංකීර්ණයි. දරුවාගේ රෝගී තත්ත්වයේ බරපතලකම අනුව දරුවා සුව කිරීමේ හැකියාව තිබෙනවා. අපි උපරිම උත්සාහ ගන්නේ දරුවාට උපරිම සුවය ලබා දීමටයි.
මෙහිදී දරුවා සමාජයට බරක් නැති, සමාජයට වැඩදායී පුද්ගලයෙක් ලෙස සමාජ ගතකිරීම නිසා දරුවාගේ මවුපියන්ටත් යම් කිසි අස්වැසිල්ලක් ඇතිවෙනවා.
සදාකාලික ආබාධිත දරුවෙකු වෙනුවට සමාජයට වැඩක් කළ හැකි මට්ටමේ දරුවෙකු ලැබීම නිසා මේ ඒකකයෙන් දරුවා සමඟ මවුපියන් පිටව යන්නේ මහත් සතුටෙන්.
ආබාධිත දරුවන් සිටින මවුපියන් පළමුව කළ යුත්තේ දරුවාගේ රෝගී තත්ත්වයට අනුව සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් ළඟට දරුවා රැගෙන යාමයි. එවිට වෛද්‍යවරයා නිසි ප්‍රතිකාර සඳහා යොමු කරනවා. මේ නියම කරන ප්‍රතිකාර නොකඩවා නිසි පරිදි කළ යුතුයි. ඒ සඳහා මේ රෝහලේදී නොමිලේ ප්‍රතිකාර ලබා දෙනවා.
රෝහලේදී ලබා දෙන ප්‍රතිකාරවලින් පසු නිවසේදී වැඩිදුරටත් ළමයින්ට පුහුණුවීම්, ව්‍යායාම් කළ යුතු වෙනවා. ඒ සඳහා අවශ්‍ය උපකරණ මේ රෝලෙන් නොමිලේ ලබා දෙනවා. මවුපියන්ට අවශ්‍ය පුහුණුව ද ලබා දෙනවා.
ඔවුන්ගේ වගකීම වන්නේ දරුවාට ඒවා නිසි පරිදි පුරුදු පුහුණු කරවීමයි.

Dinamina Aarogya artcles - 05th 12th  , 19th , 26th December 2012

ළමා සායනය

ළමා රෝහලේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් මුණ ගැසිය හැකි දිනයන් හා වේලාවන්



දරුවෙක් රෝගී වුණොත් මවුපියන් බොහෝ කලබලයට පත්වෙනවා. ඒ දරුවන්ගේ රෝගීවීම මවුපියන්ට දරාගත නොහැකි නිසයි. එහෙත් දරුවන් අසනීප වූ විට මවුපියන් කලබලයට පත් නොවිය යුතු බව අප මීට පෙර ඔබට පැවසුවා මතක ඇති.

බොරුල්ල රිජ්වේ ආර්යා
ළමා රෝහලේ අධ්‍යක්ෂ
වෛද්‍ය
රත්නසිරි
ඒ. හේවගේ
දරුවෙක් රෝගී වූ විගස අපගේ සිහියට නැගෙන්නේ ළමා රෝහලයි. ඒ එහි ඇති විශ්වාසවන්ත සේවය නිසයි.
මේ රෝහලේ සියලුම සේවාවන් නොමිලේ සිදුකරනවා.
විශේෂයෙන්ම ළමයින් සඳහාම වෙන් වූ විශේෂඥ වෛද්‍යවරුන් රැසක් ළමා රෝහලේ සායන සඳහා දිනපතාම සහභාගී වෙනවා.
කොළඹ කොටුවේ සිට මාර්ග අංක 103,114,170,190 යන බස්රථවලින් ගොස් බොරුල්ල රිජ්වේ ආර්යා ළමා රෝහල අසළින් බහින්න පුළුවන්.
මරදාන පාර සහ බේස්ලයින් පාර අතර පිහිටා ඇති ළමා රෝහල, බේස්ලයින් පාරේ නම් මාර්ග අංක 104, 154, 135 යන ඕනෑම බසයකින් ළඟා විය හැකියි.
විශේෂඥ වෛද්‍ය සේවයට අමතරව විශේෂ තෙරපි ප්‍රතිකාරද ඉරිදා දිනය හැර සතියේ අනෙක් සෑම දිනකම උදෑසන 8.00 සිට දහවල් 12.00 දක්වා බාහිර රෝගීන් සඳහා කෙරෙනවා. භෞතචිකිත්සක, ජල චිකිත්සක, වෘත්තීය චිකිත්සක සහ භාෂාකතන චිකිත්සක ප්‍රතිකාර මේ අතරින් ප්‍රධාන වෙනවා.
වයස අවුරුදු 12 දක්වා වූ ළමයින් ඕනෑම කෙනෙකුගේ රෝගයක් ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය වරුන් වෙත පෙන්වා ප්‍රතිකාර ලබා ගත හැකියි.
බාහිර රෝගී අංශය සහ රෝගීන් ඇතුළත් කර ගැනීම පැය 24 පුරාම ළමා රෝහලේදී සිදු වුවත් විශේෂඥ වෛද්‍ය සායන පැවැත්වෙන්නේ පහත සඳහන් දින සහ වේලාවන්හිදී පමණි.
විශේෂඥ වෛද්‍යවරුන් හමුවීමට පෙර බාහිර රෝගී අංශයෙන් වෛද්‍ය නිර්දේශයක් ලබාගත යුතු අතර ඉන් අනතුරුව රෝගියාව විශේෂඥ වෛද්‍යවරයා වෙත යොමු කෙරේ. වෙනත් රෝහලක වෛද්‍යවරයෙක් ළමා රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙකු හමුවීමට නිර්දේශ කර ඇත්නම් අදාළ දිනයන්හිදී නියමිත වේලාවක විශේෂඥ වෛද්‍ය සායනයට සහභාගී විය හැකියි.
අඟහරුවාදා ප.ව 2.00 සිට ප.ව 4.00 දක්වා ළමා කායික රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය එම්. සේනානායක,වෛද්‍ය ශම්‍යාද සිල්වා, වෛද්‍ය පූජිත වික්‍රමසිංහ කාමර අංක 26 දීත් සෙනසුරාදා පෙ.ව 8.00 සිට දහවල් 12.00 දක්වා කාමර අංක 26 දීත් මේ විශේෂඥ වෛද්‍යවරුන් හමුවිය හැකියි.
සඳුදා ප.ව 2.00 සිට ප.ව 4.00 දක්වාත් බ්‍රහස්පතින්දා පෙ.ව 8.00 සිට දහවල් 12.00 දක්වාත් ළමා කායික රෝග විශේෂඥ වෛද්‍ය යූ.එස් ද එස්. වෛද්‍යනාත කාමර අංක 26 දී හමුවිය හැකි අතර සිකුරාදා ප.ව 2.00 සිට ප.ව 4.00 දක්වා ඇදුම රෝගීන්ට පමණක් කාමර අංක 28 දී සායනය පැවැත්වේ.
ළමා කායික රෝග විශේෂඥ වෛද්‍ය දේවන් මෙන්ඩිස් සදුදා පෙ.ව.8.00 සිට දහවල් 12.00 දක්වා කාමර අංක 26 දීත් බ්‍රහස්පතින්දා ප.ව 2.00 සිට ප.ව 4.00 දක්වා කාමර අංක 28 දීත් බදාදා පෙ.ව 8.00 සිට දහවල් 12.00 දක්වා කාමර අංක 35 දීත් හමුවිය හැක.
අඟහරුවාදා ප.ව 2.00 සිට ප.ව 4.00 දක්වා කාමර අංක 28 දීත් සිකුරාදා පෙ.ව 8.00 සිට දහවල් 12.00 දක්වා කාමර අංක 26 දීත් ළමා කායික රෝග විශේෂඥ වෛද්‍ය එම්. බී.ඒ.එල්.පී. විජේසූරිය හමුවිය හැක.


----------------------


ළමා රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය සේවය ලබා ගත හැකි දිනයන් සහ වේලාවන්
ළමා සායන
ළමා රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන් හමුවිය හැකි දින සහ වේලාවන් පසුගිය සතියේ ඔබට ගෙන ආවා මතක ඇති. එම ලිපියේ තවත් කොටසක් ගෙන ඒම මෙම ලිපියේ අරමුණයි.
කොළඹ කොටුවේ සිට මාර්ග අංක 103, 114,170,190, යන බස්රථවලින් ගොස් බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහල අසළින් බහින්න පුළුවන්.
මරදාන පාර සහ බේස්ලයින් පාර අතර පිහිටා ඇති ළමා රෝහල වෙත බේස්ලයින් පාරේ නම් මාර්ග අංක 104, 154, 135, යන ඕනෑම බසයකින් ළඟාවිය හැකියි.
ළමා කායික විශේෂඥ වෛද්‍ය ආර්.සී. එදිරිවීර අඟහරුවාදා ප.ව 2.00 සිට ප.ව. 4.00 දක්වාත් බදාදා පෙ.ව. 8.00 සිට දහවල් 12.00 දක්වාත් කාමර අංක 26 දී හමුවිය හැකියි.
සඳුදා පස්වරු 2.00 සිට පස්වරු 4.00 දක්වා කාමර අංක 28 දීත් අඟහරුවාදා උදෑසන 8.00 සිට දහවල් 12.00 දක්වා සහ සිකුරාදා පස්වරු 2.00 සිට පස්වරු 4.00 දක්වා කාමර අංක 26 දීත් ළමා කායික වෛද්‍ය විශේෂඥ පී. එම්. ජී. පුංචිහේවා හමුවිය හැකියි.
ළමා කායික විශේෂඥ වෛද්‍ය රංජන් ඩයස් අඟහරුවාදා උදෑසන 8.00 සිට දහවල් 12.00 දක්වා කාමර අංක 28 දීත් විශේෂඥ වෛද්‍ය මලික් සමරසිංහ බදාදා උදෑසන 8.00 සිට දහවල් 12.00 දක්වා කාමර අංක 28 දීත් හමුවීමට පුළුවන.
සඳුදා උදෑසන 8.00 සිට දහවල් 12.00 දක්වාත් සෙනසුරාදා උදෑසන 8.00 සිට දහවල් 12.00 දක්වාත් කාමර අංක 28 දී කායික රෝග විශේෂඥ වෛද්‍ය චන්දිමා සූරියආරච්චි හමුවිය හැකියි.
ළමා කායික රෝග විශේෂඥ වෛද්‍ය බී.ඒ. ඩී. ජයවර්ධන කාමර අංක 28 දී අඟහරුවාදා උදෑසන 8.00 සිට දහවල් 12.00 දක්වා සහ සිකුරාදා උදෑසන 8.00 සිට දහවල් 12.00 දක්වා හමුවීමට හැකියාව ඇත.
අඟහරුවාදා උදෑසන 8.00 සිට දහවල් 12.00 දක්වාත් සිකුරාදා උදෑසන 8.00 සිට දහවල් 12.00 දක්වාත් ළමා කායික විශේෂඥ වෛද්‍ය ඒ.කේ. ළමාහේවගේ කාමර අංක 28 දී හමුවිය හැකියි.
ළමා උගුර, කන, නාසය විශේෂඥ වෛද්‍ය ඒ.ඩී.කේ. එස්. එන්. යසවර්ධන සහ විශේෂඥ වෛද්‍ය කේ. ඩී. ආර්. ඒ. කිරිහේන සඳුදා උදෑසන 8.00 සිට දහවල් 12.00 දක්වාත්, අඟහරුවාදා උදෑසන 8.00 සිට දහවල් 12.00 දක්වාත් බදාදා උදෑසන 8.00 සිට දහවල් 12.00 දක්වාත් බ්‍රහස්පතින්දා උදෑසන 8.00 සිට දහවල් 12.00 දක්වාත් සිකුරාදා උදෑසන 8.00 සිට දහවල් 12.00 දක්වාත් සෙනසුරාදා උදෑසන 8.00 සිට දහවල් 12.00 දක්වාත් කාමර අංක 31 දී හමුවීමට හැකියාව ඇත.
ළමා ප්ලාස්ටික් ශල්‍ය විශේෂඥ වෛද්‍ය රොමේෂ් ගුණසේකර බ්‍රහස්පතින්දා උදෑසන 8.00 සිට දහවල් 12.00 දක්වා කාමර අංක 35 දී හමුවිය හැක.
බාහිර රෝගී අංශයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය එස්.අබේගුණසේකර සඳුදා උදෑසන 8.00 සිට දහවල් 12.00 දක්වාත් අඟහරුවාදා උදෑසන 8.00 සිට දහවල් 12.00 දක්වාත් බදාදා උදෑසන 8.00 සිට දහවල් 12.00 දක්වාත් බ්‍රහස්පතින්දා උදෑසන 8.00 සිට දහවල් 12.00 දක්වාත් බාහිර රෝගී අංශයේදී මුණගැසිය හැකිය.

විවිධ රෝග සඳහා ළමා රෝහලේදි හමුවිය හැකි විශේෂඥ වෛද්‍යවරුන්ගේ නම් දින, ස්ථාන සහ වේලාවන්

ජාතික ළමා රෝහලේ ළමා කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන් හමුවිය හැකි දින සහ වේලාවන් පසුගිය සති දෙකේදීම අපි ඔබවෙත ගෙන ආවා. ඔබට මතක ඇති.
දරුවන්ගේ සෑම රෝගී අවස්ථාවකදීම එකිනෙකට වෙනස් වූ විශේෂඥ වෛද්‍යවරුන් හමුවීමට අපට සිදු වෙනවා. විවිධ රෝග සඳහා විශේෂඥ දැනුම ඇති ළමා විශේෂඥ වෛද්‍යවරුන් රැසක් ළමා රෝහලේදී ඔබට මුණ ගැසිය හැකියි.
එම විශේෂඥ වෛද්‍යවරුන් හමුවීමට ඔබ ළමා රෝහලේ බාහිර රෝගී අංශයේ වෛද්‍යවරයෙකුගේ අනුමැතිය හෝ වෙනත් රෝහලක වෛද්‍යවරයෙකුගේ නිර්දේශය ලබාගත යුතු වෙනවා.
හෘද උරස් ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන් වන ඉරේෂ් විජේමාන්න. එම්. මුණසිංහ සහ කංචන සිංගප්පුලි බ්‍රහස්පතින්දා පස්වරු 2.00 සිට පස්වරු 4.00 දක්වාත් අඟහරුවාදා පස්වරු 2.00 සිට පස්වරු 4.00 දක්වාත් ළමා රෝහලේ අනතුරු අංශයේදී මුණගැසිය හැකියි.
විකලාංහ විශේෂඥ වෛද්‍ය සුනිල් විජේසිංහ සඳුදා උදෑසන 7.30 සිට සවස 1.30 දක්වාත් අඟහරුවාදා උදෑසන 7.30 සිට දහවල් 12.00 දක්වාත් අනතුරු අංශයේදී මුණගැසිය හැකිවෙනවා.
අක්ෂි විශේෂඥ වෛද්‍ය ඩී. ඉරුගල් බණ්ඩාර සඳදා උදෑසන 8.00 සිට දහවල් 12.00 දක්වාත් අඟහරුවාදා උදෑසන 8.00 සිට දහවල් 12.00 දක්වාත් බදාදා උදෑසන 8.00 සිට දහවල් 12.00 දක්වාත් බ්‍රහස්පතින්දා උදෑසන 8.00 සිට දහවල් 12.00 දක්වාත් සිකුරාදා උදෑසන 8.00 සිට සවස 4.00 දක්වාත් සෙනසුරාදා උදෑසන 8.00 සිට දහවල් 12.00 දක්වාත් ළමා රෝහලේ අක්ෂි ඒකකයේදී මුණ ගැසිය හැකියි.
සඳුදා උදෑසන 8.00 සිට සවස 4.00 දක්වාත් අඟහරුවාදා උදෑසන 8.00 සිට සවස 4.00 දක්වාත් බදාදා උදෑසන 8.00 සිට සවස 4.00 දක්වාත් බ්‍රහස්පතින්දා උදෑසන 8.00 සිට සවස 4.00 දක්වාත් සිකුරාදා උදෑසන 8.00 සිට සවස 4.00 දක්වාත් සෙනසුරාදා උදෑසන 8.00 සිට දහවල් 12.00 දක්වාත් ළමා හෘදරෝග විශේෂඥ වෛද්‍ය දුමින්ද සමරසිංහ සහ විශේෂඥ වෛද්‍ය ෂෙහාන් පෙරේරා හමුවීමට පුළුවන.
චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ජේ. කේ. කේ. සෙනෙවිරත්න සඳුදා උදෑසන 8.00 සිට දහවල් 12.00 දක්වාත් අඟහරුවාදා උදෑසන 8.00 සිට දහවල් 12.00 දක්වාත් බදාදා උදෑසන 8.00 සිට දහවල් 12.00 දක්වාත් බ්‍රහස්පතින්දා උදෑසන 8.00 සිට දහවල් 12.00 දක්වාත් සිකුරාදා උදෑසන 8.00 සිට දහවල් 12.00 දක්වාත් සෙනසුරාදා උදෑසන 8.00 සිට දහවල් 12.00 දක්වාත් කාමර අංක 33දී හමුවිය හැකියි.
සඳදා උදෑසන 8.00 සිට දහවල් 12.00 දක්වාත් අඟහරුවාදා උදෑසන 8.00 සිට දහවල් 12.00 දක්වාත් බදාදා උදෑසන 8.00 සිට දහවල් 12.00 දක්වාත්
්බ්‍රහස්පතින්දා උදෑසන 8.00 සිට දහවල් 12.00 දක්වාත් සිකුරාදා උදෑසන 8.00 සිට දහවල් 12.00 දක්වාත් සෙනසුරාදා උදෑසන 8.00 සිට දහවල් 12.00 දක්වාත් රක්තවාතවේදී විශේෂඥ වෛද්‍ය එස්. එච්. එම්. ඩී. සිල්වා වාට්ටු අංක 06 දී හමුවීමට පුළුවන. ළමා මාර්ගෝපදේශක විශේෂඥ වෛද්‍ය එස්. විජේතුංග සඳුදා උදෑසන 8.00 සිට දහවල් 12.00 දක්වාත් අඟහරුවාදා උදෑසන 8.00 සිට දහවල් 12.00 දක්වාත් බදාදා උදෑසන 8.00 සිට දහවල් 12.00 දක්වාත් සිකුරාදා උදෑසන 8.00 සිට දහවල් 12.00 දක්වාත් කාමර අංක 22 දී මුණගැසිය හැකිය.
ළමා මානසික රෝග විශේෂඥ වෛද්‍ය හේමමාලී පෙරේරා අඟහරුවාදා පස්වරු 1.00 සිට පස්වරු 4.00 දක්වාත් සෙනසුරාදා උදෑසන 7.00 සිට සවස 1.00 දක්වාත් කාමර අංක 22 දී හමුවිය හැක.

---------------------------

ළමා රෝහලේදී විවිධ රෝග පිළිබදව විශේෂඥ වෛද්‍යවරුන් හමුවිය හැකි දින සහ වේලාවන්

සැ.යු.
මේ සියලුම විශේෂඥ වෛද්‍යවරුන් හමුවීමට පෙර ළමා රෝහලේ බාහිර රෝගී අංශයේ වෛද්‍යවරයෙකුගේ අනුමැතිය ලබාගත යුතුය. එසේ නොවන්නේ නම් වෙනත් රෝහලක වෛද්‍යවරයෙකු විසින් විශේෂඥ වෛද්‍යවරයෙකු හමුවීමට ලබාගත් නිර්දේශයක් ඉදිරිපත් කළ යුතුය.
වයස අවුරුදු 12 දක්වා වන මෙරට ළමුන්ගේ රෝගී තත්ත්ව සඳහා ප්‍රතිකාර කිරීමට පිහිටුවා ඇති එකම රෝහල වන්නේ බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලයි. එක් එක් රෝග කෙරෙහි විශේෂඥ දැනුම ඇති වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර ලබාගැනීමට දරුවන්ට සිදුවන අවස්ථාවලදී ළමා රෝහලෙන් සිදුවන මෙහෙය අතිවිශාලයි.
දිනකට විශේෂඥ වෛද්‍ය සායන රැසක් ළමා රෝහලේ පැවැත්වෙනවා. එවැනි වෛද්‍ය සායන පැවැත්වෙන දින වේලාව සහ විශේෂඥ වෛද්‍යවරයාගේ නම ඔබ වෙත ගෙන ඒම මේ ලිපියේ අරමුණයි.
දත්ත විකලාංග විශේෂඥ වෛද්‍ය ඒ.එස්. බස්නායක සඳුදා උදෑසන 8.00 සිට සවස 4.00 දක්වාත් අඟහරුවාදා උදෑසන 8.00 සිට සවස 4.00 දක්වාත් බදාදා උදෑසන 8.00 සිට සවස 4.00 දක්වාත් බ්‍රහස්පතින්දා උදෑසන 8.00 සිට සවස 4.00 දක්වාත් සිකුරාදා උදෑසන 8.00 සිට සවස 4.00 දක්වාත් සෙනසුරාදා උදෑසන 8.00 සිට සවස 4.00 දක්වාත් වාට්ටු අංක 16 දී හමුවිය හැකියි.
සඳුදා සවස 2.00 සිට සවස 4.00 දක්වාත් බදාදා සවස 2.00 සිට සවස 4.00 දක්වාත් ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය පී. රත්නායක විශේෂඥ වෛද්‍ය අනුරුද්ද පාදෙනිය සහ විශේෂඥ වෛද්‍ය ජිතාංගි වනිගසිංහ බාහිර රෝගී අංශයේදී හමුවිය හැකියි.
දරුවන්ගේ වකුගඩු රෝගවලදී වකුගඩු රෝග විශේෂඥ වෛද්‍ය ඩබ්ලිව් ඩී.වී. එන් ගුණසේකර සඳුදා උදෑසන 8.00 සිට දහවල් 12.00 දක්වාත් බ්‍රහස්පතින්දා සවස 2.00 සිට සවස 4.00 දක්වාත් බාහිර රෝගී අංශයේදී හමුවීමට පුළුවන.
හිමෝපීලියා රෝගී අවස්ථාව සඳහා විිශේෂඥ වෛද්‍යවරුන් බදාදා උදෑසන 8.00 සිට සවස 3.00 දක්වාත් සෙනසුරාදා උදෑසන 8.00 සිට දහවල් 12.00 දක්වාත් ළමා රෝහලේදී හමුවිය හැකිය.
බාහිර රෝගී අංශයේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දිස්නාද සිල්වා සඳුදා උදෑසන 7.00 සිට සවස 4.00 දක්වාත් අඟහරුවාදා උදෑසන 7.00 සිට සවස 4.00 දක්වාත් බදාදා උදෑසන 7.00 සිට සවස 4.00 දක්වාත් බ්‍රහස්පතින්දා උදෑසන 7.00 සිට සවස 4.00 දක්වාත් සිකුරාදා උදෑසන 7.00 සිට සවස 4.00 දක්වාත් සෙනසුරාදා උදෑසන 7.00 සිට සවස 1.00 දක්වාත් කාමර අංක 07 දී හමුවිය හැකියි.
විශේෂඥශල්‍ය වෛද්‍ය එස්. අබේගුණසේකර සඳුදා උදෑසන 8.00 සිට දහවල් 12.00 දක්වාත් අඟහරුවාදා උදෑසන 8.00 සිට දහවල් 12.00 දක්වාත් බදාදා උදෑසන 8.00 සිට දහවල් 12.00 දක්වාත් බ්‍රහස්පතින්දා උදෑසන 8.00 සිට දහවල් 12.00 දක්වාත් කාමර අංක 30 දී හමුවිය හැකියි.
ළමාරෝග විශේෂඥ වෛද්‍ය පී. වික්‍රමසිංහ (ළමා ස්තූලතාව සඳහා) බ්‍රහස්පතින්දා උදෑසන 8.00 සිට දහවල් 12.00 දක්වා කාමර අංක 22 දී හමුවීමට පුළුවනි.
ළමාරෝග විශේෂඥ වෛද්‍ය ශම්‍යාද සිල්වා (අන්තරා සර්ග පද්ධතියේ රෝග සඳහා) සෑම මසකම තුන්වෙනි සඳුදා සහ හතරවෙනි සඳුදා සවස 2.00 සිට සවස 4.00 දක්වා කාමර අංක 22 දී හමුවිය හැකියි.
සිකුරාදා සවස 1.00 සිට සවස 4.00 දක්වා ළමාරෝග විශේෂඥ වෛද්‍ය සමන්මලී සුමනසේන (සෙමින් මනස වැඩෙන දරුවන් සඳහා) කාමර අංක 30 දී හමුවීමට හැකියාව ඇත.
දරුවන්ගේ පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් වන දමයන්ති පීරිස් විශේෂඥ වෛද්‍ය වසන්ත රත්නායක සිකුරාදා උදෑසන 8.00 සිට දහවල් 12.00 දක්වාත් සඳුදා සවස 2.00 සිට සවස 4.00 දක්වාත් කාමර අංක 30 දී හමුවීමට පුළුවනි.
ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය විශේෂඥ රොමේෂ් ගුණසේකර අඟහරුවාදා උදෑසන 8.00 සිට දහවල් 12.00 දක්වා කාමර අංක 35 දී හමුවිය හැකියි.
දන්ත රෝග විශේෂඥ වෛද්‍ය ශි‍්‍රයාණි බස්නායක සඳුදා සිට සිකුරාදා දක්වා උදෑසන 8.00 සිට සවස 4.00 දක්වාත් සෙනසුරාදා උදෑසන 8.00 සිට දහවල් 12.00 දක්වාත් කාමර අංක 34 දී මුණ ගැසිය හැකිය. ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය පියාරා රත්නායක සෙනසුරාදා උදෑසන 8.00 සිට දහවල් 12.00 දක්වා (මොළේ සෛලවල දුර්වලතා ඇති ඇස් නොපෙනෙන දරුවන්ට ලබාදෙන ව්‍යායාම සඳහා) ස්නායු රෝග ඒකකයේදී හමුවිය හැකියි.

---------------------------------------------------------------------------------------------------------------

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.