රෝග නිවාරණයට මුල්තැන දෙන කුරුණැගල ශික්ෂණ රෝහල
ඇත්තෙන්ම රෝගී නොවී ඉන්නට හැකිනම් රටට බරක් නැතිව ජීවත් වෙන්නත් පුළුවන්.
මේ සදහා පාර කියා දෙන්නට කුරුණෑගල ශික්ෂණ රෝහල ගන්නේ අපමණ වෙහෙසක්.
ඒ කාර්ය භාරය කෙරෙන ආකාරය ගැනත් කුරුණෑගල රෝහලෙන් සිදුවන සේවාව පිළිබඳවත් රෝහල් අධ්‍යක්ෂිකා වෛද්‍ය එම්.ඩී. එස්. රාජමන්ත්‍රී මහත්මිය අදහස් දැක්වූයේ මෙසේයි.
මේ රෝහල වයඹ පළාතේ ප්‍රධානතම රෝහලයි. තෘතීය සේවාවක් මේ රෝහලෙන් සපයනවා.
විශේෂඥ වෛද්‍යවරු 39 දෙනෙකුගේ සේවාව ලබාදෙන මේ රෝහලේ වාට්ටු 51ක් තිබෙනවා. හෘද රෝග ඒකකයක් ක්‍රියාත්මකයි.
පිළිකා වෛද්‍ය ඒකකය ඒවගේම පිළිකා ශල්‍ය ඒකකයත් ක්‍රියාත්මකයි. ආමාශ ආන්ත්‍ර සම්බන්ධ කායික මෙන්ම ශල්‍ය ඒකකයන් මේ රෝහලේ ක්‍රියාත්මක වෙනවා. වෘක්කවේද ඒකකය මඟින් අපි විශාල සේවාවක් සපයනවා.
බාහිර රෝගී අංශය උදෑසන 7.00 සිට රාත්‍රී 7.00 දක්වා පවත්වාගෙන යනවා. වාට්ටු සදහා ඇදන් 1600ක් ලබාදී තිබෙනවා. අභ්‍යන්තර රෝගීන් ප්‍රතිකාර සදහා ඇතුළත් වූවාට පසු ඔවුන්ට අවශ්‍ය සියලුම පහසුකම් උපරිමයෙන් ලබාදෙනවා.
අනතුරු හා හදිසි ප්‍රතිකාර අංශය පැය 24 පුරාම ක්‍රියාත්මකයි. මේ අංශයට පැමිණෙන බොහෝ රෝගීන් නේවාසික ප්‍රතිකාර සදහා යොමු කෙරෙනවා.
බෝ නොවන රෝග වන අධි රුධිර පීඩනය, බරවා, හෘද , දියවැඩියාව, තරබාරුව, පිළිකා වැනි රෝගී තත්ත්ව වළක්වා ගැනීමට අවශ්‍ය උපදෙස් ලබාදීමට වෙනම ඒකකයක් මේ රෝහලේ ක්‍රියාත්මකයි. මේ ඒකකයට ඕනෑම අයෙකුට යොමුවිය හැකියි.
මෙහිදී තමන්ට එවැනි රෝග අවදානමක් ඇත්දැයි යන්න පිළිබඳව දැන ගැනීමටත් අවශ්‍ය පරීක්ෂණ සහ උපදෙස් ලබාගැනීමටත් හැකියාව ලැබෙනවා. බාහිර රෝගී අංශයේම මේ ඒකකය පිහිටුවා තිබෙනවා.
තමන්ගේ පෞද්ගලික සෞඛ්‍ය ගැන ඉතා හොදින් සොයා බැලිය යුතුයි. තමන්ගේ සෞඛ්‍ය රැකගැනීම ඉතාම වටිනවා. මේ හරහා රෝහල්ගතවන රෝගීන් ගණන අඩුකරගත හැකි වෙනවා.
කුරුණෑගල රෝහලේම ක්‍රියාත්මක වන තැලසීමියා රෝගීන්ගේ දෙවැනි නිවහන ගැන ඉදිරි දිනකදී බලාපොරොත්තුවන්න.
No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.